Thursday, April 23, 2020
දම් පැහැ මමිය
වර්ෂ 1919 දී උපන් අනතෝලි ද්නෙප්රෝව් එක්‌සත් සෝවියට් සමාජවාදී ජනරජයේ විද්‍යාඥ ඇකඩමිය හා සම්බන්ධ ආයතනයක සේවය කළ කීර්තිමත් භෞතික විද්‍යාඥයෙකි. 1960 වසරේ දී ඔහු විසින් රචනා කරන ලද "මැක්‌ස්‌වෙල් සූත්‍රය" නම් විද්‍යා ප්‍රබන්ධය ලේඛකයකු ලෙස ඔහු ගේ දස්‌කම් ප්‍රකට කළේ ය. ද්නෙප්රෝව් ගේ ප්‍රියතම විෂය වූයේ සයිබනතික විද්‍යාව (මොළය, ස්‌නායු පද්ධතිය හා විද්යුත් යාන්ත්‍රික පද්ධති අතර සන්නිවේදනය හරහා ගොඩනැෙගන ස්‌වයංක්‍රීය සන්නිවේදන හා පාලන ක්‍රමවේද අධ්‍යයනය) හා එහි විස්‌මයාන්විත ජයග්‍රහණ හා ඇදහිය නොහැකි විභවයන් පිළිබඳ අධ්‍යයනය ය. විද්‍යාත්මක යථාවාදී බව ඔහු ගේ රචනාවන්හි සුවිශේෂි ව පෙනෙන ලක්‌ෂණයකි.
සිංහල වියමන - මාධව වෛද්‍යරත්න
----------
අගනුවරට ආ විට හිතට දැනෙන හැඟීම කවරාකාර දැයි ඔබ හොඳින් දනී. එය හරියට ම නන්නාඳුනන අමුතු ලෝකයකට ඔබ එක පැහැර ඇද වැටුණාක් වැන්න. හෙලිකොප්ටර විසින් ඔබ චතුරස්‍රයකින් තවෙකකට ගෙන යන විට, නො එසේ නම් ශක්‌ති සම්පන්න කේබල මත ඝෝෂා රහිත ව ම ලිස්‌සා යන විභ්‍රම යානයක හිඳ යෝධ මන්දිර මුදුන් දෙස උඩින් පල්ලෙන් බලන විට, ප්‍රභවය අබිරහසක් වූ දීප්තිමත් ආලෝකයෙන් දිදුලන උමං දුම්රිය මාර්ගය දෙසට නිසොල්මනේ පල්ලම් බසින විට, මේ විස්‌මයාවහ ඉපැරැණි නගරය වූ මොස්‌කව්හි සැම දෙයක් ම මනස්‌කාන්ත හා සුවිශේෂී බවක් අත් කරගන්නා බව පෙනෙයි. සැම දෙයක් ම අනාගතය දෙසට ඉලක්‌කගත වූ බවක් දැනෙයි.
කිසි ම වැදගැම්මක් නැති පිටිසර ගොඩයකු ලෙස මම මා ගැන නො සිතමි. උතුරුකරේ පිහිටි, මා ජීවත් වන ලෙනින්ස්‌කි නගරයේ ද විශාල චතුරස්‍රවල කේබල් මං, හෙලිකොප්ටර හා රූපවාහිනි තොරතුරු මධ්‍යස්‌ථාන ඇත. එහෙත් මොස්‌කව් නගරයට යන සැම විටෙක ම මට භය සම්ප්‍රයුක්‌ත මෙන් ම අවුල්කාරී හැඟීමක් යන්තමින් මෙන් දැනෙයි. මෙසේ වන්නේ මන්දැයි බොහෝ වර කල්පනා කළ මා අවසානයේ නිගමනය කළේ ඊට හේතුව මොස්‌කව් ජීවිතයේ වූ අධිවේගී රිද්මය විය හැකි බව ය. අගනුවර ජීවිතය බොහෝ වේගයෙන් පණගැසෙයි. ස්‌වභාවයෙන් ම මිත්‍රශීලී හා ආගන්තුක සත්කාරයට ලැදි මිනිසුන් පවා නිරන්තර කඩිමුඩියක ඉන්නා බව හැඟෙයි. චලනය වන පදික පියමග මත පවා නිසල ව නො සිටින ඔවුහු ඒවා තමන් රැගෙන යන අතරතුර පවා සිටින්නේ දුවන නො දුවන ගානේ කඩිනමක ය. මීට දශක ගණනාවකට පෙර ඝෝෂාකාරී තරප්පු සෝපාන මත නැග පැරැණි මොස්‌කව් උමං දුම්රිය පොළට කඩිමුඩියේ දුවන අතරවාරයේ පොත පත ද කියවන්නට පුරුදු වී සිටි සිය මුතුන් මිත්තන් ගේ සම්ප්‍රදායට අනුගත වන්නට ඔවුන් වෙර දරන සෙයකි.
දැවැන්ත ගොඩනැගිලි දෙකක් වූ ක්‍රීඩා මන්දිරය හා කලා මන්දිරය අතරමැද උසට උසේ එල්ලී සිටි වොස්‌තානියා චතුරස්‍රයේ පිහිටි රූපවාහිනි තොරතුරු මධ්‍යස්‌ථානය අසල නැවතුණ මම, මට යැමට අවශ්‍ය ව තිබූ ද්‍රව්‍යමය සංස්‌කෘතික කෞතුකාගාරයේ ලිපිනය යතුරු පුවරුවේ ඇතුළත් කළෙමි. කෞතුකාගාරය වෙත යැම සඳහා අදාළ උපදෙස් ඛණ්‌ඩාංක ද සහිත ව තිරයේ දිස් වන්නට විය.
මා කළ යුතු ව තිබුණේ එතැනින් යටි බිම් උයනට බැස පියාපත් සහිත ප්‍රතික්‍රියාකාරක යානයට ගොඩ වීම ය. එය, ජනතා මිත්‍රත්ව දිය බස්‌නාව අසබඩ පිහිටි නිදහසේ සමාධිය වෙත මා රැගෙන යනු ඇත. එතැනින් හෙලිකොප්ටරයකට ගොඩවදින මට 'නීල පථය'ට ගොඩ බැස කෙළින් ම අගස්‌ති උමං මග ඔස්‌සේ කෞතුකාගාරය වෙත යා හැකි වනු ඇත. වර්ණ තිරයෙහි දිස් වූයේ සමාන්තරානීකයක හැඩය ගත් තිස් මහල් ගොඩනැගිල්ලකි. එහි රඹ පැහැති සිරිමැටි ඔබ්බවා තිබූ අතර අප විසින් චන්ද්‍රයා වෙත යවනු ලැබූ ප්‍රථම අභ්‍යවකාශ යානයේ උන්නත කැටයමක් රැගත් සුදෝ සුදු පැහැති කිරිගරුඬ ඵලකයක් ද සවි කොට තිබිණ. දක්‌වා තිබූ දිශාව ඔස්‌සේ තත්පර 130කටත් අඩු කාලයක් තිස්‌සේ ගමන් කළ මම මගේ ගමනාන්තය කරා ළඟා වීමි. ඇවිද යන අතරතුර ම මම පෞද්ගලික ස්‌වයංක්‍රීය රේඩියෝ දුරකථනය භාවිත කරමින් මගේ පැමිණීම පිළිබඳව මහාචාර්ය සයන් හට දැනුම් දුන්නෙමි. ඔහු මා මුණගැසීමට කෞතුකාගාරයේ ප්‍රධාන ද්වාරය අසලට පැමිණ සිටියේ ය.
"නුඹව දැකීමත් සතුටක්, මගේ ඉලන්දාරි මිත්‍රයාෘ ඔහු සිය මිහිරි සංගීතමය කටහඩින් කෑගැසුවේ දෝතින් ම මගේ අත අල්ලාගෙන සමාචාර දක්‌වන අතර ය. "මොන දේකට නුඹ මේ කංකරච්චල්කාර නගරෙ තියෙන අපේ නිස්‌කලංක තිප්පොලට ආව ද?"
මේ වන විට තරුණ පෙනුම වියෑකී ඇති මේ විද්‍යාඥයා ගේ මඳක් ඔච්චම්කාර දෑස දෙස මම විමසිලිමත් ව බැලුවෙමි. මීට වසර දෙකකට පෙර මා මොස්‌කව්හි 'විප්ලවයේ සරසවියෙ'හි පශ්චාත් උපාධිය හදාළ සමයේ මතකය අවදි විය. එහෙනම්, ඔහු වෙනස් වෙලා ම නැහැ.
"මම මෙහෙ එන්න තෝරාගත්තෙ වැරැදි වෙලාවක් ද මන්දා. මම අහගෙන රේඩියෝ එකේ ප්‍රවෘත්තිවලට කියනවා නුඹ ලෑස්‌ති වෙනව කියල ටෝගෝවලට...."
"කොහොමට වත් නෑ... කොහොමට වත් නෑ.." මහාචාර්යවරයා කීවේ ඊට එකඟ නො වෙමිනි. "මට තව පැය දහ තුනක් ම ඉතිරි වෙලා තියෙනවා ඒ වැඩේට. මම හිතන්නේ නුඹේ පටලැවිල්ලට උත්තර හොයන්න ඒක වැඩියත් එක්‌ක සෑහේ වි."
"මම හිතන්නේ නැහැ ඒකට නුඹේ වටිනා කාලයෙන් පැය දෙක තුනකට වඩා ඕනෑ වේ වි කියල." මම කීවෙමි. "නුඹට කමක් නැතිනම් බාග විට අපිට පුළුවනි දැන්ම ම පටන්ගන්න.."
මා කෙතරම් වරද්දාගත්තේ ද යන්න එවේලේ මම දැන නො සිටියෙමි.
කිරිගරුඬ ශාලාවකට ප්‍රවිශ්ට වූ අපි ඝෝෂා රහිත සෝපානයක් විසින් කෞතුකාගාරයේ දහ හත් වැනි මහල වෙත සැණෙකින් ගෙන යනු ලැබීමු. මහාචාර්ය සයන් ගේ කාර්යාලය පිහිටියේ මෙතැන ය. ගමන් ගන්නා අතරතුර මහාචාර්යවරයා ටෝගෝ සංචාරය අතරතුර ඔහු ගේ වැඩසටහන පිළිsබඳ විස්‌තර මට කීවේ ය.
"මේ දිස්‌ත්‍රික්‌කේ මිනිස්‌සුන් ගේ නිදහස් අරගලයේ දෙවැනි අදියර ගැන අපි තව විස්‌තර ටිකක් හොයල බලන්න අවශ්‍යයි අවුරුදු ගානක් ගත වුණත් කවුරුවත් ඔය ලේඛනාගාර තෝම්බු ගැන විපරමක් කරලා නැහැ.... ඒක අපේ මේ කෞතුකාගාරෙ තියෙන එක දුර්වල තැනක්." ඔහු ගේ ස්‌වරය අමිහිරි විය. "හොඳයි. ඔන්න දැන් මම නුඹේ වැඩේට ලෑස්‌තියි" ඔහු කීවේ කවිච්චිය මත හිඳගනිමිනි.
ඇඳි පුටුව මත හරිබරි ගැහුණු මම බී්‍රෆ්කේසය විවෘත කොට මගේ බිරිඳ මායා ගේ ඡායාරූපයක් ගෙන මහාචාර්යවරයා අත තැබුවෙමි.
"මේ මූණේ හුරුවක් හෙම දැනෙනව ද?" මා ඇසුවේ ඔහු ගේ විඩාපත් මුහුණ දෙස විමසිලිමත්ව බලමින් එහි සියුම් හෝ චලනයක් අල්ලාගත හැකි දැයි ඉව කරමිනි.
මහාචාර්ය සයන් ඡායාරූපය දෙස ඉක්‌මන් බැල්මක් හෙළා දෑස මා වෙත යොමු කළේ විස්‌මයෙනි. ගැඹුරින් සිතන බවක් පෙනුණ ද හෙතෙම සිය හිස වනමින් සිටියේ ය. මෙහි එන්නට පෙර ලෙනින්ස්‌කිහි දී මගේ බිරිඳ ගෙන් සමුගන්නා මොහොතේ දී ඇය මෙසේ කියා තිබිණ. "ඔයා බලන්නකෝ... එයා මෙන්න මෙහෙම කරා වි" ඇය හිස සල සලා, නළල
රැළි කරමින්, කට ද උල් කොට පෙන්වූයේ මේ මොහොතේ මහාචාර්යවරයා කරමින් සිටි ආකාරයට ඒකාන්ත වශයෙන් සමාන ව ය.
"නැහැ... මට ඒක නිච්චියට ම කියන්න බැහැ" ඔහු පිළිතුරු දුන්නේ ප්‍රහේලිකාත්මක ව මා දෙස බලමිනි.
එහෙත් මා ඉන් සෑහීමට පත් ව හිස නමා බී්‍රෆ්කේසය අවුස්‌සන්නට වන් කල ඔහු මඳක් විස්‌මයට පත් වූයේ ය. එවර මා එළියට ඇදගත්තේ කෞතුකාගාර නාමාවලියේ අලුත් ම සංස්‌කරණය ය. නො ඉවසිල්ලෙන් මැඩුණු මහාචාර්යවරයා මා අසලට ළං වූයේ ය.
"නුඹට කියන්න පුළුවන් ද මේ මොකක් ද කියලා?" මා ඇසුවේ නාමාවලිය විවෘත කොට එහි දම් පැහැ මමියේ ආලේඛ්‍ය චිත්‍රයක් මුද්‍රණය කොට තිබූ පිටුව දිගහැර ඔහු අත තබමිනි.
පොදුවේ ගත් කල ඉහළ පෙළේ ප්‍රකාශනවල ප්‍රධාන සංස්‌කාරකවරයා එහි පළ වන සියලු කාරණා පිළිබඳව නො දැන සිටීම සාමාන්‍ය කරුණකි. අන් කවරකු සේ ම සාමාන්‍ය මිනිසකු වන ඔහු ගේ වැඩි අවධානය ස්‌වභාවයෙන් ම යොමු වන්නේ තමා ගේ විෂය කේෂ්‍රත්‍රයට අදාළ ලිපි ලේඛන කෙරෙහි පමණි. අනෙකුත් ලිපි පිළිබඳ වගකීම බොහෝ විට සහායකයෝ තමන් වෙත පවරාගනිති. මෙහි දි සිදු වූයේ ද එවැන්නක් බව පැහැදිලි ය.
නැවත වරක් මමියේ ආලේඛ්‍ය චිත්‍රය දෙස නෙත් යොමු කළ මහාචාර්යවරයා නාමාවලියෙහි පිටු ගණනාවක් පෙරළමින්, එය කෞතුකාගාරය තුළ තිබු නව ප්‍රදර්ශන භාණ්‌ඩය බවට සැක හැර දැනගත්තේ ය.
අනතුරු ව හේ එක් වර ම උස් හඬින් කෑගැසුවේ ය.
"ඉතින් මොකද? දෙක ම එකයි"
"මොනවද එක?" ලැබෙන පිළිතුර කුමක් දැයි දැන දැන ම මම ඇසුවෙමි.
"දම් පාට මමියෙ පින්තූරෙයි, මේකයි." ඔහු කීවේ විස්‌මයෙනි.
"මම දැනගෙන හිටියා ඒක එහෙම වෙයි කියලා" බිරිඳ ගේ ආලේඛ්‍ය ඡායාරූපය, නාමාවලියෙහි මුද්‍රණය කොට තිබූ පින්තූරය අසල තබමින් මම කීමි.
"දැනගෙන හිටියා..? කෝක කොහොම වෙයි කියල ද?" ඔහු විමසුවේ පටලැවිලි සහගත ස්‌වරයෙනි.
"මම දැනගෙන සිටියා නුඹ එහෙම කියයි කියලා. මම මායා එක්‌කත් වාද කළා. ඒත් ඈට හොඳ විස්‌වාසයක් තිබුණා නුඹ එක පාරට ම වෙනස හඳුනාගනී වි කියල."
මහාචාර්යවරයා ගේ මුහුණ දැඩි ස්‌වරූපයක් ගත්තේ ය.
"මට තේරෙන්නෙ නැහැ මොනව ගැන ද නුඹ මේ කතා කරන්නෙ කියල. කවුද මේ කියන මායා?"
"මම කතා කරන්නේ මේ පින්තූරේ තියෙන සමානකම ගැන. මායා කියන්නේ මගේ බිරිඳ."
"මේකට නුඹේ බිරිඳ ගේ තියෙන සම්බන්දෙ මොකද්ද?"
"මේ මගේ බිරිඳ ගේ ඡායාරූපය... ඒ වගේ ම මේක..." මම සඟරාවේ වූ ඡායාරූපය දෙස ඇඟිල්ල දිගු කළෙමි. "දම් පාට මමියේ පින්තුරය"
කවිච්චියෙන් එසැවුණු මහාචාර්යවරයා මගේ කේශාන්තයේ සිට පාදාන්තය දක්‌වා නෙත් යෑවී ය. ඔහුගේ දෙබැම සෙමෙන් සැලෙන අයුරු මම දුටුවෙමි.
"මම හිතන්නේ නැහැ කිලෝමීටර පන් දාහක් විතර දුරු කතර ගෙවාගෙන නුඹ මෙහේ ආවේ මාත් එක්‌ක විහිලු කරන්න කියලා" ඔහු කතා කළේ හික්‌මවාගත් ස්‌වරයකින් යුතු ව ය.
ඔහුට සිය කටහඬ මේච්චල් කරගැනීමට අපහසු වූ සෙයක් මට පෙනිණ.
"කොහොමට වත් නැහැ... ඇත්ත වශයෙන් ම මට මෙහෙට එන්න හේතු වුණේ මේ සමානකම තමයි. නුඹ දන්නව නෙ මම ලෙනින්ස්‌කි ප්‍රාදේශීය අධ්‍යයන පිළිබඳ කෞතුකාගාරයේ ප්‍රධානියා බව. නුඹේ නාමාවලියේ අලුත් ම සංස්‌කරණය ලැබුණ ම මට පුදුම හිතුණා නම් දම් පාට මමිය හා මගේ බිරිඳ ගේ අතර තිබුණු සමානකම ගැන."
මගේ අතින් නාමාවලිය ගත් හේ පුළුලැති කවුළුව අසලට ගියේ ය. මධ්‍යාහ්නයේ ප්‍රභාස්‌වර හිරු කිරණ ඇස් මානයට හසු නො වන තරම් තුනී වීදුරු තහඩුව අතරින් ගලා එමින් තිබිණ. හෙලිකොප්ටරයක ඡායාමාත්‍ර දර්ශනයක් පහළ වුව ද මහාචාර්යවරයා එය යන්තමින් හෝ දුටුවේ නැත. ආලේඛ්‍ය ඡායාරූප දෙක සුපරීක්‌ෂාකාරීව සංසන්දනය කරමින් හේ අතිශය ගැඹුරු කල්පනාවක නිමග්න ව සිටියේ ය.
මට මායා ගේ වචන සිහිපත් විය. "ඔහු ඉන්තේරුවෙන් ම කියා වි මේ පින්තූර දෙකේ බෙල්ලේ හැඩය වෙනස් කියලා"
"මේ මොකද? මේ දෙන්න ගෙ බෙල්ලේ හැඩය වෙනස්" මහාචාර්යවරයා කෑගැසුවේ ප්‍රීතියෙනි.
ඔහු වෙත ගමන් කළ මම මඳ සිනාවක් පෑවෙමි.
"ඒක ඇත්ත. දෙන්න ගෙ බෙල්ල සමාන නැහැ. ඒත් එයාල ගේ මුහුණු දෙක නම් සහමුලින් ම එක සමානයි. මේ වෙලාවෙ මම උනන්දු වෙන්නේ මෙන්න මේ සමානකම ගැන විතර ය. වෙනස ගැන කතා කරන්න අපි පස්‌සේ වෙලාවක්...."
පෙර සිටි ස්‌ථානයට යළි පැමිණි අපි අසුන් ගතිමු. මා ඇඳි පුටුව තෝරාගන්නා අතරේ මහාචාර්යවරයා කවිච්චිය මත හිඳගත්තේ ය.
"මට තව ටිකක් විස්‌තර කියන්න, ඇයි නුඹ මෙහි ආවේ කියලා" හේ ඉල්ලී ය.
ඉතා ම වැදගත් මොහොත දැන් එළැඹී ඇත. මම මඳක් නොසන්සුන් වීමි. මගේ සිතිවිලි හැකි තරම් සුපැහැදිලිව මේ මොහොතේ ප්‍රකාශ කළ යුතු ය. දෙතොල් තෙරපා ගත් මා නොසන්සුන් ලෙස මගේ බැල්ම මේ දිගු පුළුලැති අධ්‍යයනාගාරය සිසාරා අයාලේ යෑව්වේ කතාව පටන්ගැනීමට උපකාර කළ හැකි කිසියම් වස්‌තුවක් අල්ලාගැනීමට වෙර දරමිනි.
"ඔහු ගේ ලියන මේසේ පිටිපස්‌සෙන් වම් මුල්ලෙ තියල තියෙන ශාස්‌ත්‍රඥ ෆිලෝ ගේ උඩු කය ප්‍රතිමාව දිහා බලන්න" මට මායා ගේ දැනමුතුකම සිහිපත් විය.
අවසානයේ දී උඩු කය ප්‍රතිමාව බැල්මට හසු කරගත් මම නාමාවලියේ පිටු පෙරළන්නට වීමි. අවශ්‍ය පිටුව සොයාගත් මම එය මහාචාර්යවරයා වෙත පෑවෙමි.
"මේ බලන්න" මම කීමි. "නුඹ දන්නව ද මේ කවුද කියලා?"
"ඒ ෆිලෝ" මහාචාර්ය සයෙන් පිළිතුරු දුන්නේ දෙගෙඩියාවක ලේෂමාත්‍රයකුදු නොමැති ව ය. "මට දැනගන්න ඕනෑ නුඹ මොකට ද මේ අර අදින්නේ කියලා මොන වගේ සූදුවක් ද නුඹ මේ සෙල්ලම් කරන්න ලෑස්‌ති වෙන්නෙ?"
මේ නොඉවසිල්ල දැක්‌වීමේ මාගේ වාරයයි. මම ඔරලෝසුව වෙත ඉක්‌මන් බැල්මක් හෙළීමි. අපේ මේ කෙටි පිළිසඳර දැන් බොහෝ සේ දිග්ගැසුණු කටයුත්තක් බවට පත් වී තිබේ. හෙලිකොප්ටරයක ඡායා මාත්‍ර දර්ශනයක් යළිත් ජනේලය තුළින් දිස් වූයේ ය. ඒ කියන්නේ තවත් විනාඩි පහක් ගත වෙලා.
"සමාවෙන්න මහාචාර්යතුමනි, සැකයක් නැහැ මේ නාමාවලියේ ප්‍රකාශයට පත් කරලා තියෙන හැම ලිපියක් ම නුඹ නො කියවන බව."
හේ නොඉවසිලිමත් ව දෑතේ ඇඟිලි එකිනෙක අතර රුවා උණ්‌ඩි කළේ ය. මා ඔහුට පවසන්නට වෑයම් කරමින් සිටි අදහස, උන්හිටි ගමන් ඔහුට වැටහී ගියාක් වැන්න. ද්‍රව්‍යමය සංස්‌කෘතික කෞතුකාගාරයක නාමාවලියේ ෆිලෝ ගේ ආලේඛ්‍ය චිත්‍රයක් ඇතුළත් කිරීම කවර නම් අරුමයක් ද?
වික්‌ෂේපී සිනාවක් පෑ හේ සුරත ඔසවා ආඩතාඩේට නළල අතගා ගත්තේ ය.
"නුඹ දන්නව ද, මට කොහොමට වත් ඒක ගැන නිච්චියක් තිබුණේ නැහැ. මං ඒක දැක්‌ක එක හැබෑ තමයි. ඒත් මට ඒක ඒ හැටි විචාරයක් තිබුණෙ නෑ. ඇත්තට ම ඒක රේඩියෝ නක්‌ෂත්‍ර තොරතුරු අංශයේ කාරියක්.... මං හිතනවා..."
කතාව එක්‌වර නතර කළ මහාචාර්ය සයෙන් සුදුමැළි වූයේ ය. සෙමෙන් සෙමෙන් කවිච්චියෙන් නැඟී සිටින ඔහු ගේ විසල් ව ඇරුණු දෑසේ බැල්ම මගේ මුහුණේ ඇලී තිබිණ. 'මේ හැම දේක ම ශාස්‌ත්‍රඥ ෆිලෝ එක්‌ක තියන සම්බන්ධය මොකද්ද' යන ප්‍රශ්නයේ ගිනි පුළිඟු ඔහු ගේ බියපත් දෑස් වෙතින් විහිදුණේ ය.
"කෝ බලමු ආයෙත් ඔය නාමාවලිය" හෙතෙම කොඳුළේ ය.
නාමාවලිය සිය අත් පසුරෙන් තදින් ග්‍රහණය කරගත් හේ අධ්‍යයනාගාරය හරහා එහා මුල්ලට ගමන් කරන්නේ සිය ලියන මේසයේ නො හැපී බේරුණේ යාන්තමිනි. අවසන ඔහු මේ සුප්‍රසිද්ධ භාෂා විශේෂඥයා ගේ උඩු කය මූර්තිය ඉදිරිපිට ඉද්ද ගැසුවාක් මෙන් නතර වූයේ ය.
තත්පර ගණනාවක් යන තුරු ආතතියෙන් පිරුණු නිශ්ශබ්දතාවක් අධ්‍යයනාගාරය පුරා පැතිර ගියේ ය. අනතුරුව මහාචාර්යවරයා සිය ඩික්‌ටෙෆොaනයේ යතුරු කිහිපයක් එබී ය.
"මට අන්ෙද්‍රdaව් මුණ ගැහෙන්න වුවමනායි. දැන්ම ම මගේ අධ්‍යයන කාමරයට එන්න කියන්න."
ඔහු ගේ කටහඬෙහි වූයේ මුදු ස්‌වරයක් වුව ද, සියුම් තර්ජනාත්මක බවක් යන්තමින් එහි තැවරී තිබිණ. දුරබනුවේ අත් දණ්‌ඩ එසැවූ හේ ඊට කතා කළේ ය.
"ඔය අගිනොව් ද? අපේ අන්තිම නාමාවලී කලාපයේ අන්ෙද්‍රdaව් ගේ ලිපි සංස්‌කරණය කළේ කවුද? කවුද ඒක මුල් පිටපත් එක්‌ක සංසන්දනය කරලා පරීක්‌ෂා කළේ? නුඹට හොඳට ම විශ්වාස ද? හරි. එතකොට කවුද පින්තූර ගන්න වැඩේ කළේ? හොඳයි. බොහොම ස්‌තුතියි."
මහාචාර්යවරයාට මා සිටි බවක් අමතක වූවා සේ ය. ලියන මේසය අසල හිඳගත් හේ නාමාවලියෙහි වූ ආලේඛ්‍ය චිත්‍රය පිරික්‌සමින් අතිශයින් ගැඹුරු වූ කල්පනාවක නිමග්න වූයේ ය.
හදිසියේ ම ඔහුට මා එහි සිටින වග මතක් විය.
"අර ගැහැනු ළමයා ගේ පින්තුරය මට දීපන්..."
"මොන ගෑනු ළමය ගෙ ද?"
"අර නුඹ මට කලින් පෙන්නුවෙ"
"ඔය කියන්නෙ මායා ද?"
"මම දන්නෙ නෑ ඇගේ නම මොකක් ද කියලා...ඒත් ඒක මට දීපන්... ඉක්‌මනට..."
"ඒක මගේ බිරිද ගේ ඡායාරූපයක්." මම අධිෂ්ඨාන සහගතව කීවෙමි.
"ඒකෙ ඇති වැදගත්කමක් නැහැ" ඔහු කොටින් මා වළහමින් පැවසී ය. දෙඅත්ල මැද සිය මුහුණ රඳවාගත් හේ දිගු වේලාවක් තිස්‌සේ ආලේඛ්‍ය චිත්‍රය දෙස දෑස් නෙරවාගෙන පසු වූයේ ය.
ළා කහ පැහැති ක්‍රීඩා ඇඳුමකින් සැරසුණ තලත්තෑනි, උස මිනිහෙක් විවර වූ දොරෙන් අධ්‍යයනාගාරය තුළට ඇතුළු වූයේ ය. ඔහු මහාචාර්යවරයා ගේ ලියන මේසය වෙත ආවේ දිගු කඩිනම් පියවර තබමිනි.
"මේ නුඹේ වැඩක් ද?" මහාචාර්ය සයන් ඇසුවේ දෑස් ඉවත නො හරවමිනි.
"ඔව්."
"නුඹට, නුඹ ගැන ලැඡ්ජාවක් නැද්ද?"
"මට තේරෙන්නේ නැහැ නුඹ ඒකෙන් අදහස් කරන්නේ මොකක් ද කියලා."
"තව ටිකකින් නුඹට තේරෙයි. මේ බලපන්." සයන් මගේ බිරිඳ ගේ සේයාරුව මුහුණට දමා ගැසුවා නො ගැසුවායින් අන්ෙද්‍රdaව් වෙත දිගු කළේ ය.
"මේ තියෙන්නේ නුඹේ දම් පාට... මමිය." අනතුරුව කෝප සහගත බැල්මක් මා දෙසට හෙළා විනිවිදිනසුලු ඇනුම් ස්‌වරයෙන් මෙසේ ඇසී ය.
"බාග විට නුඹේ මේ ගෑනු ළමයා.."
"මගේ බිරිඳ." මම අප්‍රමාදීව මැදිහත් වුණෙමි.
"...නුඹේ මේ බිරිඳ ඇත්ත වශයෙන් ම මමියක් ද?" අන්ෙද්‍රdaව් මායා ගේ ආලේඛ්‍ය චිත්‍රය දෙස දෑස් නෙරවාගෙන සිටියේ ය. ඔහු දෙස බැලූ මහාචාර්යවරයා ගේ දෑසේ තැවරී තිබුණේ අවඥාසහගත පිළිකුලකි.
"අපේ කාලෙ මෙහෙම දෙයක් වෙන්න... මෙහෙම ඇස්‌බැන්දුමක්...මෙහෙම රැවටිල්ලක්?"
අවසන සිදු වූ මේ සියල්ල, මා සමග සෘජු ව සම්බන්ධ බව වටහාගත් අන්ෙද්‍රdaව් කඩිනම් ගමනින් මා වෙත ආවේ ය.
"මගේ මමියේ ප්‍රතිබිම්බ රූපය හැදුවෙ නුඹයි එහෙනම්?"ඔහු ගේ ප්‍රශ්න කිරීම තර්ජනාත්මක සතුරු ස්‌වරයක් ගත්තේ ය.
මම හිස සැලීමි. වචනයකුදු නො දොඩා මගේ අතකින් ඩැහැගත් අන්ෙද්‍රdaව් මා අධ්‍යයනාගාරයෙන් පිටතට ඇදගෙන ගියේ ය. ආලින්දයෙහි වූ ජංගම ගමන් පථය ක්‍රියාත්මක කළ හේ අනතුරුව මා කැටුව දකුණු පසට යුහු ව ගමන් කොට මා සෝපානයක් තුළට තල්ලු කළේ ය. ඊ ගහක් සේ පහළට බට අපි, තවත් පටු ආලින්දයක් ඔස්‌සේ දිව යන්නේ, වෙනත් මඟකින් අප යන ස්‌ථානයට ම ගමන් කරමින් සිටි මහාචාර්යවරයා ගේ ඇඟේ හැපුණා නො හැපුණායින් නතර වීමු. අනතුරුව අප කඩා වැදුණේ මන්දාලෝකයෙන් එළිය වුණ විශාල ශාලාවකට ය. එහි මැද හා බිතු දිගට වීදුරු මංජුෂාවන් රැසක් පෙළ ගස්‌වා තිබිණ. අපි ඉන් එකක් අභිමුව නතර වීමු.
"මේ බලපන්."
වීදුරු පෙට්‌ටිය දෙස බැලූ මම එසැණින් ම දෑස් වසාගතිමි. "මේක වෙන්න බැහැ... වෙන්න බැහැ"
"බලාපන්... හොඳට බලාපන්.." අන්ෙද්‍රdaව් විධාන කළේ හුස්‌ම පවා නාල්ලමිනි.
"මම... මේ... බල...නවා තමයි." මට ගොත ගැසුණේ ය.
"මොනව ද පේන්නෙ?" මහාචාර්යවරයා ඇසුවේ මගේ මුහුණට ම එබෙමිනි.
"මට පේනවා මායා.." නිරුවත් ගැහැනිය ගේ ප්ලාස්‌ටික් අනුරුව වෙතින් දෑස් ඉවත හරවමින් මම කොඳුළෙමි.
"මොන මහසෝනෙක් ද මේ මායා කියන්නේ?" අන්ෙද්‍රdaව් ප්‍රශ්න කළේ තියුණු ස්‌වරයෙනි. "නුඹ මට කියන්න හදන්නේ මේ ප්‍රාණියා හඳුනනවා කියල ද?"
පැතිර ගිය අජීවී නිහඬතාව තුළ කටහඬ අවදි කරගත් පළමු සමතා මම වීමි.
"සමාවෙන්න ඒත් මේක මගේ බිරිඳ මායා ගේ අනුරුවක්.."
කොක්‌සන් හඬින් පුපුරා හැළුණු අන්ෙද්‍රdaව් කෑගැසුවේ ය.
"තව හොඳට බලාපන්...බාගවිට නුඹට හොයාගන්න පුළුවන් වෙයි නුඹේ බිරිඳ ගේ ඇඟේ තියෙන විශේෂ උපන් ලප එහෙමත්."
ඔහු 'නුඹේ බිරිඳ' යන වචන මත තැබූයේ කාරවනසුලු අවධාරණයකි.
දෑස් විවර කොටගෙන ජීවමාන ස්‌වරූපයෙන් වැතිරී සිටින මේ ගැහැනු අනුරුව දෙස මම නැවත වතාවක් නෙත් හෙළීමි. එය නිමවා තිබූ ප්ලාස්‌ටික් ද්‍රව්‍යය දම් පැහැයක් ගත්තේ ය. සියලු ආකාරයේ අසම්භාව්‍ය සිතිවිලි වර්ග මගේ මනස සිසාරා ගුම් නඟන්නට පටන්ගෙන තිබිණ. මා උමතු වන්නට පටන්ගෙන වත් ද?
"පෙනෙන විදිහට ඔක්‌කොම දේවල් සමානයි, ඇගේ ශරීර වර්ණය ඇර.."
ඒ සමඟ ම නැවත ආයේ සරදම්කාරී සිනා පිපිරුමකි.
"ඔහෝ...එහෙනම් පාටයි ප්‍රශ්නය. ඒ කියන්නේ ඇය නුඹේ බිරිඳට සම්පූර්ණයෙන් සමාන නැහැ?"
'නුඹේ බිරිඳ' යන වචන මත නැවත වරක් කර්කෂ ආම්ලික අවධාරණය රැඳිණ. මම දැඩි අපහසුතාවකට පත් වීමි.
මම අන්ෙද්‍රdaව් දෙස ආයාචනාත්මක බැල්මක් හෙළීමි. මේ අගනුවර, උගත් පැලැන්තියේ මිනිස්‌සු තමන් ගේ මතවාද ඔප්පු කිරීමට වන් කළ සියලු යහ චාරිත්‍රයන්හි මූලික රීති පවා කඩ කිරීමට පසුබට නො වෙති.
"මේක මෙතන තිබීම ගැන ඇත්ත වශයෙන් ම මගේ විරෝධතාවක් නැහැ," මම කීවෙමි. "ඒ බව නුඹලා තේරුම්ගත යුතු ව තිබුණ... මෙහෙමයි, ඔය පින්තුරෙ හිස පමණක් නුඹලා ගේ නාමාවලියේ පළ කරපු එක හොඳ දෙයක්... ඒ වගේ ම..."
"නුඹටත් ඇහුණ ද මට ඇහිච්ච දේ? නුඹට ඇහුණ ද ඔහු මේ දැන් කීව දේ? මේක මෙතන තිබීම ගැන එයා ගේ විරෝධතාවක් නැහැලුෘ නුඹට අදහසක් තියනව ද ඔය 'මේක' කියන්නෙ මොකද්ද කියල? දෙයියන්ට ඔප්පු වෙන්න, මේක තමයි ඉතිහාසේ මෙතෙක් කරපු විශිෂ්ට ම සොයාගැනීම. ලෝකේ තියෙන බලසම්පන්න ම රේඩියෝ දුරේක්‌ෂ හතරක් පැය සීයකටත් වඩා දිවා රෑ දෙකේ වැඩ කළා මේකේ සංඥාවලින් පොඩිත්තක් වත් මඟ නො හැරෙන්න. ලැබිච්ච තොරතුරු එක විඩේ මොස්‌කව්වලයි, පැරිස්‌වලයි විකේතනය කළා. තොරතුරු ගොනු කරගෙන මේ වැඩේ සාර්ථක කරගන්න අපි පාවිච්චි කළේ ලෝකේ තියෙන හොඳ ම යන්ත්‍රෘ දැන් නුඹ කියනවා......"
අන්ෙද්‍රdව් ගේ උද්වේගකර වාග් ප්‍රවාහයට බාධා කරන ලද්දේ මහාචාර්ය සයන් විසිනි.
"ශාස්‌ත්‍රඥ ෆිලෝ ගේ හිසත් මොස්‌කව් පැරිස් දෙතැනේ ම ගොනු කළා ද?" ඔහු මැදට පැන්නේ දයා රහිත තියුණු ස්‌වරයෙනි.
එකවර කතාව නතර කළ අන්ෙද්‍රdaව් කටත් ඇරගෙන හිටි පියෙන් ගල් වූයේ ය.
"මොන ෆිලෝ ද" අවසන වචන පිට කරගන්නට ඔහු සමත් වූයේ ය.
"මෙන්න මෙයා."
මහාචාර්යවරයා ශාලාව මධ්‍යයෙහි වූ වීදුරු ශීර්ෂාවරණය වෙතට හැරුණේ ය. මම මහාචාර්යවරයා ගේ අධ්‍යයනාගාරය තුළ තිබූ උඩු කය අනුරුවේ පිටපත හඳුනාගතිමි. එය ද නිමවා තිබුණේ දම් පැහැති ප්ලාස්‌ටික් ද්‍රව්‍යයකිනි.
අන්ෙද්‍රdaව් වටහාගත් බවට හිස සැලුවේ ය.
"හොඳයි එහෙනම්, කියමු බලන්න මොනව හරි." මහාචාර්යවරයා ප්‍රශ්න කළේ ය.
"ඔව්... අපි ඒ දෙකට ම යොදාගත්තේ එක ම යන්ත්‍ර තමයි"
"කවුද 'අපි' කියල කියන්නේ?"
"මං... ඒ කිව්වේ මුළු අභ්‍යවකාශ තොරතුරු විකේතන අංශය ම... දන්නව නේ... අර නායක මණ්‌ඩලයට පිටිපස්‌සේ... අර අතන අරකට කිට්‌ටුවෙන්..."
අන්ෙද්‍රdaව් එක වර නතර වූයේ ය. ඔහු අප වෙත හෙළුවේ වියරු බැල්මකි.
"නුඹලා මාව විශ්වාස කරන්නේ නැහැ... නේ ද?" ඔහු පුපුරා හැළුණේ ය.
මහාචාර්ය සයන් දෙවුර හැකිළී ය. කිසිදු දෘශ්‍යමාන හේතුවකින් තොර ව මගේ කොඳු ඇට පේළිය දිගේ සීතල ආවේග තරංගයක් ඉහළ පහළ යන්නට විය. කිසියම් බියකරු සිතිවිල්ලක් මගේ මනස සිසාරා කැලතෙන සෙයකි. ඒ මොහොතේ අන්ෙද්‍රdaව් කෙඳිරියක ස්‌වරයෙන් මෙසේ කියන්නට විය:
"මම කියන්නෙ සහතික ඇත්ත. මේ අනුරූ දෙක ම අපි ගොනු කළේ මීට තුන් මාසෙකට කලින් ස්‌වෝන් තාරකා රාශියේ ඈත කෙළවරකින් අපට ලැබිච්ච කේතනය කළ තරංග තොරතුරු මාලාවකට අනුවයි. අපිට ඉස්‌සෙල්ල ම ලැබුණේ හිසේ තොරතුරු... සෙන්ටිමීටර් විසි තුනේ තරංග කලාපයේ... ඊටත් තුන් මාසෙකට පස්‌සේ අපට ඒ තරංග මාලාව ඔස්‌සේ ම මේ දම්පාට මමියේ තොරතුරු ලැබුණේ. ආදානය අතරතුර ඝෝෂාව ඩෙසිබල් පහකට වඩා වැඩි වුණේ නැහැ... ඇත්ත වශයෙන් ම, සංඥා-ඝෝෂා අනුපාතය එච්චර...."
හේ එක්‌වර ම මොර දෙන්නට පටන් ගත්තේ ය. "මේක වෙන්න පුළුවන් දෙයක් නෙවිෘ මොකද්ද නුඹ මේ කියන්න හදන්නේ? කවුද මේ මායා? මොන මහසෝනෙක් ද මේ ෆිලෝ?"
මහාචාර්යවරයා මගේ බිරිඳ ගේ ඡායාරූපය අන්ෙද්‍රdaව් අත තැබී ය. ඔහු එය වීදුරු පෙට්‌ටියේ වැතිරී සිටි අනුරුව සමඟ සංසන්දනය කරනු පෙනිණ.
"එතකොට ෆිලෝ? ඒ අර මීට තුන් මාසෙකට කලින් මැරුණු මිනිහ ද? නුඹ එයා පුද්ගලිකව අඳුනනව ද?
මහාචාර්යවරයා එකඟතාව පළ කරමින් හිස සැලී ය.
අන්ෙද්‍රdaව් ශාලාව මැද ගල් ගැසුණාක් මෙන් නතර වූයේ ය. අනතුරු ව දොරත් හඬවාගෙන අතුරුදන් විය.
ගෙවෙන මොහොතක් පාසා ඉහළ යන බියකරු හැඟීමක් මට දැනිණ. පාරදෘශ්‍ය පෙට්‌ටි පියන තුළින් දර්ශනය වන මගේ බිරිඳ ගේ දම් පැහැ නිවුන් රුව දෙස නො බලා සිටින්නට මම වෑයම් කළෙමි. දොර දෙබෑ කරගෙන අන්ෙද්‍රdaව් යළි පහළ වූයේ දොස්‌තරුන් රැගෙන යන මාදිලියේ ආම්පන්න මල්ලක් රැගත් කාන්තාවක ද සමඟිනි. වචනයකුදු නො දොඩා මමිය රඳවා තිබූ වීදුරු පෙට්‌ටිය වෙත දිව ගිය ඔවුහු එහි පියන ඉවත් කරන්නට පටන්ගත් හ.
"මොනව ද නුඹලා මේ කරන්න යන්නේ? මහාචාර්ය සයන් තැතිගත් ලෙසින් ප්‍රශ්න කළේ ය.
"කපල බලන්න," අන්ෙද්‍රdaව් තදින් හුස්‌ම ගනිමින් එක්‌වර ම කීවේ කෙඳිරුම් හඬිනි. "මම හිතපු දේ හරි නම්...."
"මොකද්ද කපල බලන්න හදන්නේ?"
"මමිය"
"ඒ මොකට ද?" මම මොර ගෑවෙමි. මට දැනුණේ ඔවුන් මගේ බිරිඳ කපා දමන්නට තැත් කරන අයුරේ හැඟීමකි.
පැමිණ සිටි කාන්තාව සැත්කම් පිහියක් හා කවාකාර විදුලි කියතක් සිය මල්ලෙන් ඉවතට ගත්තේ ඒ මොහොතේ දී ය.
"මේක කරන්න මම නුඹලාට ඉඩ දෙන්නේ නැහැෘ මේක වටිනා මහජන දේපළක්. ඒ නිසා ජාත්‍යන්තර විද්‍යා කවුන්සිලයේ අවසර නැති ව නුඹලාට මේක විනාශ කරලා දාන්න අයිතියක් නැහැ." මහාචාර්ය සයන් කීවේ තිර හඬිනි. "ඇරත්, මෙච්චර අමාරුකම් මැද්දේ පිටසක්‌වළින් ලබාගත්තයි කියන මේ වස්‌තුව, ඇත්තට ම ඒක ලබා ගත්තේ පිටසක්‌වළින් නම්, නුඹලා යෝජනා කරන විදිහෙ දෙයක් ඒකට කරන එක නුවණක්‌කාර වැඩක් හැටියට මට නම් පේන්නේ නැහැ."
"ඒ ගැන වද වෙන්න එපා මහාචාර්යතුමා, මේකෙ දත්ත ඔක්‌කොම විද්යුක සිලින්ඩරවල ගබඩා කරලයි තියෙන්නේ. ඒ නිසා ඕනෑ වෙලාවක ඈ ප්‍රතිනිර්මාණය කරගන්න පුළුවන්. දවසකට දෙකකට වඩා ඊට ගත වෙන්නෙ නැහැ. අන්තෝනියා, අපි වැඩේට බහිමු."
වෙනකෙකුට වීදුරු පෙට්‌ටියට ළඟා වීමට ඇති ඉඩකඩ අහුරමින් හේ දෑත් විදහාගත්තේ ය. විදුලි කියතේ ගුමනය මට ඇසුණේ එහි තලය මමිය තුළට කිඳී යන අතරතුර ය. අයිස් මෙන් සීතල තරංග දහරාවක් එක හැල්මට මගේ කොඳු ඇට පෙළ දිගේ ඉහළ පහළ දිව ගියේ ය.
"දැන් පපුව ළඟින් කපන්න." අන්ෙද්‍රdaව් විධාන කළේ ය. "ශුද්ධ වූ මෝසෙස්‌තුමා ගේ නාමෙට නුඹට ඔයිට වඩා වේගෙන් කපන්න බැරි ද? ඉවරද දැන්? හරි, දැන් පපු ඇටේ පැත්තට ආපහු යන්න. හෘදය වස්‌තුව හම්බ වුණා ද? අහා... කෝ අක්‌මාව? අන්න හරි. ඊළඟට ප්ලීහාව... එච්චරයි. දැන් අපිට පුළුවන් මේගොල්ලන්ට බලන්න ඉඩ දෙන්න."
අන්ෙද්‍රdaව් මගේ උරහිසින් අල්වාගත්තේ ය.
"නුඹ මොන දේකට ද බය වෙන්නෙ? මේක ප්ලාස්‌ටික්‌වලින් හදපු මමියක්. කෙනකු ගෙ අනුරුවක්. සර්ව සම පිටපතක්. නුඹට දැන් බලාගන්න පුළුවන් කොයි තරම් හොඳට මේ පිටපත හදල තියේ ද කියල."
මම අකැමැත්තෙන් මුත් වීදුරු පෙට්‌ටිය වෙත ගමන් කළෙමි. ප්ලාස්‌ටික් දේහයේ විච්ඡේදනය කළ කොටස් එහි මධ්‍යයේ සිට සමමිතික ලෙස විසිරී තිබූ අතර ඒ අතරින් සිරුරේ අභ්‍යන්තර ව්‍යqහය පැහැදිලි ව දර්ශනය වූයේ ය. අභ්‍යන්තර අවයවයන් එකිනෙකට වෙනස් පැහැයෙන් යුතු වුව ද ඒ සැම එකක ම දම් පැහැය යන්තමින් හෝ තැවරී තිබිණ. මමියේ දෑස් විවර ව තිබූ අතර එහි බින්දු මාත්‍ර හෝ වේදනාවක සේයාවක් නො වී ය. මෙය සජීවී ප්‍රාණියකු නො ව දක්‌ෂ ලෙස නිමවන ලද මිනිස් අනුරුවක් ය යන්න මට ම ඒත්තු ගැන්වීම සඳහා බලවත් මානසික අරගලයක් කිරීමට මට සිදු විය.
"හොඳයි, මේක පිටපතක් ද? නැද්ද?" අන්ෙද්‍රdaව් මගේ උරහිසින් අල්වා සොලවමින් ප්‍රශ්න කළේ ය. සඟවාගත නොහැකි වූ විනෝදයකින් ඔහු ගේ දෑස් දිළිසුණේ ය "ඒක දිහා තව හොඳට බලාපන්"
මම දුර්මුඛ ලීලාවෙන් හිස වැනුවෙමි.
"නුඹේ අදහස මොකද්ද මහාචාර්යතුමනි?" අන්ෙද්‍රdaව් ඇසුවේ මහත් ඕනෑකමිනි.
ඔහුට පිළිතුරු සැපයුණේ මමිය විච්ඡේදනය කළ ගැහැනිය ගේ කෑගැසීමකිනි.
"ඔක්‌කොම තියෙන්නෙ වැරදි අතටෘ"
ඈ කියන්නක් වටහාගන්නට අපහසු වූ මම දෑස් නෙරවා ඈ දෙස ඔරවා බැලීමි.
"නුඹ කියන එකේ තේරුම මොකද්ද අන්තෝනියා?" මහාචාර්යවරයා ඇසුවේ බැරෑඬි හඬකිනි.
"ඔක්‌කොමෘ හෘදය වස්‌තුව, අක්‌මාව, ප්ලීහාව... ඒ ඔක්‌කොම තියෙන්නේ වැරදි පැත්තෙ."
අවසන මම සියල්ල වටහාගතිමි. මමියේ හෘදය පිහිටා තිබුණේ දකුණුපසින් වූ අතර අක්‌මාව වම් පසෙහි විය. හරියට ම දර්පණ ප්‍රතිබිම්බයක් මෙනි!
"නුඹට වැටහුණා ද අපි ලබාගත්ත ජයග්‍රහණය කොයිතරම් ද කියලෘ මේක ප්‍රති-ලෝක පිළිබඳ සිද්ධාන්තයේ යෝධ තහවුරුවක්. මේක මහ විසාල ප්‍රවෘත්තියක්... මේක.."
"කරුණාකරලා නුඹ මේ කියන දේ ගැන පොඩ්ඩක් පැහැදිලි කරනව ද" මහාචාර්යවරයා විධාන කළේ ය.
අප ද එහි සිටි බව අන්ෙද්‍රdaව්ට සිහිපත් වූයේ ඒ ප්‍රකාශයත් සමඟිනි. මමිය වෙතින් ඉවතට ඇවිද ගිය හේ මහාචාර්යවරයා වැළඳගෙන ගාම්භීර ස්‌වරයෙන් මෙසේ කී ය.
"අන්තිමේ දි අපිට පර්යේෂණාත්මක තහවුරුවක් ලැබුණා මේ විශ්වයේ කොහේ හරි ඈත කෙළවරක ප්‍රති-ලෝකයක් - ඒ කියන්නෙ ප්‍රති-පදාර්ථවලින් හැදිච්ච අපේ ලෝකයේ සර්වසම පිටපතක් තියෙන වග. ඒ වගේ ලෝකයක් සලකන්න පුළුවන් වෙන්නෙ අපේ ලෝකයේ දර්පණ ප්‍රතිබිම්බයක් හැටියටයි."
*** *** ***
වේගයෙන් චලනය වන, අගනුවර පදික පථ හා මංමාවත් ඔස්‌සේ විද්‍යා මන්දිරය වෙත ඇවිද එන මට නගරයේ සාමාන්‍යයෙන් පවතින නොපැහැදිලි මිනිස් කටහඬ ගුමුගුමුව අතරින් 'දම් පාට මමිය, දම් පාට මමිය...' යන වචන අසන්නට ලැබිණ.
අන්තර්ජාතික විද්‍යාඥයන් ගේ සංගමය විසින් අන්ෙද්‍රdaව් ගේ මේ විස්‌මයාන්විත, අල්පෝක්‌තියෙන් කිව හොත් 'නිර්භීත කල්පිතය' පිළිබඳ විශේෂ ප්‍රකාශයක් කිරීමෙන් අනතුරුව එය මුළු මහත් ලෝකයේ ම කතාබහට ලක් වූ එක ම මාතෘකාව බවට පත් වූයේ ය. ඉදින් මොස්‌කව් පිළිබඳ කියනු කවරේ ද? විච්ඡේදනය කරනු ලැබූ අනුරුව වෙනුවට නව පිටපතක් සාදා ද්‍රව්‍යමය සංස්‌කෘතික කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබන ලදි. අනුරුව නරඹන්නට ලෝකයේ නොයෙක් ප්‍රදේශ වෙතින් කෙතරම් ජන ගංගාවක් ගලා ආවේ ද යත් එහි පිටපත්
රැසක් ම තනන්නට සිදු විය. අගනුවර තිබූ විශාලතම පොදු මහජන ශාලා සියල්ලෙහි ඒවා ප්‍රදර්ශනය කරනු ලැබී ය. උත්තරීතර මණ්‌ඩලයේ විශේෂ නියෝගයක් පරිදි මමියේ ආලෙඛ්‍ය රූපය ත්‍රිමාන වර්ණ රූපවාහිනි තිර මත දවසට තුන් වරක් ප්‍රචාරණය විය. මුළුමහත් මොස්‌කව් නගරය ම 'දම් පාට මමිය, දම් පාට මමිය...' යන හඬින් ආලෝලනය වූයේ ය. මගේ හිස තුළ ගුම් නගමින් පැවතියේ ඊට වඩා සහමුලින් වෙනත් කාරණයකි.
"මායා... මායා... මගේ බිරිඳට සර්වප්‍රකාරයෙන් සමාන වෙනත් ගැහැනියක් විශ්වයේ අන් තැනක සිටිය හැකි ද?"
මට තවදුරටත් එය දරා සිටිනු නො හැකි විය. ක්‍රෙම්ලින් උද්‍යානයේ නිස්‌කලංක අහුමුල්ලක දී මම රේඩියෝ දුරබනුව සාක්‌කුවෙන් ඉවතට ඇදගෙන ලෙනින්ස්‌කිහි අංකය ඔබන්නට වීමි. තත්පර කිහිපයකින් අනතුරුව ගුමනයේ දිගු නාදය ඇසිණ.
"මායා... මේ ඔයා ද?"
"ඔව්... මොකද්ද අනේ මේ දම් පාට මමිය ගැන ඇති වුණ හදිසි කරච්චලේ. මගේ අති විශිෂ්ට කීර්ති නාමය කෙළෙසීම සම්බන්ධයෙන් උසාවි යන්න වෙලා තියෙන්නෙ දැන්... ලෝකෙට ම පේන්න නටන මේ නාඩගමට විරුද්ධ ව."
ඔන්න මගේ මායා ගේ හැටි... ජීව ප්‍රාණයෙන් බුබුළු නඟන සිඟිති ගැහැනිය. ඇගේ සරදම්කාරී සීනු කට හඬට සවන් දෙන අතරතුර මගේ හිස මත තිබූ මහා බර ඉවත් විය.
"මෝඩ කතා කියන්න එපා. ඔයා ආඩම්බර වෙන්න ඕනැ ඔයා ගැන." මම පිළිතුරු දුනිමි.
"ආඩම්බර තමා. මෙහේ පත්තරයි, රේඩියෝ ටෙලිවිෂන් නාළිකායි එක්‌ක මේ දවස්‌වල මම හොඳ නැටුමක් නටන්නේ. මමත් දැන් ලෝකෙ රටේ සෑහෙන ප්‍රසිද්ධ චරිතයක් වෙලා. ඔයා දන්නව ද, ඔය මොස්‌කව්වල කොමිසමකින් මාව පරීක්‌ෂා කරන්නත් ආව නේ. ඒගොල්ලන්ට ඕන වුණේ මගේ හෘදය වස්‌තුව තියෙන්නේ හරියට ම වම් පැත්තෙ ද කියල දැනගන්න.
"ඉතින් ඒගොල්ල මොනව ද හොයාගත්තේ?"
"අඃ, ඒක නියම විදිහට වම් පැත්තෙ තියෙනවා. දැන් ඒගොල්ලන්ට හොඳට ම සහතිකයි මම ආවෙ ප්‍රති-ලෝකෙන් නෙවි කියල." ඈ විනෝදකාමී සිනාවක් පෑවා ය. "ඉතින් ඔයා මොනව ද ඔහේ ඉඳන් කරන්නේ?"
"මම ඉතින් කටත් පියාගෙන පැත්තකට වෙලා ඉන්න උත්සාහ කරනවා. බැරි වෙලාවත් ඒ ගොල්ලෝ දැනගත්තොත් අර දම් පාට නෝන ගේ පෘථිවි-පිටපත් සැමියා මමයි කියල මොනවයින් මොනව වෙයි ද කියල ඔයාට හිතාගන්න පුළුවන් ද?"
"අර කැත පාටින් ඔයා වත් පාට කරා වි එහෙනම්ෘ අනේ ඇත්තට, ඇයි ඒගොල්ලෝ එයාව දම් පාටින් ම පාට කළේ?"
"කවුරුත් පාට කරලා නෙවි ඒ. ඒ තොරතුරු යන්ත්‍රවලින් ඈ හැදිලා එළියට ආපු හැටි. මං හිතන්නේ ප්‍රති-ලෝකෙ නියමයන් ගේ හැටියට ඇගේ පෙනුම එහෙම වෙන්නැති... ගොඩක් ඈයො දම් පාටට ආසයි නේ?" මම ඈට සරදම් කළෙමි.
"නවත්තන්න දැන්... මට දැන් ප්‍රශංසා හොඳට ම ඇති වෙලා තියෙන්නේ. මොකද, මෙහේ දි ඒවා ඇති තරම් හම්බ වුණා. දැන් ඔයා මොනව ද කරන්න යන්නේ?"
මම අත් ඔරලෝසුව දෙස බැලීමි.
"තව තත්පර අසූවකින් මම ඉන්න ඕන ඇකඩමියේ මහ කිරිගරුඬ ශාලාවේ තියෙන සම්මන්ත්‍රණයක. දැන් යන්න වෙලාව හරි."
හොඳයි මැණික, එහෙනම් ආයුබෝවන්. මම සම්මන්ත්‍රණය රූපවාහිනියෙන් බලන්නම්. දැන් තියන්නම්."
"ආයුබොවන්"
කිරිගරුඬ ශාලාව අතුරු සිදුරු නොමැති ව පිරී ඉතිරී ගොස් තිබූ අතර හිඳගැනීම සඳහා ස්‌ථානයක් සොයාගැනීම උගහට විය. අවසානයේ දී ශාලාව පසුපස ප්‍රධාන ප්‍රවේශ දොරටුව අසල අසුනක් යන්තම් සොයාගැනීමට මම සමත් වීමි. කන්බනු පැළඳගත් මම දෘශ්‍යාධාරක පැනලයේ තිරය ක්‍රියාත්මක කළෙමි. ඇකඩමියේ සභාපති වූ ශාස්‌ත්‍රඥ ජොනතොව් සම්මන්ත්‍රණයේ අරමුණ වූ 'අන්ද්‍රෝව් කල්පිතයේ විද්‍යාත්මක ශක්‍යතාව විමසීම' පිළිබඳව සංésප්ත ව විස්‌තර කරමින් කෙටි දේශනයක් කළේ ය. සියලු කථිකයන්ට දරදඬු කාල නියමයක් පනවා තිබුණේ කථිකාසනයේ විනාඩි තුනක් හා කාණ්‌ඩ සාකච්ඡා වාරයේ විනාඩි දෙකක් වශයෙනි. සාකච්ඡා වාර පැවැත්වීමට නියමිත ව තිබූ ඇකඩමි ශාලාවන්හි පටිගත කිරීමේ යන්ත්‍ර සවි කොට තිබූ අතර සැම නියෝජිතයකුට ම සිය අදහස් පළ කරන්නටත්, අන් නියෝජිතයන් ගේ දේශන හා වාර්තා පිටපත් ලබාගැනීමටත් අවකාශ සලසා තිබිණ.
අන්ද්‍රෝaව් පස්‌වැනි කථිකයා ලෙස න්‍යාය පත්‍රගත ව සිටියේ ය. සභාවාරය ආරම්භ කිරීමට නියමිත ව තිබුණේ චිකාගෝවෙන් පැමිණි රේඩියෝ-තාරකා විද්‍යාඥ හෝනර්ට ය. පිටත අභ්‍යවකාශයෙන් පැමිණෙන රේඩියෝ තරංගයන්හි පදාර්ථමය වැදගත්කම සම්බන්ධයෙන් අනාවරණය වී ඇති කරුණු පිළිබඳව හේ විස්‌තර කළේ ය. භෞතික ස්‌වරූපයේ සංඥාවන් අර්ථ විවරණය කරගැනීම සඳහා පදනම් වූ තොරතුරු සිද්ධාන්තමය සූත්‍රයක් තිරයෙහි දිස් වන්නට විය. හෝනර් ගෙන් අනතුරුව අදහස් දැක්‌වූ මොස්‌කව් සිට පැමිණි සොල්වින්, ඇල්µd ස්‌වෝන් කලාපයන් වෙතින් පැමිණි සංඥා ප්‍රතිග්‍රහණයට යොදාගත් උපකරණයන්හි බුහුටිකම් ගැන විස්‌තර කළේ ය. බුලවායෝ සිට පැමිණි සුගාන් කතා කළේ කොස්‌මික් රේඩියෝ තොරතුරු පටිගත කිරීමේ හා ගබඩා කිරීමේ මූලධර්ම පිළිබඳව ය.
සියලු ලියවිලි අතර නීරස ම එක වූ ප්‍රංශ රේඩියෝ ඉංජිනේරුවකු වූ සුෂී විසින් ලියන ලද අතිශයින් විශ්ලේෂණාත්මක වාර්තාවක් මට හමු විය. පාර�වනි තරංග මඟින් භෞතික සිරුරු අවකාශීය පරිලෝකනයට බඳුන් කිරීම හා ඒවා නැවත ද්‍රව්‍යමය තොරතුරු ආකෘති බවට හැරවීම පිළිබඳ සිය නිරීéණ ඔහු එමඟින් ඉදිරිපත් කොට තිබිණ. ඔහු කියා සිටියේ එම ක්‍රියාවලියට පදනම් වන්නේ ද්විමාන රූපවාහිනි තිරයක පරිලෝකන මූලධර්මය ම බවත් එහි දී සිදු වන එක ම වෙනස තොරතුරු පිරිවෙළුම සඳහා මයික්‍රෝන කිහිපයක විෂ්කම්භයෑති �වනි තරංගයක් හෙවත් පාර�වනි 'ඉදිකටුවක්' යොදාගැනීම බවත් ය ඔහු ගේ නිගමනය වූයේ(
'ජීව වස්‌තූන් ගේ තොරතුරු ප්‍රතිග්‍රහණය සඳහා ස්‌වභාවයෙන් ම එම ජීවීන් සායනිකව මිය ගොස් තිබිය යුතු ය. යටත් පිරිසෙයින් සාකච්ඡාවට බඳුන් වූ පරිලෝකන ක්‍රමවේදය සඳහා හෝ එය අදාළ විය යුත්තේ පාර�වනි තරංග මඟින් ජීවී සෛල විනාශ වන බැවිනි.'
මෙවැනි මූලික වාර්තා සකසා තිබූ අතර පර්යේෂණාත්මක සොයාගැනීම්වල ගුණාත්මක භාවය පිළිබඳව අදහසක් ලබාගැනීමට නියෝජිතයන්ට ඉන් අවකාශ සැලසිණ.
අවසන අන්ද්‍රෝව් සිය දේශනය සඳහා නැඟී සිටියේ ය.
"පදාර්ථයේ පවතින මූලික අංශු හා ප්‍රතිඅංශු ගැන ඔබ දැනටමත් දන්නවා. ඒ නිසා ඒ ගැන ආයෙමත් කතා කරන්න මගේ අදහසක් නෑ. මම නිකම් ඒවායේ නම් ටික විතරක් කියාගෙන යන්නම්. ඉලෙක්‌ට්‍රොaන, පොසිට්‍රොaන, ප්‍රොaටෝන සහ ප්‍රති-ප්‍රොaටෝන, නියුට්‍රොaන සහ ප්‍රති-නියුට්‍රොaන. කෙටි ආයු කාලයක් ඇති අනෙකුත් අංශු දැනට ඒ හැටි වැදගත් වෙන්නෙ නැහැ. මලිනොව්ස්‌කි හා සේග් විසින් කරන ලද පර්යේෂණවලින් ඔප්පු කරලා තියෙනවා මූලික අංශුවලින් ඕනෑ ම මූලද්‍රව්‍යයක ස්‌ථායී ප්‍රති-පරමාණු නිර්මාණය කරන්න පුළුවන් බව. ප්‍රති-ලෝකයක් ගොඩනඟන්න මේක විතරක් ප්‍රමාණවත්. ඒත් මම ඔබේ අවධානයට ලක් කරන්න උත්සාහ කරමින් ඉන්නේ ඒක ගැන නෙවි. ප්‍රති-අංශු බිහි වෙන්නෙ යුගල වශයෙනුයි. අපේ අලුත් ම පර්යේෂණවලින් ඔප්පු කරල තියෙන ආකාරයට යුගල තරු විතරක් නෙවි යුගල ග්‍රහ මණ්‌ඩල පවා පවතින්න පුළුවන්. යුගලයේ එකක් පදාර්ථ වන අතරේ අනෙක ප්‍රති-පදාර්ථවලින් හැදුණු ප්‍රතිබිම්බමය ප්‍රකාශ සමාවයවිකයක්. ඔබ දන්නවා, මෙහෙම බිහි වන යුගල, භෞතික වශයෙන් සර්වසම වුණත් ඒවා ආරෝපණය හා භ්‍රමණ ගති ලක්‌ෂණ අතින් එකිනෙකට වෙනස් බව. අඩු ශක්‌තියක් හා දුර්වල පරස්‌පර ක්‍රියාවන් සහිත දෙවැනි වර්ගයට බැහැ ජීව විද්‍යාත්මක පරිණාම ක්‍රිsයාවලියට බලපෑම් කරන්න. මම ප්‍රකාශ කර සිටිනවා අපේ සූර්යයා සහ ග්‍රහයන් බිහි වූ මොහොතේ ම සුවිශාල විද්යුත් චුම්බක ක්‌වොන්ටම් මඟින් ඒවායේ ප්‍රති-පදාර්ථමය නිවුන්නුන් බිහි වුණ බව. වෙනත් තාරකාවල විකිරණ උච්ඡාවචනයන් ගේ ප්‍රතිඵලයක් හැටියට මේ ක්‌වොන්ටම්, කාලෙන් කාලෙට විශ්වය තුළ දර්ශනය වෙන්න පුළුවන්. ඒක එහෙම නම් ප්‍රති-මානව ගහණයකින් සමන්විත ප්‍රති-පෘථීවියක් පවතින බව."
අනතුරුව සිනා රළ ප්‍රවාහයක් ශාලාව සිසාරා ගලා යන්නට විය.
නැඟී සිටි සභාපතිවරයා අන්ද්‍රෝව් ඇමතී ය.
"ප්‍රති-මානව, ප්‍රති-මිනිස් කියන යෙදුම් එච්චර ප්‍රියමනාප නැහැ. පොඩි අපහාසාත්මක ගතියක් දැනෙනවා."
"සමාවෙන්න, මම අදහස් කළේ ප්‍රති-පදාර්ථයෙන් සෑදුණු මිනිසුන් කියන එකයි."
සිනාව කෙමෙන් මැකී ගියේ ය.
අනතුරුව ප්‍රති-පදාර්ථයෙන් සෑදුණු මිනිසුන් ගේ ව්‍යqහය පිළිබඳ සවිස්‌තර විග්‍රහයක් අන්ද්‍රෝව් විසින් ඉදිරිපත් කරන ලදි. ඔහු අවධාරණය කළේ පෘථීවි ව්‍යqහයට අදාළව පැවතිය යුතු අපවර්තිත සමමිතිකභාවයේ අවශ්‍යතාවයි. වාර්තාවේ දම් පැහැ මමිය පිළිsබඳ කොටසට පැමිණි විට ඔහු ගේ උනන්දුව පමණටත් ඉහ වහා ගිය බැවින් කතාවේ ඉතිරි කොටස ඔහුට යාබද ශාලාවේ දී ඉදිරිපත් කළ හැකි බවට සභාපතිවරයා විසින් යෝජනා කරනු ලැබිණ.
ඊළඟ දේශකයා වූ නොවොසිබර්ස්‌ක්‌හි සිට පැමිණි විශිෂ්ටතම මානවවේද විශේෂඥයකු වූ ගුටන්, අන්ද්‍රෝව් ගේ සිද්ධාන්තයට රැහැණිව අදහස් ප්‍රකාශ කළේ ය. සංඛ්‍යාන දත්ත ද භාවිත කරමින් ඔහු පෙන්වා දුන්නේ පෘථිවිය මත ම විවිධ ස්‌ථානවල වෙසෙන මිනිසුන් අතර විස්‌මයජනක සමානකම් බහුල ව දැකිය හැකි බවයි. මමියේ දක්‌නට ලැබුණ පැති මාරු වූ අභ්‍යන්තර අවයව සම්බන්ධයෙන් ද ඔහු අප ගේ ග්‍රහලොව තුළ ම දක්‌නට ලැබුණ සමාන අවස්‌ථාවන් පිළිබඳ නිදසුන් ගෙනහැර පෑවේ ය.
එකවර ම විනීතභාවයේ සියලු නීති රීති අවුල් කර දමමින් ශාලාව මැදින් කිසිවකු කෑගැසුවේ ය. "නුඹේ ඔය සම්භාවිතාව දහයේ විශාලත්ව ගණයෙන් වැඩිවිය යුතු යි. ඒ නිසා ඒක බොහොම කුඩා අගයක්"
"ඒ කොහොම ද?" ගුටන් éණික ව ප්‍රහාරය මඟහැරියේ ය.
"මුලින් ම කියන්න තියෙන්නෙ දම්පාට මමිය කියන්නෙ පෘථිවිවාසියකු ගේ සර්වසම පිටපතක්. දෙවනුව ඇගේ අවයව පිහිටලා තියෙන්නේ පැති මාරු වෙලා. තුන් වැනි ව භාෂාවේ දී ෆිලෝට සර්වසම උඩු කය රූපයක් අභ්‍යවකාශයෙන් ලැබිල තියෙනවා. මේ වගේ අති විශේෂ සංකීර්ණතාවක් ඇති සිදුවීම් තුනක් එකවර අහම්බෙන් සිද්ධ වෙන්න පුළුවන්කමක් නෑ."
චින්තාපර ව බැම අකුලාගත් ගුටන් නිහඬ ව ම පසු වූ අතර මුණු මුණුවක් ශාලාව සිසාරා පැතිර ගියේ ය.
"හොඳයි, පැහැදිලි කරන්න" සභාපති ඇනැවී ය.
"මං හිතන්නෙ නෑ එහෙම කළ යුතුයි කියල. මොකද, අර මහත්මයා ඔහු ගේ තර්කය ඔප්පු කළ නිසා"
කථීකාසනයෙන් පහළට බට හේ සිය අසුනෙහි හිඳගත්තේ ය.
එළියට බැස ප්‍රවේශ ශාලාවට පැමිණි මම සම්මන්ත්‍රණයේ ප්‍රථම වාර්තා කට්‌ටලය මුද්‍රණය කරමින් තිබූ ඉලෙක්‌ට්‍රොනොගෆ් යන්ත්‍රය වෙත ගියෙමි. දේශකයෝ ඒ අසල හඬ-වරිත කුටි තුළ පසු වූ හ.
ඔවුහු තර්ක කරමින්, විරෝධය පාමින් හා සැක සංකා මතු කරමින් අන්ද්‍රෝව් ගේ කල්පිතය නිෂ්ප්‍රභ කරන්නට වෙර දැරූ හ.
අනතුරුව විවෘත සඳැල්ල වෙත ගිය මම ලෙනින්ස්‌කි අංකය ඇමතීමි. මායා, දුරබනුව ඔසවන්නට පෙර තරමක වේලාවක් ගත විය.
"ඔයා සම්මන්ත්‍රණය බලනව ද?" මම ඇසීමි.
"දැන් නම් නැහැ. මට ටිකක් වෙහෙසයි වගේ. දන්නව ද? අර ගුටන් වේදිකාවෙන් බැහැල ගියාට මොකද, මං හිතන්නේ එයා හරි. මේ සමානකම අහම්බයක් කියලයි මටත් හිතෙන්නේ. අපේ ලෝකේ ඇතුළෙ ම ඔය වගේ අහම්බ කොච්චර තියෙනව ද, එහෙම එකේ මුළු විශ්වය ම ගත්තොත් ඒක එහෙම වෙන්න ම එපැයි. ආයුබෝවන් වස්‌තුව. මං හිතන්නේ මං ගිහින් ආයේ ටිකක් ඇලවුණොත් හොඳයි වගේ."
මායා, රිසීවරය තැබුවා ය. ඈ නො ව අන් අයකු දම් පැහැ මමියට සමාන වුවා නම් මා වඩාත් කැමති වන්නට ඉඩ තිබූ බව මායාට කියාගන්නට මට අවස්‌ථාවක් නො ලැබිණ.
****************************
නරක ම දෑ සිදු වූයේ සම්මන්ත්‍රණය අවසන් වීමෙන් පසුව ය. ඉදිරිපත් වූ පර්යේෂණ දත්ත අන්ද්‍රෝව් ගේ කල්පිතය සාධනය කිරීමට තරම් ප්‍රමාණවත් නො වන බවට ඒකමතික ව නිගමනය කළ විද්වත් පිරිස තම තමන් ගේ වාසස්‌ථාන බලා පිටත් ව ගොස් තිබිණ. පැය කිහිපයක් ගත වන්නටත් කලියෙන් දම් පැහැ මමිය පිළිබඳ ලෝකයා ගේ උනන්දුව අතුරුදන් විය. අනු රූ සියල්ල ඉවත් කොට කෞතුකාගාරයන්හි යටිබිම් මහලවල තැන්පත් කරන ලද අතර අන්ද්‍රෝව් විසින් විච්ඡේදනය කරන ලද අනුරුව පමණක් මධ්‍යම ව්‍යවච්ෙච්ද විද්‍යා ශාලිකාව වෙත රැගෙන යන ලදි.
එහෙත් ව්‍යවච්ඡේදඥයෝ, ව්‍යාධි-ව්‍යවච්ඡේදඥයෝ, භෞතවේදීහු, සෛල විද්‍යාවේදීහු ඇතුළු පිරිසක් තවමත් මමිය සම්බන්ධ අධ්‍යයනයන් සිදු කරමින් සිටිය හ. ලෙනින්ස්‌කි බලා පිටත් වීමට පෙර කිසියම් අලුත් තොරතුරක් ඇත් දැයි සොයා බැලීමට ගිය මම විච්ඡේදන අංශයේ දොරකඩ දී අන්ද්‍රෝව් ගේ ඇඟේ හැපී නතර වූයෙමි. අපමණ වෙහෙසකාරී බවක් ඔහු වෙතින් දිස් විය.
අඩක් ඇරුණු දොර අතරින් මා දුටුවේ දම් පැහැ මමියේ ඉතිරි ව තිබූ හැඩක් කඩක් නැති කොටස් මතට එබීගෙන සිටි දොස්‌තරුන් පිරිසකි.
"කොහොම ද වැඩ කටයුතු?" මම අන්ද්‍රෝව් ගෙන් ඇසීමි.
"නරක නැහැ. අපි ඔප්පු කළා මමියේ අභ්‍යන්තර අවයවවල අපවර්තිත සමමිතිය පිළිබඳ සැකයක් නැහැ කියල."
"ඉතින් එහෙම එකේ, දැන් මොනව ද ඔය ඈත් එක්‌ක කරන්නේ?"
අන්ද්‍රෝව් ඕනෑවට එපාවට මෙන් දෙවුර හැකිළී ය.
"ඒ ගොල්ල හදන්නේ මමියේ වයස කොච්චරක් ද කියල හොයාගන්න. ඉන් පස්‌සෙ නුඹේ බිරිඳ ගේ වයසත් එක්‌ක සංසන්දනය කරන්න."
"අපරාදේ ඔය ප්‍රති-ලෝකේ මිනිස්‌සු ඈව රේඩියෝ මාර්ගෙන් මේ ලෝකෙට එවන කොට ඇගේ චරිත කතාව ලියපු කොළයක් අමුණලා එවපු නැති එක." මම විහිළු කළෙමි. "මට සහතිකයි, අමාරුවෙන් හරි අපිට අකුරුවල නොපිට ප්‍රතිබිම්බය කියවගන්න තිබ්බා."
"මම කණගාටු වෙන්නේ වෙන දෙයක් ගැන. මහාචාර්ය ෆිලෝ ගේ උඩු කය වෙනුවට මුළු ශරීරය ම අපිට ලැබිල තිබුණ නම් මගේ විරුද්ධකාරයන්ට එයාල ගේ තර්ක ඔප්පු කරන්න බොහොම අමාරු වෙන්න තිබ්බා."
මම එකඟතාව පළ කරමින් හිස වැනුවෙමි.
"නුඹේ බිරිඳ ෆිලෝ එක්‌ක වැඩ කළා නේ ද?"
"ඔව්. ඈ ඔහු ගේ සහායිකාව විදියට වැඩ කළා. ඈ ඔය ඉන්දුනීසියානු භාෂා කාණ්‌ඩයක් ගැන අධ්‍යයනය කරේ ෆිලෝ ගේ උපදේශකත්වය යටතේ."
අන්ද්‍රෝව් හිස සැලුවේ ය.
"මගේ කල්පිතය හරියි කියල ඔප්පු කරන්න තව එක විදිහක් තියෙනවා. ඒ ඔක්‌කොම තීරණය වෙන්නේ අරගොල්ල මත." ඔහු විච්ඡේදන අංශය හිසින් දැක්‌වූයේ ය.
"මමියේ වයස ද ?"
"ඒකයි. තව වෙනත් දේවලුයි."
මගේ වැළමිටෙන් අල්වාගත් අන්ද්‍රෝව් බරාඳය ඔස්‌සේ මා රැගෙන ගියේ ය.
"මේ වෙලාවේ අපිට එතන බලන්න තරම් වැදගත් දෙයක් නැහැ. නුඹ කැමති ද මුල් පිටපත් අවකාශීය පරිලෝකනය කරපු තොරතුරු ගොනු කරලා ආකෘති හදන යන්ත්‍රය වැඩ කරන හැටි බලන්න ?"
"ආයෙත් අහල."
සෝපානයට නැඟ ඉහළින් වු ගුවන් ප්‍රවේශය වෙත ගිය අපි එතැනින් ඝෝෂා රහිත ව කේබල මත දිවෙන බමර යානයකට ගොඩ වීමු. එය විනාඩි කිහිපයකින් අප මොස්‌කව්හි එක් කෙළවරක සිට අනෙක කරා රැගෙන ගියේ ය. වලාවෙන් තොර නීල වර්ණ අහස සීතලෙන් බර විය. හරිත පැහැ පිඬුවක් සේ දිස් වූ නගරය නිල් පැහැති මිහිදුම් සේලයක දැවටී තිබිණ.
"නුඹ ඉපදුණේ මෙහේ ද?" අන්ෙද්‍රdaව් ඇසී ය.
"නැහැ" මම පිළිතුරු දුනිමි.
"පහුගිය අවුරුදු තිහේ දී අපේ මේ නගරෙ පුදුමාකාර වෙනස්‌කම්වලට ලක් වුණා."
"ඒක ඇත්ත," මම අනුකූලතාව දැක්‌වූයෙමි.
"ඒක නෙවෙයි, මේ මමියේ වයස ඇරුණා ම නුඹේ සිද්ධාන්තය ඔප්පු කරන්න තියෙන අනෙක් සාධක මොනව ද?"
අන්ෙද්‍රdaව් යුහුව ඇවිද ගියේ මගේ බාධා කිරීම ගණනකට වත් නො ගනිමිනි. ඔහුට මගේ ප්‍රශ්නය මඟහැර යැමට අවශ්‍ය වූවා සේ ය.
"මම නම් ඉපදුණ දවසෙ ඉඳන් ම ජීවත් වුණේ මෙහේ. මොස්‌කව් නගරෙ දෙවැනි ප්‍රතිසංස්‌කරණය මේ ඇස් දෙකෙන් ම මම දැක්‌කා. ඒක සිද්ධ වුණේ හරියට සුරංගනා කතාවක වගේ... මේ යෝධ මන්දිර, එතකොට උයන් පහළ වුණේ හරියට අහසින් කඩාගෙන වැටුණ වගේ. උමං දුම්රිය වෙනුවට, හෙලිකොප්ටරයි මේ සද්ද බද්ද නැති යන්ත්‍රයි නගරෙ වටේ කරක් ගහන්න පටන් ගත්තා. පරණ පන්නේ ට්‍රෑම්, ට්‍රොලි බස්‌වලට පාවිච්චි කරපු විදුලි රැහැන් දැන් පේන්න වත් නැහැ. ඒ වෙනුවට දැන් තියෙන්නේ මීටර සිය ගාණක් ඉහළින් එල්ලෙන සංගිලි පාලමුයි, බමර යානා කේබල් හයි කරපු දිළිසෙන ලෝහ කුලුනුයි. ජීවිතේ හරි ම ත්‍රාස්‍යජනක වෙලා, ආශ්චර්යවත් වෙලා. ජීවිතේ ආශ්චර්යවත් වෙලා..." ඔහු පුනරුච්ඡාරණය කළේ කල්පනා බර වෙමිනි.
ප්‍රශ්නය යළි ඇසීමට මට අවශ්‍ය වුවත් ඒ මොහොතේ ම අප ගමන් කළ බමර යානය වේදිකාවක් අසබඩ නතර වූයේ ය.
"ඔන්න අපි ආවා" අන්ෙද්‍රdaව් කී ය.
"අර පේන්නෙ අපේ ප්‍රතිග්‍රාහක මධ්‍යස්‌ථානෙ."
පහළ බැලූ මා දුටුවේ හරිත පැහැ ලතා මඬුල්ලකින් ගැවසි පැතලි වහලකින් යුත් කුඩා ගොඩනැගිල්ලකි.
ස්‌පන්දිත පරිලෝකනය ඇසුරින් භෞතික වස්‌තූන් ගේ පරිමාමිතික ප්ලාස්‌ටික්‌මුවා ආකෘති නිර්මාණය කළ යන්ත්‍රය හැඳින්වුණේ ඉලෙක්‌ට්‍රොනික-èවනි පුනරාවර්තකය යනුවෙනි. එය දිළිසෙන මල නො බැඳෙන වානේවලින් හා දීප්තිමත් සුදු පැහැති එනැමලයෙන් සැදුණු සුවිසල් ව්‍යqහයක් වූයේ ය. එහි වූ සිසිලන නළවලින් වරින් වර උණුසුම් හෝ සිසිල් වායු පිහිරක් ඉවත විදුණේ ය. ඇසෙන නෑසෙන තරමේ සියුම් ගුමුවක් යන්ත්‍රය තුළින් නැඟී ආවේ ය.
ශාලාවේ කෙළවර වීදුරු දෙබෙදුම පිටුපසින් පළමුවැන්නට වඩා පමණින් කුඩා වූ තවත් යන්ත්‍රයක් දක්‌නට ලැබිණ. අපි ඒ දෙසට ගමන් කළෙමු.
පාලක පුවරුව අසල හිඳ සිටි යුවතියක් පොතක් කියවමින් සිටියා ය. වරින් වර පොතෙන් දෑස ඉවතට ගත් ඕ පාලක පුවරුව දෙස බැලුවා ය. ඈ ඉදිරිපිට වූ නියොන් එළියක් අක්‍රමවත් අන්තරයන් සහිත ව නිවි නිවී දැල්වුණේ ය.
"මොකද්ද දැන් යන වැඩේ ගාල්යා?"
"අලුත් පරමාණු ප්‍රතික්‍රියාකාරකයක ආකෘතියක්. රෝමෙන් එව්වේ" නැඟී සිටි තරුණිය පිළිතුරු දුන්නා ය.
"රේඩියෝ මාර්ගෙන් ද? කේබල් මාර්ගෙන් ද?"
"රේඩියෝ ප්‍රතිප්‍රචාරණ මාර්ගෙන්"
හිස සැලූ අන්ෙද්‍රdව් මා දෙසට හැරුණේ ය.
"දැන් බලාගන්න ඒක කරන්නේ කොහොම ද කියල. මෙන්න මෙතන තමයි අපි කේත තොරතුරු ප්‍රතිග්‍රහණය කරන්නේ. ඒවායේ තියෙන්නේ අපට එවන වස්‌තුවේ හැම ලක්‌ෂයක ම ඛණ්‌ඩාංක, ඒක හැදිලා තියෙන ද්‍රව්‍යයේ පාට, ඒකෙ ගොඩනැඟීමේ විස්‌තර, දිග, පළල, ඝනකම වගේ දේවල් එක්‌ක කේතනය කරපු විස්‌තර. ඒ තොරතුරු විස්‌තාරකයේ ඉඳල ඊළඟට ඇතුළු වෙන්නෙ විකේතකයට. ඊට පස්‌සේ ඒවා වෙන වෙන ම නාළිකාවලට යවනවා. ඒවායින් තමයි යන්ත්‍රයේ රසායනික හා යාන්ත්‍රික කොටස් මෙහෙයවන ප්‍රතිප්‍රචාරකය ක්‍රියාත්මක කරවන්නේ."
සුවිසල් මණ්‌ඩපයේ තිබූ යන්ත්‍රය වෙත යළි පැමිණි අපි එහි මධ්‍යයේ වූ දර්පණයක් වන් දැවැන්ත දැකුම් කුටිය වෙත ළඟා වීමු. අන්ෙද්‍රdaව් එහි තිබූ විදුලි පහනක් දැල්වූ අතර අභ්‍යන්තර කුටීරය දීප්තිමත් ව ආලෝකයෙන් බැබළුණේ ය. කුටීරය මැද තිබූ හැඩයක් නැති කිසියම් ස්‌කන්ධයක් තුනී ලෝහ ඉදිකටු රැසක් විසින් හාත්පසින් වට කරනු ලැබ ඒවාට ස්‌පර්ශ වෙමින් පැවතිණ.
"මෙන්න මෙතන දි තමයි අපි අර තොරතුරු අනුරුවක් බවට හරවන්නේ. අර පේන වායු සිසිලනය කරලා තියෙන ඉදිකටු අපි බෙහෙත් විදින්න පාවිච්චි කරන එන්නත් කටුවලට සමානයි. ඒවායින් හීන් දියර ප්ලාස්‌ටික් දහරා කෙටි විදුම් හැටියට නිකුත් වෙනවා. මේ ඉදිකටු, මුල් වස්‌තුව සංවේදනය කරමින් තියෙන පාර-èවනි ඉදිකටු එක්‌ක සමකාලික කරලයි තියෙන්නේ. බිංදුවෙන් බිංදුව, ලක්‌ෂයෙන් ලක්‌ෂයට මේ ප්ලාස්‌ටික් දහරාවෙන් අනුරුව ගොඩ නැෙගනවා. මෙන්න මේ ලීවර පාවිච්චි කරලා අපිට පුළුවන් අනුරුවේ පරිමාණය පාලනය කරන්න. ඒ නිසා අපිට මේ අනුරූ මුල් වස්‌තුවට වඩා කුඩාවට හරි විශාල ව හරි හදන්න පුළුවන්.
"එතකොට පාට?"
"ඒක හරි ලේසියි. මුල් අවස්‌ථාවේ දී මේ ප්ලාස්‌ටික් ද්‍රව්‍යයට පාටක් නැහැ. ඒත් අපිට ලැබෙන වර්ණ තොරතුරු අනුව, ප්‍රකාශ කැලරි මීටරය අවශ්‍ය ප්‍රමාණයට ඒකට ඩයි වර්ගයක් එකතු කරනවා..."
"එතකොට මෙතැනයි එහෙනම් දම් පාට මමිය ඉපදුණේ?"
අන්ෙද්‍රdaව් හිස සැලී ය.
"කොහොම වුණත් මට තාමත් තේරුම්ගන්න බැරි ඇයි ඒක දම් පාට ම වුණේ කියල. මේ ඔක්‌කොම සිද්ධ වෙන්නෙ නුඹ විස්‌තර කරපු ආකාරෙට නම් ඒකට තියෙන්න ඕන ස්‌වාභාවික ලේ - මස් පාටක් නේ ද?"
"ඔය විෂය ගැන සම්මන්ත්‍රණේ දීත් හරියට මතභේද, තර්ක - විතර්ක ඇති වුණා. මං හිතන්නේ එක භෞතික විද්‍යාඥයෙක් මේ පටලැවිලි සහගත සංසිද්ධියට හොඳ පැහැදිලි කිරීමක් කළා. නුඹ අහල තියෙනව ද ඩොප්ලර් ආචරණය ගැන ?"
"ඔය කියන්නෙ කිරණ ප්‍රභවය නිරීක්‌ෂකයා ගෙන් ඈතට යනකොට සිද්ධ වෙන තරංග ආයාමයේ වැඩි වීම නේ ද?"
"හරියට ම හරි. උදාහරණයක් හැටියට ගත්තොත් නුඹ නිශ්චලව ඉන්න නිරීක්‌ෂකයකු ගෙන් ඈතට අධික වේගයකින් යනව නම් ඔහුට නුඹේ ශරීරය රතු පාටට පේන්න පුළුවන්. මං හිතන්නේ මමියේ පාටින් අපට පෙන්නුම් කරන්නේ ප්‍රති - ලෝකය ඊට විරුද්ධ දිශාවට, ඒ කියන්නෙ පෘථිවිය දිහාවට අති විශාල වේගයකින් ඇදිල එනවා කියන එකයි."
වීදුරු දෙබෙදුම පිටුපසින් සිටි යුවතිය ඔහුට හඬ ගැසුවේ ඒ මොහොතේ දී ය.
"ඉක්‌මනට ටෙලිෆොaන් එකට එන්න ලු"
අන්ෙද්‍රdaව් මොහොතකට සමුගත් අතර මම එතැන සිටගෙන මීට කිලෝමීටර දස දහස් ගණනක් ඈතින් පිහිටි වස්‌තුවක පරිමාමිතික පිටපත නිමවමින් සිටි ප්ලාස්‌ටික් ඉසින ඉදිකටු දෙස බලාගෙන සිටියෙමි. මම සිතින් මවාගන්නට උත්සාහ කරමින් සිටියේ සියලු පරිකල්පනයන් ඉක්‌මවන්නා වූ දුරක තිබු මිනිස් සිරුරක පරිමාමිතික අනුරුව මේ ඉදිකටු මගින් නිමවන අයුරු බලා සිටි විද්‍යාඥයන් තුළ කෙතරම් උත්කර්ෂයක් පහළ වන්නට ඇත් ද යන්නයි.
යුහු ව මා වෙත පැමිණි අන්ෙද්‍රdaව් මගේ උරහිසින් අල්වාගත්තේ ය.
"එන්න. ඉක්‌මන් කරන්න. අපි පටස් ගාල යන්න ඕනෑ."
"කොහාට ද?" මම කෑගසා ඇසුවේ විස්‌මයෙනි.
"අපි ආපහු යන්න ඕනෑ ශල්‍යාගාරෙට... පුළුවන් තරම් ඉක්‌මනින්..."
සිදු වන්නේ කුමක් ද යන්න පිළිsබඳ අල්පමාත්‍ර හෝ අදහසක් නොමැති ව මම ඔහු පසුපස ඇදී ගියෙමි. බමර යානා මං පෙත දිගේ ඉහළ නැඟි අප අවසානයේ ඉසිඹුවකට පැමිණියෙමු.
"මොකද වෙලා තියෙන්නෙ?" මම ඇසුවෙමි.
"කවද ද නුඹ අන්තිම වතාවට බිරිඳට කතා කළේ?"
"මොකද්ද කිව්වේ?"
"නුඹ අන්තිමට බිරිඳට කතා කළේ කවද ද?" ඔහු පුනරුච්ඡාරණය කළේ සිය ගැඹුරු කාලවර්ණ දෑස නෙරවා මා දෙස බලමිනි.
බමර යානය පිටත් වන්නට සැරසිණ. යුහුව මා එතුළට ඇදගත් අන්ෙද්‍රdaව් කවුළුවක් විවෘත කළේ ය. වේගවත් සුළං පහරක් ඇතුළට කඩා වැදුණේ ය.
"වහා ම රේඩියෝ ටෙලිෆොaනය එළියට අරගෙන බිරිඳට කතා කරපන්."
මම දුරබනුව සාක්‌කුවෙන් ඉවතට ඇද ගතිමි.
"කෝ බලමු... අපොයි දෙයියනේ, ඒකෙ තියෙන්නේ ෆෙරයිට් ඇන්ටෙනාවක්. කිසි ම කමකට නෑ... බලමු මේක කනට තියාගන්න පුළුවන් ප්‍රමාණෙට ජනේලෙන් එළියට වත් දික් කරල. මේ බමර යානෙ ලෝහ බඳ නිසා රේඩියෝ සංඥා වැහිලා තියෙන්නේ."
යන්තමින් ලෙනින්ස්‌කි අංකය ඔබාගන්නට ඉඩක් තබාගනිමින් මම හැකි උපරිමයෙන් කවුළුව දෙසට බර වූයෙමි. මගේ හදවත බිහිසුණු ලෙස ස්‌පන්දනය වෙමින් තිබිණ. කුමක් ද මේ වෙන්නෙ?
"මොකද?"
"උත්තරයක් නැහැ"
"ඕක තව පොඩ්ඩක් එළියට දික් කරන්න බලමු?"
මම යළිත් වතාවක් අංකය එබුවෙමි.
"කිසි ම උත්තරයක් නැහැ" මගේ කටහඬ බැරෑඬි ස්‌වරයක් ගත්තේ ය.
"කෝ... මට දීපන් ඒක... මම ඒක පුළුවන් තරම් ඈතට දික් කරන්නම්. නුඹ අහගෙන ඉඳපන්"
රේඩියෝ දුරබනුව අතට ගත් අන්ෙද්‍රdaව් සිය අත වැළමිට තෙක් කවුළුවෙන් ඉවතට දිගු කළේ ය. පහළ බසිමින් තිබූ බමර යානයේ වේගය එක්‌වර ම තියුණු ලෙස වැඩි වුයේ ය. අනතුරුව සිදු වූ හදිසි ගැස්‌සීමකින් රේඩියෝ දුරබනුව මා අතින් ගිලිහී ඉවත පියාඹා ගියේ ය.
"හත් ඉලව්වයි... දැන් ඉතින් මුකුත් කරලා හමාරයි."
බලවත් සුළං දහරාවෙන් මගේ මෙවලම ඉවතට ගසාගෙන යනු ලැබී ය. කවුළුව මත තදින් වැදුණු අන්ෙද්‍රdaව් ගේ අතේ වැළමිටෙන් පහළ ලේ ගලමින් තිබිණ.
මොහොතක් ගත වන තුරු අපි නිහඬ ව එකිනෙකා දෙස බලාගෙන පසු වූයෙමු. ඔහු ගේ දෑසේ වූයේ බියෙන් තැතිගත් බැල්මකි.
"මගේ බිරිඳට මක් වෙලා ද?" අවසන යන්තම් කෙඳිරුමක් පිට කරගන්නට මම සමත් වීමි.
"මම දන්නෙ නෑ... ඒත් අපිට ඉක්‌මනින් ම දැනගන්න ලැබේ වි... හොඳට උත්සාහ කරලා මතක් කරපන් අද වෙනකොට ඇගේ වයස හරියට ම කීය ද කියල. ඒ වගේ ම ෆිලෝ මැරුණු දවසේ ඉඳල හරියට ම කොච්චර දවස් ගත වෙලා ද කියල."
මගේ මනස බියජනක අවුල් ජාලාවක පැටලී තිබිණ... මට අතිශයින් සරල අංක ගණිතමය එකතු කිරීමක් හෝ කරගත නොහැකි ව තිබිණ. හැරත් ඔහුට අවශ්‍ය වූයේ කුමක් ද, ඒ කුමක් සඳහා ද යන්න මට තෝරා බේරා ගත නො හැකි විය. අවසන යන්තම් කටහඬ අවදි කරගන්නට මම සමත් වීමි.
"මගේ බිරිඳ ගේ වයස අවුරුදු විසි තුනයි, මාස තුනයි, දවස් හයයි.... ෆිලෝ මැරිලා මාස තුනයි දවස් තුනයි.
"අධික අවුරුදු ගණන් අරගෙන ද ඔය ගාන හැදුවෙ."
"නැහැ"
"කමක් නැහැ. ඒක මං කරගන්නම්. කියපන් මට දවසයි, මාසෙයි, අවුරුද්දයි..... නැහැ නැහැ වැඩිය හොඳයි මට ෆිලෝ මැරුණු දවස කිව්වොත්."
බමර යානය මුදු ලෙස නැවතුම වෙත ළඟා වූයේ ය. මගේ අතකින් අල්ලාගත් අන්ෙද්‍රdaව් පිට වීමේ දොරටුව වෙත මා ඇදගෙන දිව ගියේ හතිය අතරින් කිසිවක් මුමුණමිනි.
විච්ඡේද ශල්‍යාගාරයට යන කාලය පුරා ම අප දෙදෙනා ගෙන් කවරකු හෝ කතා කළේ නැත. මට කිසිවක් මතකයට නො එයි. මායා ගේ උපන් දිනය මට අමතක ය. ෆිලෝ මිය ගිය දිනය ද සිහිපත් කළ නොහැකි ය.
ප්‍රකෘතිමත් ව හිනැහෙමින් සිටි දොස්‌තරකු ප්‍රවේශ ශාලාවේ දී අපට හමු විය. දම් - තැඹිලි පැහැති විශාල ප්ලාස්‌ටික් කුට්‌ටියක් ඔහු ගේ දෑතේ රැඳී තිබිණ. අන්ෙද්‍රdaව් සිය දබරැඟිල්ල තොල් මත තබා නිහඬ වන ලෙස සන් කළ ද, දොස්‌තරට ඒ ගැන වගේ වගක් නො වීය.
"මට දැන් ම සුබපතන්න පුළුවන්... මට දැන්ම ම සුබපතන්න පුළුවන්...." හේ කෑගැසුවේ ය.
"දැන් අපිට දැනගන්න ඉතිරි වෙලා තියෙන්නේ අපේ පෘථිවිවාසියා මැරුණේ කොහොම ද කියන එක විතරයි. අපි දන්නවා දම් පාට මමිය මැරුණේ කොහොම ද කියලා." ඔහු දෑතේ රඳවාගෙන තිබූ ප්ලාස්‌ටික් කැටිය අන්ෙද්‍රdaව් අත තැබී ය. "ලිම්ෆොසාකෝමා. වසාගැටිති පිළිකාවක ආශ්චර්යවත් ප්ලාස්‌ටික් ආකෘතියක්."
මම භීතියෙන් මුසපත් ව පසුපසට විසි වී ගියෙමි.
"මොකද්ද නුඹ කීවේ?"
"එච්චර දෙයක් නෙවි. ඇත්ත වශයෙන් ම මම පුදුම වුණා නුඹේ මේ ප්‍රති - ලෝකෙ ඈයෝ මේ වගේ සරල දේකට වත් ප්‍රතිකාර කරන්න දැනගෙන නො හිටි එක ගැන. එහෙ මිනිස්‌සුන් ගේ මළ කඳන් රේඩියෝ මාර්ගෙන් අපිට එවන්න නම් ඒගොල්ල ඉගෙනගෙන තියෙනවා. ඒත් පිළිකාවකට ප්‍රතිකාර කරන විදිහ ගැන තේරුමක් නැහැ. විලි ලැඡ්ජයි."
ගාම්භීර ලෙස විච්ඡේදනාගාරය තුළට ලැසි ගමනින් ඇවිද යන දොස්‌තර ගේ මුහුණේ රැඳී තිබුණේ උදාරම් සහගත බැල්මකි. මම දෙපා ඔසවාගන්නට හෝ අසමත් වීමි. මායාට කුමක් සිදු වන්නට ඇත් දැයි සිතාගත නොහැකි ව මගේ මනස අවුල් ජාලාවක පැටලී තිබිණ. ලෙනින්ස්‌කි දක්‌වා වූ කිලෝමීටර පන් දහසක දුර මට දැනුණේ මන්දාකිණි අතර දුරක් මෙනි. මගේ හදවත වේදනාවෙන් මිරිකුණේ ය.
"ඈ මැරෙනකොට වයස කීය ද...? මම කිව්වේ මේ මමිය..." අන්ෙද්‍රdaව් ඇසුවේ ය.
"කූගල් කියා වි ඒක ගැන. ඒත් මට තේරුම්ගන්න බැරි දේ තමයි ඇයි ඒ ගොල්ලන්ට මේ කාන්තාව සනීප කරන්න බැරි වුණේ කියල. ඇත්ත තමයි, සමහර වේලාවට මේ නියෝප්ලැසම් අන්තිම මොහොත වෙනකං කිසි ම රෝග ලක්‌ෂණයක් පෙන්නුම් කරන්නේ නැහැ. ගොඩක් වෙලාවට එක ම ලක්‌ෂණය පොඩි ඇඟට අමාරු ගතියක් දැනෙන එක විතරයි. නුඹ දන්නව නේ ඉතින්, දැන් හැදෙන පරම්පරාවේ හැටි. ඒවා පොඩ්ඩක් වත් සැලකිල්ලට ගන්නේ නැහැ නේ. වෛද්‍ය උපදෙස් ප්‍රතිකාර තුට්‌ටුවකට මායිම් කරන්නෙ නැහැ. ඔන්න පේනව නේ එතකොට සිද්ධ වෙන දේවල්...."
දොස්‌තර ගේ කටහඬ මෙගාෆොaනයක් තුළින් ඇසෙන කලෙක මෙන් උස් හා රළු බවක් අත් කරගත්තේ ය.
අපි විච්ඡේදනාගාරය තුළට පිවිසුණෙමු. කිරිගරුඬ මතුපිටක් ඇති මේසයක් අසල වැඩ කබායක් රහිත ව වාඩි වී සිටි තලතුනා මිනිසෙක් සටහන් පොතක කිසියම් ගණනය කිරීමක් සටහන් කරමින් සිටියේ ය.
"කූගල් කොහොම ද නුඹේ ගණන් බැලීම, ඈ කොච්චර කල් ජීවතුන් අතර ඉඳල තියෙනව ද?" දොස්‌තර ඇසුවේ අංගඡේදනය කළ ප්ලාස්‌ටික් අනුරුව පෙන්වමිනි.
"දවස් අට දහස් පන් සිය විසි තුන හමාරක්... අර බාගේ ගැන මට එච්චර විශ්වාස නැහැ." කූගල් කීවේ ගණනය කිරීම නොකඩවා කරගෙන යමිනි.
"ඩොක්‌ටර්," අන්ෙද්‍රdaව් කී ය. "මේ ඉන්නේ ඇගේ සැමියා..." ඔහු මා දොස්‌තර සිටි දිශාවට යන්තමින් තල්ලු කළේ ය.
"කාගෙ සැමිය ද? මෙයා ගේ?" ඔහු ඇසුවේ කපා කොටා තිබූ ප්ලාස්‌ටික් කැබැලි දක්‌වමිනි.
"බොහොම අපූරුයි. දැන් එහෙනම් මෙයාට පුළුවන් අපට කියන්න ඈ හරියට ම මැරුණු දවස. නුඹට මතක ද ඒක?"
ඒ මොහොතේ මා පසු වූයේ ඊට හාත්පසින් ම වෙනස් වූ යමක් ගැන කල්පනා කරමිනි. මට ප්‍රංශ ඉංජිනේරු සුෂී සම්මන්ත්‍රණයේ දී ඉදිරිපත් කළ වාර්තාව සිහිපත් විය. ඔහු එහි සඳහන් කොට තිබුණේ සජීව වස්‌තුවක පරිමාමිතික පිරිවෙළුමක් කළ හැක්‌කේ එය මිය ගිය පසු ව පමණක් බවයි. එසේ ම අභ්‍යවකාශයෙන් මමිය හා ෆsලෝ ගේ උඩුකය පිළිබඳ සංඥා ලැබීම අතර මාස තුනක පරතරයක් තිබු බව ද මට මතක් විය. ෆsලෝ මිය ගියේ මීට මාස තුනකට පෙර ය. ඇතැම් විට හරියට ම මාස තුන සම්පූර්ණ වන දවස අද විය හැකි ද?
දොස්‌තර පැණි වෑහෙන ලලිත ස්‌වරයෙන් පෙර ප්‍රශ්නය ම යළි ඇසුවේ රෝගියකු අමතන්නාක් මෙනි. මම නො දන්නා බව හඟවමින් හිස සැලුවෙමි.
"නුඹට මතක නැහැ? බිරිඳ මිය ගිය දවස නුඹට මතක නැහැ." දොස්‌තර ගේ කටහඩේ වූයේ විස්‌මයට පත් ස්‌වභාවයකි.
කතා කරගැනීමට නොහැකි ව සිටි මා වෙනුවෙන් අන්ෙද්‍රdaව් උත්තර බැන්දේ ය.
"ඈ කීයට වත් මිය ගියා වෙන්න බැහැ. මෙයා රේඩියෝ ටෙලිෆොaන් එකෙන් ඈට කතා කරලා යන්තම් පැය දෙකක් වත් ගියේ නැහැ."
"මිය ගිහින් නැහැ? ඒක වෙන්න බැහැ." දොස්‌තර කීවේ ඒකාන්ත ස්‌වරයෙනි. "අන්ෙද්‍රdaව්, නුඹේ මේ ප්‍රති-ලෝක සිද්ධාන්තය පිළිබඳ මගේ අප්‍රමාණ විශ්වාසයක් තියෙනවා. ඒ හින්දයි ඈ... ඒ කියන්නෙ මොහු ගේ බිරිඳ මැරෙන්න අවශ්‍ය වෙන්නෙ. එහෙම නැති ව අපිට ඔප්පු කරන්ට බැහැ ප්‍රති-ලෝකය වත් අපේ මේ ප්‍රති-නිවුන්නාවත් පවතින බව..." ඔහු දෑස් සිවිලිම දෙසට එසවූයේ ය. "මේ විශ්වය ඇතුළේ."
මම හුස්‌ම හිර වන තරම් කෝපයෙන් වියරු වැටී සිටියෙමි. බලවත් උද්යෝගයෙන් උද්දාම වී සිටි දොස්‌තර වෙත මා ගමන් කළේ තර්ජනාත්මක සතුරු වෙසකිනි.
"කට වහගනින්. නුඹේ ඔය මළ ඉලව් ප්‍රතිලෝකෙ මට තුට්‌ටුවකට වත් වැඩක් නැහැ. ඈ මැරිලා නැහැ. ඈට අසනීප නම් ඉක්‌මනින් ම ප්‍රතිකාර කරන්න ඕන."
අන්ෙද්‍රdaව් මා අල්ලාගත්තේ ය.
"සන්සුන් වෙයන්.. සන්සුන් වෙයන්.. මම මිනිත්තුවෙන් ලෙනින්ස්‌කි සම්බන්ධ කර ගන්නම්."
සිහිනයෙන් ඇවිද යන්නකු සේ මම කටහඬවලට සවන් දෙමින් කොරිඩෝර දිගේ ඇවිද ගියෙමි. වීදි දිගේ පියාසර කළෙමි. සෝපාන දිගේ ඉහළ නැංගෙමි.
"නුඹ මොන තරංග ආයාමයේ ද බිරිඳට කතා කළේ?" කිසිවකු විමසනු මට ඇසිණ.
"මම දන්නෙ නැහැ."
"මොකද්ද නුඹේ ටෙලිෆොaන් නොම්මරේ?"
"මට මතක නැහැ..."
"මොකද්ද නුඹේ නම"
මම එය කීවෙමි.
"මෙතනින් ඉඳගන්න"
මා අසලින් හිඳගත් අන්ෙද්‍රdaව් සිය අත මගේ අත මත තැබී ය.
"දුක් වෙන්න එපා ඒගොල්ල ඉක්‌මනින් ම ඈව සොයා ගනී වි."
මම හිස සැලීමි. ගැඹුරු නිහඬතාවක් කාමරය පුරා අරක්‌ගත්තේ ය. මා ඉදිරිපිට වූ දැවැන්ත අවලම්බ ඔරලෝසුවේ ටිකි හඬ නැඟී ආවේ ය. ලී පීප්පයක් තුළ වූ පාම් ගසක් ද, ඊට දකුණු පසින් බිත්තිය මත වූ ලෙනින් ගේ උඩු කය ප්‍රතිමාවක් ද නො පැහැදිලි පටලයක් තුළින් මෙන් දිස් විය. උඩු කය රුව තනා තිබුණේ රතු කිරිගරුඬවලිනි. ඔරලෝසුව බොහෝ ලැසි ලයෙන් ටිකි හඬ නැඟුවේ ය.
"3 වැනි කුටියට යන්න." එවිට ම කවුදෝ කීවේ ය.
ගල් ගැසුණ කලෙක මෙන් මම එතැන ම හිඳගෙන සිටියෙමි. හැඟීම් නො දැනේ. සිතිවිලි නො ඉපදේ.
"3 වැනි කුටියට යන්න." කට හඬ පුනරුච්ඡාරණය විය.
"ඇතුළට පලයන්. එයාල ලෙනින්ස්‌කි සම්බන්ධ කරගෙන." අන්ෙද්‍රdaව් මගේ කමිස අතින් අදිමින් කීවේ ය.
මම පා එසැවීමි. කුටි අංක තුන... මේ තියෙන්නෙ. එතැන දුරබනු රිසීවරයක් විය. මම එය අතට ගත්තෙමි.
මම එතැන නිහඬ ව ම සිටගෙන සිටියෙමි.
"කතා කරන්න" දුරකථන ක්‍රියාකරු පැවසී ය.
"මායා," මම කෙඳිරීමි.
"හලෝ... හලෝ..?" මට ඇගේ කටහඬ කෙතරම් පැහැදිලි ව ඇසුණේ ද යත් ඈ දුරකථන කුටිය තුළ මා අසල ම සිටින්නාක් සේ දැනිණ.
"මායා." මගේ ම කටහඩ හඳුනාගත නොහැකි ව මම කෑගැසුවෙමි.
"ඒ ඔයා ද වාඩිම්?"
"මායා ඔයා ජීවත් වෙනව නේ ද?"
"මොකක්?"
"ඔයා ජීවත් වෙනව ද?"
"බෙරිහන් දෙන්න එපා අනේ. මට මුකුත් පැහැදිලි නෑ. ඇයි ඔයා රේඩියෝ ටෙලිෆොaන් එකෙන් කතා නො කළේ?"
එකවර මගේ මනස පෑදි දියක් සේ පැහැදුල් විය. කළ යුත්තේ කුමක් දැයි වැටහී ගියේ ය.
"මායා... හොඳින් අහගන්න..." මම ඉතා සෙමෙන් වචන ගොනු කරමින් කතාව ආරම්භ කළෙමි. "ඔයාට සනීප නැහැ... ඔව් හොඳට ම සනීප නැහැ. පුළුවන් ඉක්‌මනට දොස්‌තර ළඟට ගිහින් කියන්න ඔයාට සැකයක් තියනවා කියල ලිම්ෆොaසාකොමා හැදිච්ච බවට. ඉක්‌මනට යන්න මගේ මැණික. මට පොරොන්දු වෙන්න දැන්ම ම යනව කියලා."
මගේ බිරිඳ ගේ සෙල්ලක්‌කාර ප්‍රීතිමත් සිනාව දුරබනුව ඔස්‌සේ ගලා ආවේ ය.
"හරි අමුතුයි නේ මේක" ඈ අවසන කීවා ය. "අපි දෙන්න එක වහලක් යටට වෙලා තාම අවුරුදු හතරක් වත් නැහැ. ඒත් කිලෝමීටර් පන් දාහක් දෙපැත්තේ ඉඳගෙනත් අපි එක ම විදිහට හිතන්න පටන් අරගෙන නේ."
"වහා ම ගිහින් දොස්‌තර හම්බ වෙන්න." මමකෑගැසුවෙමි.
"මම මේ දොස්‌තර ළඟ ඉඳන් තමයි කතා කරන්නේ." ඈ ද පෙරළා කෑගැසුවා ය.
මගේ යටිබඩ දෙසින් අප්‍රසන්න සංවේදනාවක් මතු වී ආවේ ය. ඈ ප්‍රබෝධවත් හඬින් කතා කරගෙන ගියා ය.
"ඔයා දන්නව නේ, ඊයේ මට ඇඟට එච්චර හරි නැති ව තිබුණු බව. නිකම් මහන්සි ගතියකුයි, ඇඟට පණ නැති ගතියකුයි තිබ්බෙ.... ඉතින් අද මම ක්‌ලිනික් එකට ගිහින් හොඳට පරීක්‌ෂාවක් කරගත්ත. ඔයා මොකද හිතන්නේ? ඔන්න මාව එක්‌ස්-රේ කළා ම ඩොක්‌ටර්ට අහු වුණා මගේ බඩ කිට්‌ටුව තියෙන වසා ගැටිත්තක් යන්තම් ඉදිමිලා කියල. ඒ ගමන ඩොක්‌ටර් ඊත්‍රොaව් පණ යනකං මට කෑ ගැහුවා. ඔයා අහගෙන ඉන්න තිබ්බේ එයා ගේ සද්දේ. "ඕගොල්ලෝ මහ ලොකු උගත් කාන්තාවෝ.. ඒ වුණාට පරීක්‌ෂාවකට එන්නේ යලට මහට. දැන් ඉතින් බලමු, ඔයා ගේ වසා ගැටිත්ත සියේට දෙකකින් විශාල වෙලා. කොහොම ද වැඩේ?"
"මම ඒකට කැමතියි මායා..." මම කීවෙමි.
"ඉතින් තව විස්‌තර කියන්න."
"ඉන් පස්‌සේ ඉතින් වැඩේ බොහොම සරලයි... ඒගොල්ල මට ඉන්ජෙක්‌ෂන් එකක් දීල කිව්වා ඊළඟ එකට තව හය මාසෙකින් එන්න කියල. එතකොට ඔක්‌කොම හරි ද කියල සිකුරට ම දැනගන්න පුළුවන් ලු. ෂෝක් නේ ද වැඩේ?"
"හරි ම ෂෝක්" මම කීවෙමි.
"මොකක් ගැන ද ඔයා මේ කනු කුනු ගාන්නෙ? දම් පාට මමියට මොකද වුණේ?"
"ඈ මැරුණා... මම කිව්වේ ඒගොල්ල ඈව කැපුවා. අනික් නිවුන්නු ඔක්‌කොම පහළ තට්‌ටුවේ."
"අන්ෙද්‍රdaව් ගේ කල්පිතයට මොකද වුණේ? එයා ඒක ඔප්පු කළා ද?"
"මම... මම දන්නෙ නැහැ. මම ගෙදර ආවම ඔයාට සේරම විස්‌තර කියන්නම්."
"හරි. ඉක්‌මනට එන්න වස්‌තුවේ. මට ඔයා නැතිව හරි ම පාළුයි."
"මම හෙට ම එනවා."
"මම ඔයා එනකම් බලාගෙන ඉන්නවා. ආයුබෝවන්."
මා කුටියෙන් ඉවතට එන විට කට පුරා සිනාසෙමින් මා වෙත ආ අන්ෙද්‍රdaව් දෑතින් බදා මා වැළඳගෙන ඔහු ගේ පපුවට තද කරගත්තේ ය.
කිසිදු හේතුවකින් තොර ව මම ද කොක්‌සන් සිනාවකින් පුපුරා හැළුණෙමි.
"මොකද්ද ඔච්චර සතුටු වෙන්න කාරණේ?" මම විසුළු සිනාවක් පාමින් ඇසීමි. "මායා ගේ වසා ගැටිත්තේ සුළු ඉදිමීමක් නම් තියෙන්නේ, නුඹේ ප්‍රති-ලෝක සිද්ධාන්තෙ වත්, පෘථිවිය මත ජීවත් වෙන ප්‍රති-නිවුන් මිනිස්‌සු ගැන වත් ඔප්පු කරන්න නුඹට කවදා වත් බැරි වේ වි.
"ඒක එච්චර වැදගත් දෙයක් නෙවි. වැදගත් දේ නුඹේ බිරිඳ ජීවත් වීමත්, සනීපෙන් සිටීමත් විතරයි. මම හරියට වද වුණා...."
"නුඹ ඇත්තට ම විශ්වාස කරනව ද මේ විදිහෙ පෘථිවියේ නොපිට පිටපතක් පවතින බව?" මම ඇසුවේ කාරණය බරපතළ ලෙස ගනිමිනි.
"නුඹත් ඒක විශ්වාස කළා නෙ?" ඔහු කීවේ කපටි ස්‌වරයෙනි. "එහෙම නැත්නම් නුඹ මේ දම් පාට මමියේ ඉරණම ගැන ඔය තරම් හැඟීම් බර ව හිතන්නෙ නැහැ නෙ."
මම ව්‍යාකූල බවින් යුතු ව මඳ සිනා පෑවෙමි. ඒ ගැන යළි සිතා බැලුව හොත් මා මායා ගැන එතරම් බිය වූයේ මන්ද? අජටාකාශයේ සිට රේඩියෝ මඟින් අප වෙත ආ දර්පණ ප්‍රතිබිම්බයත් මගේ බිරිඳත් අතර සර්වසම වූ කිසිවක් වී ද? සැබැවින් ම නැත.
"ප්‍රති-ලෝකයක පැවැත්ම විශ්වාස කරනවා නම් නුඹ තවදුරටත් මේ විශ්වයේ ඈත එපිටින් එන අරුම පුදුම සංඥා විශ්ලේෂණය කරමින් ඉදිරියට යන්න වුවමනායි. බාග විට නුඹ හොයන දේ ඒ විදිහට ම කවදා වත් නො ලැබෙන්නත් පුළුවන්. ඒ වුණත් නුඹට හමු වන දේවල් වැදගත් වෙන්නෙ...."
"මම සෙවීම නවත්තන්නෙ නැහැ." අන්ෙද්‍රdaව් කල්පනා බර ව කී ය. "ඒ වගේ ම වෙන ඈයොත් එහෙම කරා වි. ඒත් මගේ හිතට හොඳට ම වැදුණේ අර මමිය විච්ඡේදනය කරපු දොස්‌තර කිව්ව දේ. නුඹට මතක ද ඒක?"
"ඒ මොකද්ද?"
"පිටසක්‌වළ ඉන්න ඔය මිනිස්‌සු පරිමාමිතික සංඥා නම් එවන්න දන්නව ය, ඒත් ලිම්ෆොaසාකොමාවක් සනීප කරන්න දන්නෙ නෑ කියල..."
"ඉතින් ?"
"අපි එහෙට යවන්න ඕනෑ ලිම්ෆොaසාකොමාවකට ප්‍රතිකාර කරන විදිහ ගැන විස්‌තර. ඒක ඉක්‌මනින් ම කරන්න ඕනෑ. ඒක එයාලට හරි ම වැදගත්..."
"කාට ද? කොහාට ද?"
"දම් පාට මමිය අපිට රේඩියෝ මාර්ගෙන් අපට එවපු මිනිස්‌සුන්ට."
"ඒ වුණාට ඒ සංඥාවලට අපි ගාවට එන්න ආලෝක වර්ෂ මිලියන ගණනක දුරක් ගෙවන්න වුණා නේ?" මම විරෝධය පෑවෙමි.
බැම හකුළාගත් අන්ෙද්‍රdaව් ආඩතාඩේට හිස කැසුවේ ය.
සමාප්තයි.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment