"මේක තරමක අසාමාන්‍ය ඉල්ලීමක්"
Dr.වැග්නර් කතාබහ අරබමින් පැවසීය.
"මං දන්න කාලෙ ඉදලම ටිබෙට් ආශ්‍රමයකට ස්වංක්‍රීය සංඛ්‍යාංක පරිගණකයක ඉල්ලපු පළවෙනි වතාව මේ වෙන්නැති. මං මෙහෙම ඇහුවට කමක් නැද්ද දන්නෑ...මට හිතාගන්න බැරි ඇයි මේ වගේයන්ත්රයක් ඔයාලටඕනි කියල.?.මට පොඩ්ඩක් පැහැදිලි කරල දෙන්න පුළුවන්ද? ඇත්තටම මොනවද ඔයාලා ඒකෙන් කරන්න යන්නෙ ?"
"හොදයි.".ලාමාවරයා(ටිබෙට් භික්ෂුව) ගණනය කිරීම් සදහා භාවිතකරමින් සිටි සර්පණ රූල පැත්තකින් තබා සිවුර හරිගස්සමින් කතා කිරීම ඇරඹීය. "ඔබතුමාලගෙ mark V තමා අංක දහයක් දක්වා ඕනෑම ගණිතකර්මයක් ඉක්මනින්ම සිද්ධ කරන්න පුළුවන් ලෝකයේ හොදම යන්ත්‍රය. අපි කාලයක් තිස්සෙ සිදුකරගෙන එන වැඩකට අපිට ඒ හැකියාව ඕන වෙනව හැබැයි අපේ රාජකාරියෙදි අපිට වැදගත් වෙන්නෙ අකුරු අංක නෙවෙයි මම හිතනව ඔබට හැකිවේවි ඒහි ප්‍රතිදාන පරිපථ අංක වෙනුවට අකුරු පිටකරන ආකාරයට සකස් කරන්න"
මට හරියට තේරුන්නෑ.
"මේක අපි දැන් පහුගියශතවර්ශ 3ක් තිස්සෙ කරගෙන එන රාජකාරියක්.ඇත්තටම කිව්වොත් ආශ්‍රමය පටන්ගත් දා ඉදන්. ඔබට මේකටිකක් අමුතුවෙන්න පුළුවන්..මම මේක පැහැදිලි කරන්නම්"
"අනිවාර්යයෙන්"
ඒක එච්චර ම ලොකු දෙයක් නෙවෙයි. අපිදෙවියන්ට තිබිය හැකි සියළුම නම් ප්‍රමාණය සම්පාදනයකරනව.
මොකක්????
මට සමා වෙන්න
අපිට එහෙමකරන්න හේතු තියෙනවා.. ලාමා තුමා සංසුන්ව කතාකරගෙන යයි. ඒ හැම නමක්ම අපි සකස්කරපු හෝඩියේ අකුරු නවයකට වඩා වැඩි වෙන්නෑ.
ඒ කියන්නෙ ඔබතුමාල මේක ශතවර්ශ 3ක් තිස්සෙ සිදුකරනව?
ඔව්. ඒ වගේම අපි අපේක්ෂා කරනව අපිට තව අවු15000ක් වත් ගත වේවි මේක සම්පූර්ණ කරන්න.
ඔහ්.දැන් මට හිතාගන්න පුළුවන් ඇයි ඔබතුමාල අපේ යන්ත්‍රයක් කුලියට ගන්නෙ කියල. ඒත් ඇත්තටම මේකේ ව්‍යාපෘතියෙ අර්ථය මොකක්ද ?
එතුමා පිළිතුරු දීමට මදක් පැකිළෙනු දුටු වැග්නර් තමා එතුමාව තරහගැස්සුවේද කියා නමුත් පිළිතුරේ එවැනි තරහක සේයාවක්වත් නොවිණි.
ඒක නිකම් චාරිත්‍රයක් වගේ..ඒත් ඒක අපේ විශ්වාසයේ මූලිකම කාරණාවක්.
පරණ සෑම නමක්ම වගේ මිනිසා විසින් සාදාගත් ලේබල්..උදාහරණ ලෙස දෙවියන්,ජෙහෝවා,අල්ලාහ් වගේ ඒව.
මෙතන දාර්ශනිකමය ගැටළුවක් තීයෙනව..මම ඒ ගැන වැඩිය කතා කරන්න කැමති නෑ.
ඒත් අකුරුවල සම්බන්ධතා වලින් කොහේහරි අපිට දෙවියන් සදහා වූ නියම නම සොයාගන්න පුළුවන්.අපි යොදාගන්න බලාපොරොත්තු වෙන්නෙ විධිමත් ක්‍රමවේදයෙන්.
හරි.....ඒ කියන්න ඔබලා AAAAAAAAAපටන් ගෙන ZZZZZZZZZ.දක්වා උත්සහ කරනව.
අනිවාර්යයෙන් ඒ එක්කම අපි මේකට විශේෂිත හෝඩියක් යොදාගන්නව. ඒ එක්කම අපිට මේ උපකරණයන් මේ වැඩේට ගැලපෙන විදියට පොඩ්ඩක් වෙනස් කරන්න වෙයි..විශේෂයෙන්ම විකාරරූපි වචන සම්බන්ධතා නැතිවෙන විදියට පරිපථ වෙනස්කරන්නත් වේවි..උදාහරණයකට එකලග එකම අකුර තුන්පාරකට වඩා තියෙන්න බැහැ.
තුනක්...මං හිතන්නෙ දෙකක් නේද කියන්න අදහස් කලේ.?
නෑ ඔබටඇහුවන හරි තුනක් තමා...ඒක හරියටම තේරෙන්නෙ නැතිවෙයි අපේ භාෂාව ගැන අවබෝධයක් ඔබට නැතිනිසා.
එහෙමද..හරි කමක් නෑ...ඊටපස්සෙ.
මේක ඔබේ යන්ත්‍රයට ඉතා සුළුකාර්ය්යක් වේවි..එක පාරක් දත්ත ලබා දුන්නාම ස්වංක්‍රීයව අපිට අවු.15000ක් ගතවන එක දින 100කින් කරන්න පුළුවන් වේවි.
වැග්නර් සිහි එළවාගෙන කල්පනාකරන්න පටන්ගත්තේය. ලොකයේ එක් කොටසක මෙම භික්ෂූන් පිරිස පරම්පරාවෙන් පරම්පරාවට මෙම තේරුමක් නැති වචන සම්පාදනය කරමින්සිටී.ඇත්තටම මිනිසුන්ගේ මෝඩකම්වලට සීමවක් නැතිද? ඒ කෙසේවෙතත් ඔහු තම සිතුවිලි පිටතට නොපෙන්වීමට වගබලා ගත්තේය.
අපිට mark,v ඔය කියන විදියෙ ප්‍රතිදාන දෙන විදියට වෙනස්කරන්න පුළුවන්..ඒකෙ කිසි සැකයක් නෑ.මං මේ කල්පනාකරේ කොහොමද ඒක අරන් යන්නෙ..maintain කරන්නෙ කියලයි.. ටිබෙට්වලට ගෙනියන එක ලේසි නෑ.
ආ ඒක එච්චර දෙයක් නෙවෙයි.ඒ වගේ යන්ත්‍රයක්
ඒක අපිට බලාගන්න පුළුවන්. අංගෝපාංගයන් ගුවනින් ගෙනියන්න පුළුවන්නෙ. .
ඔව්
එහෙනම් ඒ ටික අපිට ඉන්දියාවට ගෙනත් දෙන්න. එතනින් එහාට අපි ප්‍රවාහන පහසුකම් දෙන්නම්.ඒ එක්කම අපිට පරිගණකය ඉන්ජිනේරුවෝ දෙන්නෙකුත් ඕනිවේවි..මේ කටයුතුවලට
මං හිතන්නෑ කාර්ය මණ්ඩලය ක් හදාගන්න අමාරුවේවි කියල
හැබැයි පොඩි ගැටළු දෙකක් තියෙනවා
ඔහුට කතාව අවසන්කිරීමට පෙරම ලාමා තුමා යම් කඩදාසි කැබැල්ලක් මේසය මත තැබුවේය.
මේ මගේ බැංකු ගිණුම් විස්තර ආසියානු බැංකුවේ
කෝ බලමු..ආ ඒක ප්‍රමාණවත්
දෙවෙනි කාරණාව මම අහන්නමයි හිටියෙ
කොහොමද මේකට බලශක්තිය සපයන්නෙ
අවුරුදු පහකට විතර කලින් ගෙනාපු ඩීසල් ජෙනරේටරයක් අපිගාව තියෙනව. පන්සලේ වැඩ වෙලට ගෙනාවෙ.. කිලෝවොට් 50ක් විතර විදුලිය නිශ්පාදනය කරනව.
මං හිතන්නෙ ඒක ඇති වෙයි.
2
තාප්පෙන් එහා දර්ශනය දෙස දිගටම බලාසිටියොත් කෙනෙකුට කරකැවිල්ල ඇතිකරන සුළුයි. නමුත් පසුගිය මාස තුනක් තිස්සේ නිතර දැක පුරුදු නිසා ජෝර්ජ් හැන්ලිට නම් තමාට පහළින් වූ ඒ අඩි 2000ක් ගැඹුරු ආගාධය තවදුරටත් අපූරු දෙයක් වුණේ නැත.
ඔහු කිසිමදාක නමක් දැනගැනීමටවත් උනන්දුවක් නොදැක්වූ ඉදිරියේ වූ කදු වළල්ල දෙසින් හමා එන සිහිල් සුළං රැල් වල පහස ලබමින් ඔහු තම කාමරය තුළ විවේක ගනිමින් සිටියේය. ඔහු කල්පනාකරමින් සිටියේ ඔහුගේ රාජකාරිය පිළිබදවයි.ජෝර්ජ් මෙතෙක් කල් සහභාගී වූ අසාර්ථකම ව්‍යාපෘතිය මෙය බව ඔහුගේ මතය විය. ප්‍රොජෙක්ට් ශැංග්‍රිල්ලා ඔහු මෙයට දැමූ නමයි.
ඊයේ රාත්‍රියේ ලැබ් එකේ සිටින විට ඔහු දුටු දේ ඔහුට සිහිවිණි. දැන් සති ගණනාවක සිට මාර්ක් V නොනත්වාම විවිධ අර්ථ රහිත වචන නිර්මාණය කරයි. එම වචන යතුරුලියන වලින් පිටවූ පසු භික්ෂූන් ඒවා පරිස්සමට කපා යෝධ පොත්වල අලවයි. නොනවත්වාම එකම දේ සිදුවෙයි.කිසිම වෙනසක් නැත.
ඔහුගේ සතුටට කාරණයක් වූයේ මේ සියල්ල ඊළග සතියෙන් අවසන් වීම යි. දිනක් ඔහු සිහිනෙන් දුටුවේ ප්‍රධාන ලාමා තුමා සිදුකරන කතාවකි. එම කතාවේදී ලාමා තුමා ප්‍රකාශ කළේ මෙම ව්‍යාපෘතිය 2060 දක්වා දීර්ඝ කිරීමට සිදුවන බවයි.
කාමරයේ වූ විශාල ලී දොර විවෘත කරගෙන චක් කාමරය ට ඇතුළුවුය. චක් ඔහුගේ සගයා විය. මුළු ආශ්රමයේ ම ජෝර්ජ්ට විශ්වාස කළ හැකි එකම පුද්ගලයා වූ ඔහු විය.සුපුරුදු පරිදි ඔහුගේ මුවේ සුරුට්ටුවක් විය.
"ජෝර්ජ් මට පොඩි අනතුරක් ගැන අහන්න ලැබුණා" චක් කතා ව ඇරඹීය.
"මොකක්..මැශින් එක ගැන නෙවෙයි නෙ?."
ඔහුට ඇසිය හැකි දරුණුම දෙය එය විය.මන්ද එමගින් ඔහුගේ ආපසු යෑම කල්ගතවන බැවිනි.
මේ වනවිට ජෝර්ජ්ට කාර්යබහුල මෑන්හැටන් නගරය සිහිකලේ සුරපුරයක් ලෙසය.
"නෑ ! නෑ! ඒවගේ දෙයක් නොවෙයි"
ඔහු බිම වාඩි වමින් පැවසීය.
"මට දැනගන්න ලැබුණා මේවල අවසානය මොකක්ද කියල "
ජෝර්ජ් ඔහුගේ මුහුණ දෙස බැලීය.
ඔහුගේ මුහුණේ යම් බියක සේයාවක්ද විය.
මට දැනගන්න ලැබුණ ඇයි මේ දේවල් කරන්නෙ කියල
ඔයා මොකද්ද මේ කියන්න හදන්නෙ? මම හිතුවෙ අපි දන්නව කියලනෙ
ඔව් අපි දන්නව මෙයාල මොකක්ද කරන්නෙ කියලනම්..ඒත් අපි දන්නෙ නෑනෙ ඒ ඇයි කියල
ඉතින් කියන්නකො ඔයා මොකද්ද මේ කියන්නෙ කියල?
අපි එක්ක ඉන්න වයසක සෑම් ඔයා දන්නවනෙ.මිනිහ අද මාත් එක්ක කතාකරන්න ආවා..අපි කතා කර කර ඉද්දි මම කිව්ව අපි දැන් මේ වැඩේ අන්තිම හරියෙ ඉන්නෙ කියල
ඉතින් ඉතින්
මිනිහ මගෙන් ඇහුවා එයලගෙ වැඩේ අවසානය ගැන හිතල බැලුවද කියල.!!
මොකද්ද ? මම ඇහුවා
එයාලගෙ විශ්වාසයක් තියෙනවලු දෙවියන් සදහා වූ නම් සියල්ල හැදුවාම ඒව බිලියන නවයක් විතර තියෙයි කියල ගණන් බලල තියේලු .ඉතින් ඒ වැඩේ ඉවර වුණාම දේව කාරිය අවසන්..ඒ කියන්නෙ මිනිස් වර්ගයා නිර්මාණය කරල තියෙන රාජකාරිය අවසන්.එතනින් පස්සෙ මිනිස් වර්ගයා පවත්වාගෙන යෑම අවශ්‍යතාවයක් නැතිලු.
ඉතින් එයලා මොකක්ද අපිට කරන්න යන්නෙ..සියදිවි හානි කරගන්නවද??
නෑ නෑ අන්තිම නමත් හැදුනාම දෙවියන් මේ සියල්ල අවසන් කර දමාවි කියලයි කියන්නෙ
ඔහෝ.... මට තේරුණා..ඒ කියන්නෙ අපේ රාජකාරිය අවසන් වුණාම ලෝක විනාශය සිද්ධ වේවි කියලනෙ" ඔහු සිනහමුසු මුහුණින් පැවසීය..
ඕකම තමා මමත් ඇහුවේ එයාගෙන්.
මොකද දන්නවද උනේ!!!! මිනිහ මං දිහා බලාගෙන හිටියේ හරියට ටීචර් කෙනෙක් පන්තියෙ අන්තිමය දිහා බලන් ඉන්නව වගේ.
" ඊට පස්සෙ ඒක ඔය තරම් පහත් කරල හිතන්න එපා" කියල කිව්වා.
ඔයා ඒක ගැන එච්චර හිතන්න එපා. අපි කෝමත් දන්නවනෙ මේක මහ පිස්සු වැඩක් කියල. අපි ඒකට මොනව කරන්නද ?
ඒත් පොඩ්ඩක් හිතල බලන්න....දැන් මේ වැඩේ ඉවර වෙනකොට මොකද වෙන්නෙ කියල. ඒ මිනිස්සු බලාපොරොත්තු වෙනදේ සිද්ධ නොවුණාම අපිට මොකක් වෙයි කියලද? මේක අපේ මැශින් එක. අපේ පැත්තට වරද පැටවේවී. මම අන්න ඒකට කැමති නෑ.
ඒක ඇත්ත. ඒකෙ නම් ගතයුත්තක් තියෙනවා. හැබැයි මේ වගේ දේවල් මීට කලිනුත් වෙලා තියෙනවා. මට මතකයි මම පුංචි කාලෙ එක ධර්මදේශකයෙක් කියල මනුස්සයෙක් කිව්වා ඊළග ඉරිදා ලෝකවිනාශය වෙනව කියල!!! මිනිස්සු ඒක සෑහෙන්න විශ්වාස කළා. කොටින්ම ගෙවල් පවා විකුණුවා. ඒත් අන්තිම ට මොකුත් වුණේ නෑ. ඒත් මිනිස්සු කිසි දෙයක් කලේ නෑ ඒ මිනිහට. හැමෝම හිතුව් මිනිහගේ ගණනය කිරීම් වල වැරැද්දක් වෙලා කියල.
ඒත් මේ ඇමරිකාව නෙවෙයි නෙ. අනික අපි දෙන්නෙක් එතන සියගාණක්. මම හිතන්නෙ අපි කොහෙට හරි ගියොත් හොදයි.
මං දැන් ඕක සති ගාණක් තිස්සෙ හිත හිත ඉන්නෙ..
ඒත් අපිට අපිව ගෙනියන යානය එනකං යන්න විදියක් නෑ.. ඒක එන්නෙ කොන්ත්‍රාත්තුව ඉවර වුණාම.
අපිට පොඩි කඩාකප්පල් වැඩක් කරන්න පුළුවන් වේවි
පිස්සු හැදිලද ඒකෙන් වෙන්නෙ වැඩේ තවත් නරක් වෙන එක
නෑ නෑ මං කිව්වෙ එහෙම වැඩක් නෙවෙයි.
අද ඉදල දවස් හතරකින් මේ වැඩේ ඉවරවේවි. අපිව ගෙනියන්න ප්ලේන් එක එන්නෙ සතියකින්. අපිට තව දවස් දෙකක මේ වැඩේ ඇදගන්න පුළුවන්නම් හරි. අපි පොඩි වයර් එකක් ගලවල මැශින් එක කැඩුණා කියමු .පස්සෙ මැශින් එක හදමු හැබැයි හෙමීට. එතකොට අපිට මේ වැඩේ ඉවර වෙන වෙලාවට ප්ලේන් එක ලගට ගිහින් ඉන්නත් පුළුවන්.
මං නම් ඒකට කැමති නෑ..අනික මම මේ විදියට රාජකාරියක් මග දාල ගිහිල්ලත් නෑ..අනික ඕක කරන්න ගිහින් ඒ අයට අපි ගන සැක හිතුනොත්. මං ඉදල බලන් ඉන්නව මොකද වෙන්නෙ කියල .
........................
මට නම් තාමත් හිතට හරි මදි යි ජෝර්ජ් කීවේ .දින හතකට පසු ඔවුන් දෙදෙනා පෝනියන් දෙදෙනෙකුගේ පිටෙහි නැග ආශ්‍රමය වූ කන්ද පහළට බසිමින් සිටින විටදීය.
මම නම් මේ යන්නෙ බයකට නෙවෙයි. ඒ මිනිස්සුන්ට ඇත්තටම වෙලාවකට පව් කියලත් හිතෙනව. මම ඇත්තටම කැමති නෑ ඒ මිනිස්සු තමන්ගෙ මෝඩකම් තේරුම් ගන්න වෙලාවට එතන ඉන්න. මම කල්පනා කලේ සෑම් මොනව කරගනීද කියල
මම එන්න කලින් මිනිහව හම්බුණා. එයා දන්නව අපි මේ ගමන යනව කියල.මිනිහ වැඩි උනන්දුවක් පෙන්නුවේ නෑ.මොකද මිනිහ විශ්වාස කරන්නෙ වැඩේ ඉවර වුණාම කිසිදෙයක් ඉතුරු වෙන්නෑ කියලනෙ
ජෝර්ජ් අවසන් වතාවට හැරී ආශ්‍රමය දෙස බැලුවේය. බැස යන හිරුගේ ආලෝකය වැටී එහි අමුතු ම ප්රභාවක් දක්නට ලැබිනි. ඒ අතර තැනින් තැන කුඩා එළි දැල්වුණි.ඒ විදුලි බුබුළු කීපයකි. මාර්ක් V ට විදුලිය සපයන ජෙනරේටරයෙන්ම ඒවටද බල සැපයුම ලබා දීම සකස් කලේ ඔහුමය. තව කොච්චර කාලයක් ඒවා භාවිතයට ගනීවිද ඔවුන් ? ඔහු කල්පනා කරන්නට විය. තම බලාපොරොත්තුව ඉටු නොවූ විට ඔවුන් ඒ සියල්ල විනාශ කර දාමාවිද නැතිනම් නැවත සංසුන්ව ගණනය කිරීම් අරඹයිද?....
මේ වනවිටත් ආශ්‍රමය තුළ සුපුරුදු සිදුවීමම සිදුවෙමින් පවතී. ප්රධානලාම තුමා හා ඔහුගේ සහකයින් කනිශ්ඨ සිසුන් ගෙන එන පත්‍රිකා පරික්ෂා කරබලා විශාල පොත්වල අලවමින් සිටී. ඔවුන් කිසිවෙකු කිසිම හඩක් නොනගා තම කාර්යයේම නිරත වෙමින් සිටී. එකම හඩ නැගුනේ mark V ගේ ක්‍රියාත්මක වන හඩිනි.
පසුගිය මාස තුන පුරාම සිදුවුණේද එයයි.
"අර තියෙන්නෙ ඒක" යි චක් කෑගසමින් තැනිතලාවේ ඈත කෙළවර දෙසට අත දිගු කළේය
එහි ඔවුන් රැගෙන යාමට පැමිනි යානය දක්නට විය. තවත් සුළු මොහොතකින් ඔවුන් එහි නැගී නිදහස සොයා යනු ඇත.
මේ වනවිට හිමාල කදුවැටියට රාත්‍රිය උදාවෙමින් පැවතිනි. නමුත් ඔවුන්ගේ පලායාමට කිසිම බාධාවක් වූයේ නැත. පැහැදිලි ගමන්මාර්ගයක් ඉදිරියේ දිස්විණි. තරමක් හෝ බාධාවක් වූයේ පරිසරයේ වූ සීතලයි.
ජෝර්ජ් අහස දෙස බැලුවේය තරු පිරි අහස ඉතා පැහැදිලිය. එය දුටු ජෝර්ජ් ගේ හිතට වද දුන් අයහපත් කාලගුණය නිසා යානය ගුවන්ගතවීමට නොහැකිවේ යයි වූ සැකයද දුරුවිය.
ඔහු සතුටටම ගී ගයන්නට විය. ටික වේලාවකට පසු ඔහු එය අත් හැරියේ සුදු පැහැති භූතයන් බදු කදු වලින් වටවූ එම ප්‍රදේශයේ ගී ගැයීම ට තරම් සුදුසු හැගීමක් නොවූ බැවිනි.
ඔහු තම ඔරලෝසුව දෙස බැලීය.
"අපි ඇවිල්ල පැයකුත් ගිහිල්ල දැන්නම් ඒ වැඩෙ ඉවර වෙලා ඇති" ඔහු චක් දෙස බලමින් කීවේය
. එහෙත් චක්ගෙන් පිළිතුරක් නොලැබිනි. ඔහු යමක් දිහා බලා සිටියේ ගල්ගැහීය. ජෝර්ජ් ද පුදුමයෙන් මෙන් ඒ දෙස බැලීය. ඔහු බලා සිටියේ අහස දෙසයි
අර බලන්න චක් කෙදිරීය
අහසේ වූ තාරකා එකින් එක අතුරුදන්වෙමින් තිබුණි.
Translated by Admin Sinhala Sci Fi
No comments:
Post a Comment