Thursday, February 20, 2020

යකඩ මිතුරා විද්‍යා ප්‍රබන්ධය







කුස්සියේ වූ ජනේලයෙන් මා බලාසිටියේ අප වතුර ගැනීමට පුරුදු වී සිටි දොළ පහර දෙසයි. මීට වසර කීපයකට පෙර මම මේ නිවස ආ කාලයේ ඉතා පිරිසුදු ජලයෙන් පිරී ඉතිරුණු මෙම දොළ මේ වනවිට ගද ගහන වගුරක් බවට පත්වෙමින්තිබිණි. වතුරට  හිරුඑළිය වැටී දේදුණු පැහැයෙන් වර්ණවත් රටා ලෙසපෙනුණේමෙහි ජලයට මිශ්‍රවූ තෙල් තට්ටුය.  දොළට එහායින් වූ අලවගා බිමටද අත්වී තිබුණේ මෙම ඉරණමමයි. ඉතා විශාල වගා බිමක් වූ මෙය වසරින් වසර ප්‍රමාණයෙන් කුඩා වෙමින් තිබිණි. අස්වැන්න අඩු වීම නිසා මෙහි වගාවල නිරත වී සිටි පුද්ගලයෝ බහුතරයක් එය අත් හැර දමා ගොස් තිබිණි. වාතයේ නිතරම වූයේ තෙල් සුවදයි. මේ සියල්ලටම හේතූ වූයේ අප ගම්මානය අසල අලුතින් නිර්මාණය කළ  බොරතෙල් පිරිපහදු මධ්‍යස්ථානයයි.
කල්පනා ලෝකයේ ගිලී සිටි මා එයින් ඇහැරුණේ ඈතින් ඇසුණු ගීයක හඩටය. ඒ මගේ සැමියාගේ කටහඩයි. ඔව් ඔහු අදත් බීලා. ඔහුට මත්පැන් බීමට විශේෂ හේතුවක් ඕනෙ වුණේ නෑ. පැරණි රැකියාව අහිමි වූ පසු ඔහු අසල කුඩා නගරයේ අවන්හලක රැකියාව සිදු කළා. බීමතින් නිවසට පැමිණෙන ඔහු නිතරම පාහේ මා සමග අඩදබර කරගනී. එමනිසා ඔහු එසේ පැමිණෙන විට මා කරන්නේ ඔහුව මගහැර සිටීමය. ටික වේලාවකට පසු නිවසට නැවතත් පැමිණි විට තරමක් හෝ ඔහු සන්සුන්ව සිටී.
වෙනදා මෙන්ම මම අදත් අපගේ නිවසත් තෙල් නළ මාර්ගයත් අසල.වූ විශාල ගස් අතරට ගියා.
මගේ සැමියාත් පමණක් නොවේ අපගේ ඩෙල්ටා ගම්මානයේ සිටි බොහොමයක් ගැහැණුන්ගේ සැමියන්ගේ ගතිගුණ වූයේ මෙයයි. නිදහසේ ගොවිතැන්බත් සිදු කරගෙන ජීවත්වූ ඔවුන් හට සිදුවූ කරදර වලින් ඇතිවූ සිත්තැවුල් නිවා ගත්තේ මත්පැන් වලිනි . නමුත් ඒවයින් ගැහැණුන්ට සිදුවූයේ ඊටත් වඩා කරදරයකි. ඇත්තටම මගේ සැමියා මේආකාරයෙන් ජීවත්වූ පුද්ගලයෙකු නොවේ.අප විවාහ වූ කාලයේ ඉතාමත් සතුටින් අපි ජීවත්වුණා. තෙල් නළ නිසා ඇතිවූ පරිසර වෙනස්වීම් නිසා ඔහු රැකියාවන්කල ගොවිපළේ රැකියාව අහිමිවීමත් සමග ඔහු ට අත්වූයේද මේ ඉරණමයි
වත්ත පහළට යද්දී මම මගේ තනියට රැගෙන යාමට පුරුදු වී සිටියේ මගේ සීයාගේ ගිටාරයයි. Abura නම් ගසේ ලීයෙන් නිර්මාණය කර තිබූ එය නිර්මාණය කර දශක ගණනාවක් ගත වුණත් තවමත් ඉතාමත් හොද තත්වයේ තිබුණි. එම දැවය කොතරම් හොද නිර්මාණයක් ද යත් තවමත් එය නහයට කර බැලූ විට තවමත් නැවුම් සුවදක් දැනේ. මගේ පියා පැවසූ පරිදි මෙය එමජාතියේ මේ ඩෙල්ටාවේ තිබූ අවසන්ශාකයෙන් නිර්මාණය කරන ලද්දකි.
මම කුඩා කාලයේ මගේ පියා නිවස ඉදිරිපිටට වී සවස ට ගිටාරය වාදනය කරයි. එවිය අවට නිවස් වල.සිටින අපගේ අසල්වැසියන්ද පැමිණ අත්වැල් අල්ලා ගීත ගායනා කරයි. බොහෝ සැදෑවල අපගත කලේ මෙසේ සතුටින්. මම කුඩා කාලයේ සිටම මගේ පියා ගිටාරය වාදනය කරනු බලා සිටියාය. ඇත්තෙන්ම ඔහු දක්ෂ වාදකයෙක්. ඔහුගේ දිගු ඇගිලි තත්මත එහා මෙහා ගෙන යමින් විවිධ ගීත වාදනය කලේ. මගේ වැඩිමල් සහෝදරයා මෙයට අකමැතිවුවත් මා ගිටාරයට දැක්වූයේ දැඩි ඇල්මකි.  මගේ මේ ඇල්ම හදුනාගත් මගේ පියා ඔහු දත් සියලු දේ මට උගැන්වූවේය. ටික කලකට පසු මම ඔහු මෙන්ම දක්ෂ ලෙස ගිටාරය වාදනයට පුරුදු පුහුණු විය.
ඒදා හැන්දෑවෙත් මම ගිටාරයත් ගෙන වත්ත පල්ලෙහා වාදනය කරමින් සිටි. මට තවමත් හිතාගන්න බැරි අප අතර මෙතරම් ගැටුම් ඇති වුණත් ඔහු මගේ ගිටාරයට කිසිවක් සිදු කළේ නැහැ. සමහර විට මට එය නොමැතිව සිටීමට නොහැකි බව ඔහුට තේරුම් යන්නට ඇති. ගිටාරයට කුමක් හෝ සිදු වුණොත් ඇතැම්විට මම ජීවිතය නැතිකර ගනීවී යැයි ඔහුට සිතෙන්නට ඇති. මා ඉදිරිපසින් වූයේ විශාල තෙල්.නළ මාර්ගයක්. මට මතක ඇති කාලයේ පටන් මෙම තෙල් නළ අප ගම හරහා ගමන් කරයි. මගේමව පුංචිකාලයේ නම් මෙම නළ මත දිගා වී ඒවායේ තෙල් ගමන් කරන හඩට සවන් දෙමින් සෙල්ලම් කර ඇත. නමුත් දැන් කවුරුහෝ එසේ කළහොත් ඔහුට හෝ ඇයට සිදුවන්නේ භයානක අත්දැකීමකට මුහුණ දීමටයි. ඒ මෙම තෙල් නළවලට යක්ෂයා ආරූඪ වෙන්නට පෙර කාලයයි. නමුත් මා අද පැමිණියේ ජීවීතයට කුමක් වුණත් කමක් නෑ කියන අරමුණ ඇතිවයි. මට ඇත්තටම මේ ජීවිතය තිත්තවෙලයි තිබුණේ. මම ගිටාරයත් රැගෙන නළමාර්ගය ලගටම ගියා. ඇත්තටම මේ වගේ නළමාර්ගය අසලට යාම මරණයට අතවැනීමක් යැයි මම දැන සිටියා. මටත් අවශ්‍ය වුණෙත් එයමයි. මම  නළමාර්ගයට අඩි කීපයක් මෙහයින් සිටගෙන වටපිට බැලුවේ කවුරුන්හෝ අසල සිටිනවාද යන්නයි. මගේ තනියට එදා සිටියේ මදුරුවන් විතරයි. ඒ උණුසුම් හැන්දාවක් වුණා. අපේ අසල්වැසි නිවසේ කාන්තාව බේසමකට වතුර පුරවා තම දරුවන් නහවමින් සිටි අතර ඊට එහා නිවෙස් කීපයක මිනිසුන් කාඩ් සෙල්ලමේ නිරත වෙමින් සිටියා. ඇත්තෙන්ම සවස් වූ පසු මේ ස්ථානයන්ට කිසිවෙකු නොපැමිණෙන නිසා මට තනියම සිටීමේ හැකියාව ලැබුණා.
හොද හුස්මක් ගත් මම ගිටාරය වාදනය කරන්නට පටන් ගත්තා.මම වාදනයකළේ මගේ පියා නිතරම වාදනය කරන්නට පුරුදු වී සිටි තනුවක්. දෑස් පියාගෙන එය වාදනයකරන විට මට නිතරම මැවී පෙනුණේ මගේ ආදරණීය පියායි.
මම කොතරම් වෙලා එය වාදනය කළාදැයි මම දන්නේ නෑ. දෑස් විවර කර බැලූ මම දුටුවේ බටහිර අහසේ ඉර බැස යන දර්ශනයයි.
ක්ලික්....මගේ පසෙකින් ඇසුණු ශබ්දයක් නිසා මම වාදනය නතර කළා. ඇත්තටම මම  ගල් වුණා කිව්වොත් නිවැරදියි. මොකද ඒ සද්දේ ඇහෙන්නේ කොහෙන්දැයි මම දැනගෙන සිටියා.  කල්ගත වෙනකොට මෙම නළමාර්ගයට ඇතිවූ සොරසතුරු කරදර නිසා රජය මෙහි ආරක්ෂාවට යම් උපකරණ වගයක් යෙදෙව්වා.Anansi Droids 419 යන නමින් හැදින්වූ කෘත්‍රිම බුද්ධියක් තිබූ රොබෝ යන්ත්‍ර කීපයක්.නමුත් අපි ඒවාට කතා කලේ පිල්ලි කියලයි. නිතරම මෙහි ප්‍රතිසංස්කරණ කටයුත් වලට එහෙ මෙහෙ ඒවා ගමන්කරන විට මෙවැනි ශබ්දයක් ඇසෙන බව මම අසා තිබුණා.  ප්‍රතිසංස්කරණ කටයුතුවලට අමතරව මේවයේ ආරක්ෂාවද එම යන්ත්‍ර වල රාජකාරියක් වුණා..මේවා කිසිම කෙනෙකුවත් පාලනය නොකරූ අතර සම්පූර්ණ කෘත්‍රිම බුද්ධියෙන් ක්‍රියා කෙරිණ. එමෙන්ම ඒවාගේ ප්‍රතිසංස්කරණ කටයුතුද සිදු වූයේ ස්වංක්‍රීයවය.කවුරුන් හෝ නළමාර්ගය අසලට වැරදීමකින් හෝ ගියොත් ඒ කෙනාට සිද්ධවෙන්නෙ එම යන්ත්‍ර වලට මුහුණ දෙන්න.
 හිත ශක්තිමත් කරගත් මම නොසෙල්වී සිටියේ ඇස් දෙකත් පියා ගනිමින්.
ක්ලික්....දෙවෙනි පාර ඒ සද්දේ පෙරට වඩා ලගින්ම  ඇහුණා..
ක්ලික් ක්ලික් ක්ලික් ක්‍රමයෙන් හඩ වැඩිවෙමින් ඇසෙන්නට වුණා.
මේවනවිට මගේ මුලුසිරුර ම වෙව්ලන්නට පටන්ගෙනයි තිබුණේ. මගේ හෘද ස්පන්දනය මටම ඇසෙන්නට පටන් ගෙන තිබුණා. මම මැරෙන්න හිතාගෙන සිටියත් දැන් දැන් මට මරණ බයදැනෙන්නට පටන් අරන්.  මීට කලින් මෙම පිල්ලිවලට අහුවුණු ගමේ සමහරුන්ට සිදුවූ දේවල් එකිනෙක මගේ මතකයට එන්නට වුණා.
1
ට්‍රින්.... එකපාරම ගිටාරයේ තතක් හැඩවෙන්නට වුණා.
ඊළග මොහොතේ මගේ එක් ඇගිල්ලක් සීතල අතක් වැනි දෙයකින් ස්පර්ශ වුණා.
ට්‍රින්...ඒ ශබ්දය ඇහුණේ මගේ ඇගිල්ල ගිටාරයේ තත් මත ගමන් කරද්දී.
මට කෑගහන්න ඕනෙ වුණත් මගේ කටින් ශබ්ද පිටවුණේ නෑ.මම හෙමින් මගේ ඇස් ඇරල බැලුවා. ඇත්තටම මම හෘද රෝගියෙක් නොවීම ගැන ඒ වෙලාවෙ සතුටු වුණා. මොකද ඒ දැනුණු කම්පනයනම් ජීවීතේට අමතක වෙන්නැති වෙයි.

අඩි තුනක් පමණ උස ඒ දෙය මගේ ඇස් ඉස්සරහ තිබුණා. වත්ත පහළ නළමාර්ගය වල නිතර මෙවැනි දේ දැක තිබුණත් ඒවා ලගටම දැක තිබුණේ අපේ ගමේ කීපදෙනෙක් විතරයි.
මම ඒ යන්ත්‍රය දිහා හොදින් බැලුවා. එයට පාද  8ක් තිබුණා. අදුරේ වුණත් එම පාද හොදින් දිලිසුණා. ඒක හරියට විශාල මකුළුවෙක් වගේ. ඒව ගමන් කළෙත් මකුළුවන් ගමන් කරන ආකාරයටම තමා. එම රොබෝ පහත් වී මගේ ගිටාරය හොදින් පරික්ෂාකරන බවක් පෙනුණා.
ආයෙමත් සැරයක් මගෙ ඇගිල්ල අල්ලාගත් එම රොබෝ ගිටාරයේ තතක් කම්පනය කලා.
මම ඉක්මනට මගේ අත අහකට ගත්තා. ඒ සමගම එය හිස ඔසවා ඔහුගේ නිල්පැහැ රවුම් ඇස් වලින් මගේ දිහා බැලුවා. මගේ ගමේ කවුරුත් මේ තරම් ලගින් පිල්ලියක් දැකල නැතුව ඇති.!

ඒක ආපහු සැරයක් මගේ අත අරගෙන ගිටාරය උඩින් තිබ්බා.. ඒ වෙලාවෙ එය කියන්න ගිය කාරණේ මට තේරුණා.
"ඔයාට ඔනෙ මම මේක වාදනය කරනව බලන්නද?" මම ඇහුවා


මම දිහා ටිකක් වෙලා බලන් හිටි රොබෝ ටිකක් ඈතින් පයිප්ප බටයක් උඩ වාඩි වෙලා බලන් ඉන්න වුණා.
සෑහෙන කාලෙකට පස්සෙ කෙනෙක් මම ගිටාරයගහනව බලන් ඉන්නව.😍 මම මගේ ප්‍රියතම ගීතය වාදනය කරන්නට වුණා.
ඇත්තටම රොබෝ මම ගිටාරය වාදනය කරනව අහගෙන ඉන්නව. විනාඩි දහයක් විතර එක දිගට වාදනය කරයින් පස්සෙ මම නතරකරා.
ටිකක් වෙලා බලා හිටපු රොබෝ නැගිටල යන්න ගියා.
                     ........................
                   
මේ නළමාර්ගය වල  ගමනාන්තය වුණේ අපරටේ ප්‍රධාන නගරය . නගරයේ ඉන්ධන අවශ්‍යතාව සම්පූර්ණයෙන් රදා පැවතියේ මේ මත. එතරම් වැදගත් කාර්‍යයක් අපේ ගමෙන් සිදුවුණත් අපට රජයෙන් ලැබුනු දෙයක් නම් නෑ මේ පිල්ලිවල කරදරය ඇරෙන්න.මුලින්ම මේව අපේ ගමට ආවාම අපි ඒ ගැන මොකුත් දැනගෙන හිටියේ නෑ. නළමාර්ග අසල රෑට සැරිසරන සුදු පාට යෝධ මකුළුවෝ පිරිසක් ඉන්න බව කටකතාවක් පැතිරුණා. එම මකුළුවන් ගින්දර පිටකරන බවද ඒවයින් කියවුණා.

රාත්‍රියේ තෙල් සොරකමේ ගිය ඇතැමුන්ගේ පිලිස්සුනු සිරුරු නළමාර්ගය අසල වැටී තිබුණා. පිල්ලි සිටියත් තවමත් සොරකම සිදුවෙනවා. මගේ සැමියාත් ඔහුගේ මිතුරන් සමග තෙල් හොරකමේ යනවා.මං හිතන්නෙ ඔහු හන්දියේ කලු කඩ කාරයාට විකුණනව ඇති. සමහර දවස්වලට ඔහු ඒ තෙල් බාල්දි නිවසටත් රැගෙන එනවා. අපේ ගොවිබිම් විනාශ කළ.ඔවුන්ගෙන් පොඩ්ඩක් සොරකම් කළා කියල මොකුත් වෙන්නෑ කියලයි ඔහු කියන්නේ. ඒත් තෙල් සොරකම් කිරීම ඉතා භයානකයි.ඔවුන් තෙල් නළ සිදුරු කිරීමට භාවිතා කලේ අපේ ගමේ රෝහලින් හොරකම් කරපු ලේසර් කටර් එකක්.ලේසර් කටර් එකකින් වුණත් ඒක කරන්නෙ ඕනි හුගක් පරිස්සමින්. එක පුංචි ශබ්දයකින් කම්පනයකින් එක විනාඩියකින් පිල්ලි එතනට එනව. මගේ සැමියගේ යාළුවන් හුගක් පිල්ලිගෙන් මැරුම් කෑවා.
මීට වසර දෙකකට විතර කලින් ළමයි වගයක් මේ තෙල් නළ ලග සෙල්ලම් කර කර හිටියා. වැරදීමකින් එයින් දෙදෙනෙක් මේ මත ඇදගෙන වැටුණා. එක තත්පරයෙන් පිල්ලියක් ඒ ලගට ඇවිත් තිබුණා. එක්කෙනෙක් නම් එතනින් බේරෙන්න පුළුවන් වෙලා තිබුණා. ඒත් අනිත් කෙනාව පිල්ලියට අහුවෙලා තිබුණා. පස්සෙ හොයල බලනකොට ලග තිබ්බ පදුරක් අස්සෙ ඒ ළමයා හිටියා. හැබැයි එක අතකුයි කකුලකුයි නැතුව. මේ ගැන පැමිණිලිකරන්න ගියාම රජයේ නිළධාරීන් නම් කිව්වෙ මේ අය ප්‍රෝග්‍රෑම් කරල තියෙන්නෙ මිනිසුන්ට අවම ලෙස හානිකරන්න කියල. මේ තමයි අවම හානිය.
එදායින් පස්සෙ කවුරුත් මේ නළමාර්ගය ලගට යන්න බයවුණා. කොයි වෙලාවෙ මේ පිල්ලි අපි ලගට එයි කියල දන්නෙ නෑනෙ.
            .................................................

මම නිතරම වත්ත පිටිපස්සට වෙලා ගිටාරය වාදනය කරන්න පුරුදුවෙලා හිටියා. හුගක් වෙලාවට මගේ මිත්‍ර පිල්ලිය එතනට ආවා. මගේ වාදනය අහන්නමද මම දන්නෙ නම් නෑ..ඇත්තටම රොබෝ කෙනෙකුට ගීත රසවිදින්න පුළුවන්ද කියලවත් මම දන්නෙ නෑ.  හැබැයි මම ඒ රොබෝ වෙනුවෙන් වාදනය කරන්න ආසා කළා.
දහවල් කාලයේ නිවසේ සිටීම ඉතාමත් වෙහෙසකර කටයුත්තක් වුණා. අපේ නිවස තිබුණේ ගම්මානයේ කෙළවර ට වෙන්න නිසා අසල්වැසියෙක් වුවත් පැමිණුනේ කලාතුරකින්. එයින් සිදුවූ එකම වාසිය අප දෙදෙනාගෙ අඩදබර ගැන කිසිවෙක් දැන නොගැනීමයි.නමුත් සෑම දිනකම පාළුවෙන් කාලය ගත කිරීම මට එපා වෙලයි තිබුණේ. මට රැකියාවක් කිරීමට අවශ්‍ය වුණා. අපේ ගමේ ප්‍රාථමික පාසලට සංගීත ගුරුවරියක් අවශ්‍යව සිටිනබව මට දැනගන්න ලැබුණා.

කාලෙකට පස්සෙ මගේ සැමියා බීමත් නොවී එදා නිවසට පැමිණියා. එවැනි දවසට මම ඔහු මගහරිනවා වෙනුවට දොර ලගට ගොස් පිළිගන්නවා. එදත් මම ඔහු සමග කෑම කාමරයටම ආවා.  එදා රෑට අපි දෙන්නම එකට කෑම ගත්තා.

ඔයාට තව මොනවහරි ඕනිද?

ආ නෑ සුප් එකනම් අද ගොඩක් හොදයි

වෙනදට ඉතින් සීතල වෙලානෙ කන්නෙ

රෑ කෑම අරගෙන ඔහු ටීවි එක බලන්න පටන් ගත්‍ත නිසා මම ගිටාරය රැගෙන වත්ත පහළට යන්න හැදුවා

මම පිටිපස්සට යනවා

පයිප්ප ලගට එහෙම යන්න එපා පරිස්සමෙන්

එදත් වෙනදා වගේම මගේ රොබෝ මිත්‍රයා එතනට ආවා. අදට අපි දෙදෙනගෙ මිත්‍රත්වයට හරියටම මාසයක්. ඉතින් මම ඒක සමරන්නත් එක්ක ඔහුගේ කකුළක නිල්පාට සමනලයෙක් ඉන්න ස්ටිකරයක් ඇලෙව්වා. දවල් වෙලාවෙ වැඩකරද්දි නිතරම නළමාර්ගය දිගේ රොබෝවරු වැඩට එහෙ මෙහෙ යනවා. මේකෙන් මට මගේ මිත්‍රයාව හදුනාගන්න පුළුවන්.

සුභ සන්ධ්‍යාවක්
ඉතින් අපි මොකද්ද අද කියන සින්දුව
මම ටිකක් වෙලා කල්පනා කරල බොබ් මාලෙගෙ ගීතයක් තෝරගත්‍තා

ඒත් එක්කම රොබෝ හිටපු තැනින් නැගිටලා  මම ලගට එන්න ගත්තා. එහි හිස වැනි කොටස විවෘත වෙලා පොඩි පෙට්ටියක් වැනි කොටසක් එළියට ආවා. ඒ වෙලාවෙ නම් මම ඇත්තටම බය වුණ.කුමක් හො නරක දෙයක් සිදුවෙන්න යනබව හිත කිව්වා.මම මෙච්චර කල් ගනුදෙණු කලේ කිසිම හැගීමක් නැති යන්ත්‍රයක් එක්ක කියන එක මට අමතක වෙලයි තිබුණේ. ඉක්මනින් එතනින් ඉවත් වෙන්න කියල මගේ හිත කිව්වා. ඒත් එක පාරම සිදුවූ දේ මටත් හිතාගන්න බැරිවුණා. ඒකෙන් එක එක ශබ්ද ඇහෙන්න පටන්ගත්තා  මිනිස්සු කතාකරන හඩ, සතුන්ගේ ශබ්ද, යකඩ එකට වැදෙන ශබ්ද වගේ.තව සමහර දවස් වලට මම කියපු සිංදුවගේ දේවල්.
එය  ඉදිරියට ඇවිත් බොබ් මාලේගේ සිට සනී ඇඩේ සිට කාලෝස් සැන්ටානා දක්වා මගේ ප්‍රියතම ගීත වාදනය කිරීමට පටන් ගත්තේය. එවිට එහි සංගීතය කෙතරම් සංකීර්ණ හා සුන්දර දෙයකට ගැඹුරු වීද යත්, මා ප්‍රීතියෙන්, විස්මයෙන්, ප්‍රීතියෙන් කඳුළු සැලුවා.
එදා හවස් වරුවම මම ඒවට සවන් දෙමින්කාලය ගතකළේ.
.                     ......................

ඔය සිද්ධියෙන්දවස් දහකට විතර පස්සෙ ඩෙල්ටාවේ කෙළවරේ හිටපු හමුදාකණ්ඩායමකට පිල්ලි කණ්ඩායමක් පහර දී තිබුණා. ඔවුන්ගෙන් පහර කෑ බොහොමයක් දෙනාගේ අත පය ගැලවී තිබූ සිරුරු තැන්තැන් වල විසිරී තිබෙණු දක්නට ලැබුණා. එම පිරිසෙන් ඉතා සුළු පිරිසක් පණ බේරාගෙන තිබුණා. ඔවුන් පැවසුවේ දැන් රොබෝවරු කිසිවෙකුටවත් පාලනය කළ නොහැකිබවයි. එහි සිටි එක් හමුදා සෙබලෙක් ඔවුන් දෙසට අත්බෝම්බයක් පවා එල්ල කළ බවත් එමගින්වත් ඔවුන්ට හානියක් සිදුනොවුණ බවත්‍ ය. ඔවුන් වටා යම්කිසි බල ආවරණයක් වැනිදෙයක් ඇති වූ බවත් නළ පිපිරීම් වලදී ආරක්ෂාවීමට ඔවුන් යොදාගන්නා.
මේ සිද්ධියෙන් පස්සෙ මිනිස්සු පිල්ලි ගැටුම්ද තවත් වැඩිවුණා. මිනිස්සු පිල්ලි විනාශ කරන්නත් පිල්ලි කණ්ඩායම් ලෙස ගොස් මිනිස්සුන්ට පහර දීමත් ඇරඹුණා. වෙනදා නළමාර්ගය අසලට සීමාවි තිබූ මෙම සටන දැන් දැන් අසල මාර්ගය දෙසටත් පැතිර තිබුණා. තිබූ බය තවත් වැඩිවුණා. දැන් දැන් ඔවුන් එළිපිටම මේ ගැන විරෝධය රජයට දක්වන්න පටන් ගත්තා. පුවත්පත් වල පවා මේ ගැන ලිපි පළවුණා. නමුත් රජය පාර්ශවයෙන් පැවසුවේ මෙම රොබෝවරු සකසා ඇත්තේ මිනිසුන්ට අවම ලෙස හානිදක්වන ලෙසටත්.නමුත් කුමක් හෝ වැරැද්දක් සිදුවී ඇති බවටත්‍ ය.  හරියට රොබෝවරු එකතුවී යම් කැරැල්ලක් ඇතිකරනවා වගේ.

දවසක මුං අපි හැමෝමව ම මරලා දාවි
.මගේ සැමියා මේ ගැන පුවත්පත් වලපළවූ විස්තර කියවමින් පැවසීය.
මම නැවතත් මගේ මිතුරු රොබොවෙත නොයෑමට තීරණය කළා. ඕනෑම මොහොතක ඔවුන් වෙනස් විය හැකියි.
3

එදා තරමක් රස්නෙ දවසක්.. නින්දේ සිටි මම එක පාරම ඇහැරුණේ රස්නෙ හින්දමද නැත්නම් මම දැකපු හීන නිසාද කියන්න මම දන්නෑ.. මම දැකපු හීනෙ ගැන කල්පනා කරන්න පටන්ගත්තා.
මම අපේ ගමේ ළමයින්ට සංගීතය උගන්නමිනුයි හිටියේ. එක පාරම ළමයි මගේ පිටිපස්සෙ දේකට බය වෙලා වගේ බලාගෙන හිටියා. පුදුමෙන් වගේ ඒ පැත්ත හැරිල බලපු මම දැක්කෙ පිල්ලියක් අපේ ලගට ඇවිල්ල ඉන්නව. වෙනද දකින සුපුරුදු ඇස්වෙනුවට එදා තිබුණේ රතුපාට ඇස් දෙකක් ..පිල්ලිය එක පාරම අපේ දිහාට එන්න ගත්තා.
මම ගැස්සිලා ඇහැරුණේ ඒ වෙලාවෙ. මොකක් හරි නරක දෙයක් වෙන්න යනව.මට හිතුණා. මම මගේ සැමියා දිහාට හැරිල බැලුවා.ඔහු තද නින්දේ. හීනෙ නිසා මගේ කැලැබිලා තිබුණ හිතා හදාගන්නත්. අධික රස්නෙ නිවා ගන්නත් කියල මම ගෙදර පිටිපස්සට ගියා. වළාකුළු බිදක් වත් නැති තරු පිරි අහස දිහා මම බලන් හිටියා. සති ගාණකින් අපිට වැස්ස නෑ. ගොවිතැනක් හරි ගියෙත් නෑ. මේ තෙල් ජාවාරම හින්දා අපේ දොළත් ජරා වෙලා කොටින්ම බොන්නවත් වතුර හොයාගන්නෙ අමාරුවෙන්. මේක නම් හරිම වදයක්. මම කල්පනා කළා.

එමී.. එමී.. එක පාරම මගේ සැමියා මාව අමතන සද්දෙ ඇහුණා
මම නිදන කාමරයට දුවගෙන ගියා.

සැමී කෝල් කරා. එකතැනක තෙල් නලයක් පිපිරිලාලු.පිල්ලියක් ලග පාතකවත් නෑලු. ඔය ගිටාර් එක විසිකරල දාලා එනව යන්න.

මේ තියෙන තත්ත්වෙත් එක්කල මිනිස්සු හුගක් හොරකම් කරන්න පුරුදු වෙලා තිබුණා. පිල්ලිද ඒ එක්කම් ප්‍රතිචාර දක්වන විදියත් වෙනස් වෙලා තිබුණා.

කටකතා කොච්චර වේගයෙන් පැතිරෙණවද? හැමෝටම ගිහින් තිබුණේ එකම පණිවිඩයක්.
" ඉස්කෝලෙ ලග තෙල් නළේ කැඩිලා. පිල්ලි ලගපාතක නෑ. "
අපි එතනට යනකොටත් එතන තිබුණේ මහත් කලබලයක්.
ගමේ හැමෝම වගේ භාජන අරගෙන එතනට ඇවිති තිබුණා. හැමෝගෙන අතේ බාල්දියක්, භාජනයක් තිබුණා. හැමෝගෙම අරමුණ වුණේ පුලුවන් තරම් තෙල් ප්‍රමාණයක් තමන් සතු කරගන්න. කොටින්ම එක්කෙනෙක් ලොකු බෑග් එකකුත් අරන් ඇවිත් තිබුණා.
සාමාන්‍යයෙන් නළයක බිදහෙලීමක් වුණොත් පැයකින් වගේ රොබෝල ඇවිත් ඒක හදනවා. ඒත් දැන් පැය දෙකක් තිස්සෙ කිසිම දෙයක් වෙලා නෑ. ඒ අතර මගේ සැමියා ඇතුළු පිරිසක් නලයේ තව කොටසක් ගලවා ඉවත් කළා. දැන් එතන එකම තෙල් ජලාශයක් වෙලා. මිනිස්සු තෙල්.නාගෙන තෙල් එකතු කරනවා.
කරදරයක් නැතුව මිනිස්සු වැඩි ප්‍රමාණයක් තෙල් නළ ගාව ගැවසුණු පළවෙනි පාර වෙන්නැති. මේ සිද්දීයෙන් වැඩිපුරම සතුටු වුණෙ පොඩි ළමයි. ඔවුන් හැමදෙනාම එහෙමෙහ් දුව දුව සෙල්ලම් කරා. මේ අත්ස්‍ර මෙගේ සැමියා දෙවෙනි තෙල් බාල්දියත් අරගෙන මම ළගට ආවා.

මේක අරගෙන ගෙදර යන්න.

ඔයත් එන්න එයාල ඒවි දැන්

ඉන්න ඉන්න මම මේකත් පුරවගෙන ම එන්නම්.
මගේ සැමියා ආපහු යනවත් එක්කම මිනිස්සු ටිකක් කලබල වෙන්න ගත්ත
ඒ ඇයි කියල මම දැක්කෙත් ආපහු හැරුණාම

පාර දිගේ පිල්ලි එන්න පටන් අරන්
මිනිස්සු හැමතැනම දුවන් ගත්තා. හුග දෙනෙක් ඒ වෙලාවෙත් තෙල් වලට බැහැලයි හිටියේ.
මගේ සැමියා මගේ පැත්ත හැරිල මොනවහරි කිව්වා. ඒත් මට ඒක ඇහුණේ නෑ.
 ඒත් මට දුවන්න ලැබුණේ නෑ. ඒ වෙනකොටත් පාර පැත්ත පිල්ලි වට කරලයි හිටියේ. මිනිස්සු තෙල් වල මැදින් ඉස්කෝලෙ පැත්තට දුවන්න පටන් ගත්තා. ඒ එක්කම දුවගන ආපු පිල්ලි සමහරු අල්ලා ගත්තා. දුවන්න ගත්ත මමත් කකුළ පැටලිලා වැටුණා.
 මම ආපහු දුවන්න නැගිටින්න හදනකොටම   මම දැක්කෙ එතන හිටපු ලොකුම පිල්ලිය තෙල් ජලාශයේ ගාවට ගිහින් අතෙන් ගිනි පුපුරු නිකුත් කරනවා. ඒ වෙනකොටත් මගේ සැමියා ඇතුළු බොහෝ පිරිසක් තෙල් ජලාශයේ ඇතුලේ.
 එක පාරටම ඒ පැත්තෙන් නිකුත් වුණේ විශාල ශබ්දයක් එක්ක ලොකු එළියක්..

 මට මතක එච්චරයි.
                .........................................

මම ඇස් අරිනකොට මම හිටියේ ඇදක් උඩ.. වටපිට බලද්දී මම දැක්කේ මගේ මිතුරු පිල්ලිය ඇද එහා පැත්තේ හිටගෙන ඉන්නවා. එයාගේ එක පැත්තක් කළු පාට වෙලා පිච්චුණු ගතියක් පෙනුනා.
මට හිතාගන්න පුළුවන් වුණු දේ...තෙල් ජලාශය පුපුරනකොට මගේ මිතුරා ඇවිත් මාව බේරගන්න ඇති..ඒත් මගේ සැමියා ඇතුළු ගම්වැසියන් බොහොමයකට සිද්ධ වුණේ භයානක ඉරණමක්
................................................

No comments:

Post a Comment