Thursday, April 16, 2020

නිදිගත් සතුරා ගේ පුනරාගමනය




මහාචාර්ය මිල්වර්ඩ් පටු ඇඳේ දනි පනි ගාලා නැගිටලා කෙළින් වුණු පාරට වැටුණු තියුණු ලෝම බිම ගැටුණේ බොහෝ ම සුමුදුවට. මේ වතාවේ නම්, ඔහුට ටක්‌කෙට ම විශ්වාසයි, ඒක හීනයක්‌ නම් නො වන බව. ඔහු ගේ පෙනහඵ කීරි ගාගන ඇදී යන හිම මිදෙන සීතල පිරුණු වා තලය, තවමත් ඒ මහා ගැටුම් නාදයෙන් දෝංකාර දෙන බවකුයි දැනුණේ.

ලෝම ටික තමන් වටා නැවතත් ගොනු කරගන ඔහු කන් දීගෙන උන්නේ ලොකු බලාපොරොත්තුවකින්. නැවතත් සියල්ල ගිලී තිබුණේ දැඩි නිහැඩියාවක ය. බටහිර පැත්තේ පටු කවුඵවලින් ගලා ආ චන්ද්‍රdලෝකය නිමක්‌ නැති ව ගොඩගසා තිබූ පොත් තට්‌ටු මත පතිත වූයේ හරියට ම පොළොව යට සුසානයක කොත් මත රැඳී රග දෙන ආකාරයෙනි. මුඵ ලෝකය ම සහමුලින් ම නිහඬ ය. ඉස්‌සර කාලේ සමහර දවස්‌වලත් නගරය නිහඬ ව තිබෙන්නට ඇති, නමුත් දැන් ඒ නිහඬ බව දෙගුණ වෙලා ය.

තාමත් නිදිමතින් කිරා වැටෙද්දී ම මහාචාර්ය මිල්වර්ඩ් ඇගමැලි කඩලා ඇඳෙන් පැනගෙන, කෝක්‌ කැට අහුරක්‌ අතේ ගෙනයන්න හැකි දිළිසෙන උණුවතුර බෝතලේට දාගත්තා. ඊට පස්‌සේ හිමිහිට ළග ම ඇති ජනේලය දිහාට කිට්‌ටු කළේ, මේ අවුරුදු ගණනාව තිස්‌සේ පණ වගේ ආරක්‌ෂා කරපු පොත් වෝඵම් මත ඉඳහිට ආදරයෙන් අත තියන්න පරක්‌ වෙමිනුයි.

ඔහු දිස්‌නේ ගහන හඳ එළියෙන් ඇස්‌ දෙක ආවරණය කරගන පිටත රාත්‍රිය දිහාට එබී බැලුවා. අහස වලාවෙන් තොර ය, එනිසා ම ඔහුට ඇසුණු හඬ ගෙරැවිලි හඬක්‌ වන්නට නොහැකි ය. එය කුමක්‌ වන්නට හැකි වුව ද, පැමිණුණේ උතුරෙනි. ඉතින්, මෙහෙම ඔහු මෙතැන බලා සිටිය දී ම ඔන්න ඒ හඬ ආපහු.

දුරස්‌ථ බව එය බාල කර මුදු කර තිබුණි. දුරස්‌ථ බවත්, ලන්ඩනය එපිටින් වැතිර තිබූ කඳුවැටි ගොන්නත් විසින් අහස ගොරවන හඬක්‌ මෙන් එය ගුවන් තලය හරහා ඇදී ගියේ නැත. ඒ වෙනුවට ඈත දුර උතුරුකරයේ යම් නිශ්චිත ස්‌ථානයක සිට පැමිණි ලෙසිනි. ඒ හඬ මහාචාර්ය මිල්වර්ඩ් උපන්තේකට අසා නැති කිසි ම හඬක්‌ වාගේ නම් නො වේ. ඉතින් එක්‌ මොහොතකට ඔහු බලාපොරොත්තු ඇති කරගන්නට තරම් දිරිමත් වූයේ ය.

මිනිසාට පමණි, ඔහුට හොඳහැටි විශ්වාස ය, එබඳු හඬක්‌ ඇති කළ හැක්‌කේ. සමහර විට වසර විස්‌සකටත් එහා සිට ශිෂ්ටාචාරයට අයත් මේ ධන නිධාන අතර ඔහුව රඳවා තබන්නට හේතු වූ සිහිනය ඉතා ඉක්‌මනින් ම තවදුරටත් සිහිනයක්‌ ම පමණක්‌ නො වනු ඇත. මිනිස්‌සු ලන්ඩනය වෙත ආපසු හැරී එමිනි. න්‍යෂ්ටික දූවිල්ල පැමිණෙන්නටත් පෙර ඔවුන් සතු ව තිබූ විද්‍යාත්මක දැනුමෙන් තනාගත් උපකරණ මගින් මිදුණු නිම්නය දැදුරු කරමින් ආපසු පැමිණෙමිනි. ඔවුන් ගොඩබිම දෙසින් පැමිණීමත්, උතුරුකරය දෙසින් පැමිණීමත් ටිකක්‌ අමුතුයි වගේ තමා, නමුත් ඔහු තමන් තුළ අලුතෙන් දැල්වුණු බලාපොරොත්තුවේ ගිනිදලුව නිවා දමන්නට සමත් එබඳු සියලු සිතුවිලි බලාත්කාරයෙන් ම වාගේ පසෙකට තල්ලු කර දැම්මේ ය.

අඩි තුන් සියයකට පහළින් අඳුරු සඳඑළියේ නැහැවෙමින් හිමෙන් වැසුණු සුනුවිසුනු වූ නිවාස පියෑසි සාගරයකි. මයිල ගණනාවක්‌ එපිටින් බැටර්ඒෂියා බලශක්‌ති මධ්‍යස්‌ථානයේ උසැති ගොඩනැගිලි අහස යට දිදුළමින් නැගී සිටින්නේ කෙට්‌ටු සුදුපැහැති අවතාර බඳු ව ය. මේ වන විට ශාන්ත පාවුඵ දේවස්‌ථානයේ අර්ධ ගෝලාකාර පියෑස්‌ස මිදුණු හිම බරෙන් කඩා බිඳ වැටිලා ය. හිම පමණක්‌ තනි ව එහි සුපිරි බවට අභියෝග කර තිබේ.

මහාචාර්ය මිල්වර්ඩ් පොත් ගොඩවල් අතරින් ආපසු සෙමින් ඇවිද ගියේ ඔහු ගේ හිතේ ඇඳී තිබූ සැලසුම ගැන නැවත කල්පනා කරමිනි. වසර විස්‌සකට පෙරාතුව ඔහු අවසන් හෙළිකොප්ටරය ද රීජන්ට්‌ පාර්ක්‌ වෙතින් ඉහළට නැගනු බලා උන්නේ ය. ඒවායේ තටු කැරැකුණේ ඇදහැළෙන හිම පියලි මත් ගාන්නාක්‌ සේ කපා හරිමිනි. ඒ මොහොතේත්, ඔහු වටා නිහඬ බව පොදි ගැහෙද්දීත් ඔහුට අදහාගන්නට නොහැකි කාරණය වූයේ මිනිසා උතුරුකරය සදහට ම අත්හැර දමා ඇති බව ය. මේ වන තුරු මුඵ පරම්පරාවක්‌ පුරා ඔහු බලා උන්නේ ය. ඔහු ගේ ජීවිතය ම කැප කළ කාරණාව උදෙසා පොත් අතර රැඳී බලා උන්නේ ය.

ඔය කියන මුල් කාලයේ දිනවල ඔහුට ඉඳහිට අසන්නට ලැබුණේ, දකුණ සමග එක ම සබඳතාව බවට පත් ව තිබූ රේඩියෝව ඔස්‌සේ, දැනට සමතෝෂ්ණ කලාපයක්‌ බවට පත් ව ඇති සමකය අවට ප්‍රදේශ ජනාවාස කරන්නට ගෙන යන අරගලය ගැන ය. ඈත දුර සිදු වූ ඒ සටනේ අවසන් ප්‍රතිඵලය ගැන ඔහු දැන සිටියේ නැත. ඒ වන විටත් මුල් ම හිම කැටි පතිත ව තිබූ මියෑදෙමින් සිටි කැළෑ සහ කාන්තාර සමග මිනිසා සිය අතිශූර දක්‌ෂතාවන් යොදමින් කළ සටන ඔහුට අරුමයකි. සමහර විට එය පරාජය වී තිබෙන්නට හැකි ය. රේඩියෝව දැන් වසර පහළොවක තරමේ සිට ම නිශ්ශබ්ද ව ගොසිනි. එහෙත් දැන් ඉතින් මිනිසුන් සහ යන්ත්‍ර උතුරේ සිට නැවත පැමිණෙන්නේ නම්, නැතිනම් හතරවටින් ම පැමිණියා වුවත්, ඔවුන් පැමිණෙන භූමිභාගයන් ගේ සිට ඔවුන් එකිනෙකා අතර දොඩන හඬ ඔහුට නැවත ඇසීමට හැකි වනු ඇත.

මහාචාර්ය මිල්වර්ඩ් මේ සරසවි ගොඩනැගිල්ල හැර යන්නේ වසරකට කිහිප වතාවකි. ඒත් ඉතා සෘජු ව ම බලපානා අත්‍යවශ්‍ය කාරණාවක්‌ සඳහා ම පමණකි. පසුගිය දශක දෙකක කාලය තුළ දී බ්ලූම්ස්‌බෙරි ප්‍රදේශයේ කඩසාප්පුවලින්, මිනිසා ගේ අන්තිම නික්‌ම යැමේ දී ප්‍රවාහන පහසුකම් නොමැති වීම නිසා අත්හැර දමා ගොස්‌ තිබූ මහා බඩු භාණ්‌ඩ තොගය අතුරින් තමන්ට අවශ්‍ය සියලු ම දේ එක්‌ රැස්‌ කරගන තිබුණි. බොහෝ අතට, ඔහු ගේ ජීවිතය ඇත්තට ම ලස්‌සෙට කොඩි දැමූ එකක්‌ යෑයි කියන්නට හැකි ය. ටක්‌කෙට ම කිසි ම ඉංග්‍රීසි සාහිත්‍ය පිළිබඳ මහාචාර්යවරයෙක්‌, ඔහු දැන් මේ අඳින පළඳින ඔක්‌ස්‌ෆර්ඩ් මාවතේ ඇඳුම් මාළිගාවලින් ලබාගත් වර්ගයේ සුපිරි ඇඳුම් කිසි කලෙකත් ඇන්දේ නැත.

හිරු වලාකුළු රහිත අහසේ බැබළෙමින් උන්නේ ඔහු සිය කරමලු උර මත එල්ලාගෙන මහා ගේට්‌ටු පලු දෙක අගුලු හරිද්දී ය. අවුරුදු දහයකට පමණ පෙර බඩගිනිකාර වියරු බලු රංචුවක්‌ මේ අවට ගැවසුණේ ය. ඒ නිසා ම, අවුරුදු ගණනකින් උන් එකෙක්‌ වත් නො දුටු නමුත්, ඔහු කෝකටත් සූදානම් ශරීරේ කියා, එළිමහනට බසින හැම විට ම රිවෝල්වරය ද රැගෙන යයි.

හිරු රශ්මිය තදින් දිදුල දුන්නෙන්, පරාවර්තනය වූ තද දිස්‌නය ඔහු ගේ දෑස්‌වලට කළේ මහා හිරිහැරයකි. එහෙත් හිරු රැස්‌වල කිසිදු උණුසුමක්‌ දැවැටී තිබුණේ ම නැත.

ග්‍රහ මඬුල්ල මේ වන විටත් පසු කරමින් සිටිනා අන්තරීක්‌ෂ දුහුවිල්ල හිරු ආලෝක කදම්බවල තීව්‍රතාවයේ කැපී පෙනෙන වෙනසක්‌ කර තිබුණත්, එමගින් හිරුගේ සියලු ශක්‌තිය ද ගිලගෙන තිබුණි. ඉතින් හිරු නැවතත් උණුසුම් වන්නේ තවත් වසර දහයකින් ද නැතිනම් දහසකින් ද යන්න ටක්‌කෙට ම කියන්නට කිසිවකුත් දැන උන්නේ නැත. ඒ නිසා ම මිනිස්‌සු 'වසන්තය' කියන වචනය නිකම් ම හිස්‌ විහිඵවක්‌ නො වන භූමි භාගයන් සොයා දකුණු දිසාවට සංක්‍රමණය වූ හ.

මෑතකාලීන දේශගුණික විපරියාස ඇති කළේ තදබල අසීරුතාවන් ය. මහාචාර්ය මිල්වර්ඩ් හට ටොටෙන් හැම් උසාවි පාරේ ඇවිද යන්නටත් සිදු වූයේ අපහසුවෙනි. සමහර අවස්‌ථාවල දී ඔහුට සිදු වුණේ හිම ගොඩැලි මත ගාට ගාටා යන්නට ය. එක්‌ අවුරුද්දක හිමපතනය ඔහු ගේ කොන්ක්‍රීට්‌ නැරැඹුම් කුලුන මත අවසන් මාස නවය පුරා ඔහු සිරගත කර තැබුවේ ය.

ඔහු හිම බරෙන් පීඩිත ව මාරාන්තික ලෙස අයිස්‌ කූරු එල්ලී තිබූ නිවාස පන්ති අසලින් ඉවත් ව උතුරු දිසාවට යාර සියයක්‌ පැමිණ ඇවිද ගියේ තමන් සොයා ආ කඩය හමු වන තුරු ය. කැඩී බිඳී ගිය ජනෙල් වීදුරුවට ඉහළින් තිබූ වචන තවමත් පැහැදිලිව දිදුළමිනි. 'තෝමස්‌, ජෙන්කිනිස්‌ සහ පුත්‍රයෝ, රේඩියෝ සහ ඉලැක්‌ටි්‍රකල් වැඩ. රූපවාහිනියට විශේෂඥයෝ ය.'

සමහර හිම පදාස වහලේ කැඩීබිඳී ගිය තැන්වලින් ඇතුළට පා වී අවුදිනි. එහෙත් අවුරුදු ගණනාවකට පෙර අන්තිම වරට ඔහු මෙතැනට පැමිණි විට තිබූ ලෙසට ම උඩුමහලේ කාමරයේ කිසිදු වෙනසක්‌ සිදු වී නො තිබුණි. කෙටි තරංග ගුවන් විදුලිය තිබූ හැටියට තවමත් මේසය මත ය. තැන තැන විසිර ගිය හිස්‌ කෑම ටින් අවසන් බලාපොරොත්තුවත් මියෑදෙන්නට පෙර ඔහු මෙහි ගත කළ අතීත හුදෙකලා හෝරාවන් පිළිබඳ සුමිතුරු මතක කොඳුරන්නාක්‌ බඳු ය. ඔහු සිතන්නට වූයේ, තමන් නැවතත් ඒ දුෂ්කර ව්‍යායාමයේ යෙදිය යුතු ද යන්න ය.

මහාචාර්ය මිල්වර්ඩ් රැහැන් රහිත ගුවන් විදුලිය පිළිබඳව දැන් ඔහු දන්නා සියලු දේ ඔහුට කියා දුන් '1955 ආධුනිකයන් ගේ ගුවන් විදුලි අත්පොත' මත තිබූ හිමකැටි පිසදැමුවේ ය. රේඩියෝ මාපක යන්ත්‍ර සහ බැටරි ආදිය කලකට පෙර අඩක්‌ අමතකව අතහැර දැමූ තැන්වල ම ය. ඔහුට මහත් සහනයක්‌ ලබා දෙමින් සමහර බැටරි තුළ තාමත් ඒවා තුළ බලය රඳවාගන තිබුණි. ඔහු ලට්‌ට ලොට්‌ට ගොඩ අතපත ගෑවේ හොඳ විදුලිබල සබඳතාවක්‌ ගොඩනැෙගන තුරු ය. ඔහුට හැකි උපරිම අයුරින් ගුවන්විදුලි යන්ත්‍රය ද පරීක්‌ෂා කළේ ය. ඉතින් දැන් ඔහු සූදානම් ය.

රේඩියෝ නිෂ්පාදකයාට ඔවුනට ලැබිය යුතු ම වූ පැසැසුම් සහතිකයක්‌ යවන්නට නොහැකි වීම ගැන ඔහුට කණගාටු ය. ස්‌පීකරය තුළින් නැගුණ සිහින් සර සර නාදය, දැන් සිහිනයක්‌ බඳු ව අතුරුදන් ව ගොස්‌ ඇති ලෝකයේ දී ඔහුට නිකම් ම ලැබී තිබුණු සියලු සැප සම්පත් සමග බී.බී.සී යේ 9 වැනි පැයේ ප්‍රවෘත්ති සහ සංගීත වැඩසටහන් පිළිබඳ මතකය නැවත කැඳවාගන ආවේ ය. අසීරුවෙන් පාලනය කරගත් මහා ඉවසීමකින් යුතු ඔහු එකිනෙක චැනලය සුසර කළේ ය. එහෙත් සැම තැනක ම තිබුණේ අසීරුවෙන් නැෙගන එක ම නාදයකින් යුතු සර සරය ම පමණි. එය කලකිරීමට කරුණකි. එහෙත් තවදුරටත් නො වේ. ඔහු ගේ මතකයට ආවේ රේඩියෝ තරංග විකාශනය නියමිත පරිදි සිදු වන්නේ රාත්‍රියේ දී බව ය. ඒ කාලය වන තුරු ඔහුට අවට කඩමණ්‌ඩිවල ගැවැසි තමන්ට ඕනෑ කරන අඩුම කුඩුම මොන මොනවා හරි සොයාගන්නට හැකි ය.

ඔහු නැවත කුඩා කුටිය වෙත එළැඹෙන විට ගොම්මන ළඟා වෙලා ය. ඔහු ගේ හිසට සැතැපුම් සිය ගණනක්‌ ඉහළින් නිදහස්‌ ඉලෙක්‌ට්‍රෝන සහිත වායුගෝලයේ ඈත ම ඈත ඇති හෙපීසයිඩ් ස්‌තරය හිරු බැස යැමෙන් පසු ඈත දුර තාරකා දක්‌වා ම විහිදී පැතිර තිබුණි. අනාදිමත් කාලයක සිට එය සිදු කළාක්‌ මෙන්ම මිනිසා තමන් ගේ වුවමනාවන් උදෙසා, තමන් ගේ ද්වේෂය සහ සාමය පිළිබඳ පණිවුඩ බෙදාහැරීමට, පුංචි පුංචි අනම්මනම් කතා බහ සමඟ අමරණීය බවට පත් වූ සංගීතය බෙදාගැනීමට, ශතවර්ෂයකට ආසන්න කාලයක සිට එය යොදාගන්නට පෙර එය සිදු කළාක්‌ මෙන්ම මේ සැඳෑවේ දී ද හිරු බැස ගිය පසු විශ්වයට දොර හැර දුන්නේ ය. හෙමින්, ඉතා ම ඉවසීමකින් යුතු ව, මහාචාර්ය මිල්වර්ඩ් පරම්පරා ගණනාවකට ඉහත කාලයේ මෝර්ස්‌ සංඥාවන් ගේ ටක-ටකයෙන් සහ මිනිසුන් ගේ විවිධ චරෝ බරෝ දෙඩවිලි හඬින් එක ම කන් කරච්චලයක්‌ බවට පත් ව තිබූ ඉපැරැණි තරංග මාලා එකිනෙක අල්ලාගන්නට තැත් කළේ ය. ඉතින් ඔහු එසේ සෙමින් සෙමින් සවන් දෙමින් සිටිනා අතරතුර දී තමන් තුළ කුළුගැන්වුණු සියුම් බලාපොරොත්තුව ද කෙමෙන් කෙමෙන් වියෑකී යන්නට විය. වරෙක අර සියුම් ඊතරය කන්කරච්චලයක්‌ බවට පත් කළ නගර නිහඬ ව ගොසිනි. ලෝකයේ අඩකට ඈතින් ඉඳහිට නැගී ඇදී එන කුණාටුවක ජරබර නාදය පමණක්‌ ඉඳහිට නොවෙනස්‌ ව තිබූ නිහැඬියාව බිඳ දැමුවේ ය. මිනිසා ඔහු ගේ අලුත් ම උත්සාහය ද අත්හැර දමලා ය.




මැදියම් රැය ගෙවී ගිය වහා ම බැටරිවල ශක්‌තිය ද වියෑකී ගයේ ය. මහාචාර්ය මිල්වර්ඩ් තුළ තවදුරටත් ඒ ගැන සොයා බලන්නට හිතක්‌ තිබුණේ නැත. ඒ නිසා ම ඔහු තමන් වටා ලෝම දැවැටුම හොඳින් පොරවාගන සැප පහසු නැති නින්දකට වැටුණේ ය.

ඔහු නැවත විශ්ව විද්‍යාල ගොඩනැගිල්ල දෙසට හැරී එන විටත් උණුසුම රහිත හිරු සුදු පැහැති තනිමංසල පුරා ආලෝක දහරා වගුරවා තිබුණි.

ඔහු සිටියේ හොඳහැටි හෙම්බත් ව ය. ලැබුණු සුළු නින්දටත් තමන් ගලවාගනු ලැබීම පිළිබඳ සොඳුරු චින්තාවලීන් ගෙන් බාධා පැමිණ තිබූ හෙයිනි.

අන්න එවිට ම, අවට පැතිර තිබූ මළ නිහැඬියාව මැද එක්‌වර ම මහා ගිගුරුම් හඬක්‌ ඈතින් ඇදී ආවේ හිම මිදුණු ධවල පියෑසි දෙදරවා ලමිනි. එය පැමිණියේ - මෙවර නම් කිසිදු සැකයක්‌ නොමැති ව ම කලකට පෙර ලන්ඩනයේ මහා ක්‍රීඩාංගනය බවට පත් ව තිබූ උතුරුකරයේ කඳු වැටිවලටත් එපිටිනි. දෙපස වූ ගොඩනැගිලි මුදුනින් පුළුල් මාර්ගය මතට ඇද වැටුණේ සුධාධවල හිම දහරාවකි. ඉන්පසු, නැවතත් නිහඬතාව පැමිණියේ ය.

මහාචාර්ය මිල්වර්ඩ් ගල්ගැසී සිටගෙන උන්නේ සිතිවිලි කිරා බලමින්, සමාලෝචනය කරමින් සහ විශ්ලේෂණයක යෙදෙමිනි. සාමාන්‍ය ගිගුරුම් හඬක්‌ සේ ඇසෙන්නට මේ හඬ ඉතා ඈත දුරක සිට ඇදී ආවා විය යුතු ය. නැතිනම්, ඔහු නැවතත් සිහින දකිනවා වත් ද? එය ඈතින් ඇසුණු පරමාණු බෝම්බයක හඬට වැඩි දෙයක්‌ නො වන්නටත් හැකි ය. වරකට ටොන් මිලියන ගණනක්‌ හිමකඳු ගිනි තබා පුපුරවා හරිමින් මරණය වෙනුවට ජීවිතය ගෙන එන පරමාණු බෝම්බයක හඬක්‌ විය හැකි ය. ඔහු ගේ බලාපොරොත්තුව නැවත කුළුගැන්වී නැගී එන්නට විය. එහෙයින් ම රාත්‍රියේ පැන නැගුණු දුක්‌ඛ දෝමනස්‌සයන් කෙමෙන් වියෑකී යන්නට වූයේ ය.

හිටි අඩියේ තාවකාලිකව සිදු කළ ඒ නැවැතීම තව පොඩ්ඩෙන් ඔහු ගේ ජීවිතය ද අහිමි කරන්නට තිබුණි. පැත්තක තිබූ පටු පාරක්‌ වෙතින් හදිසියේ ම ඔහු ගේ නෙත් මානයට ආවේ සුවිශාල ධවල යමකි. එක්‌ මොහොතකට ඔහු ගේ සිත තමන් දැක්‌ක දේ පිළිබඳ ඇත්ත විශ්වාස කිරීමට අකැමැති විය. සිහිපත නැවත එද්දී ඔහු උන්නේ රිවෝල්වරය ඇදගන්නට කඩිමුඩියේ නිශ්ඵල ලෙස අතපතගාමිනි. වශීකරණයකට ලක්‌ කරන්නාක්‌ මෙන් හිස ඒ පැත්තට මේ පැත්තට වනමින් සර්පාකාර දඟර ගමනක යෙදෙමින්, හිම ඔස්‌සේ ඔහු දෙසට බර අඩි තබමින් එමින් සිටියේ යෝධ ධ්‍රැව වලසෙකි.

සන්තක ව තිබූ සියල්ල අතහැර දැමූ ඔහු කඩිමුඩියේ හිමේ එරෙමින් දිවැ ගියේ ළඟ ම තිබූ ගොඩනැගිල්ල වෙත ය. දෙවි පිහිටෙන්, බිම් මහල් දොරටුව තිබුණේ අඩි පහළොවක්‌ එපිටිනි. යකඩ දැල් ගේට්‌ටුව වසා දමලා ය. එහෙත් වසර ගණනාවකට පෙර එහි අගුල කැඩූ බව ඔහු ගේ මතකයේ රැඳී තිබුණි. පිටුපස හැරී බලන්නට ඇති වූ පෙලැඹුම ඉවැසිය නොහැකි තරම් වුණේ ඔහු පසුපස ලුහුබඳින්නා ඒ වන විට කෙතරම් කිට්‌ටු කර ඇති දැයි කිව හැකි කිසිදු හාවක්‌ හූවක්‌ එදෙසින් නො නැඟුණු හෙයිනි.

එක්‌ ත්‍රාසජනක මොහොතක්‌ තුළ දී යකඩ දැල ඔහු ගේ අවසඟ ඇඟිලිවල බලපෑමට විරෝධය දැක්‌වී ය. ඉන්පසු එය අකැමැත්තෙන් මෙන් මහා හඬක්‌ නගමින් මඳක්‌ විවර වූ අතර ඔහු පටු විවරය ඔස්‌සේ තදබද වී ඇතුළට පැනගත්තේ ය.

එක්‌වර ම ඔහු සිත තුළට කඩා වැදුණේ තැනට නො ගැළපෙන ළමා වියේ මතකයකි. ඒ, කූඩුවේ කම්බි දැල මත සිය සිරුර නො සැලකිල්ලෙන් මෙන් ඒ මේ අත වනමින් වියරු වී සිටිනු ඔහු දුටු ඇලි දිවියකු පිළිබඳ මතකයයි. උගේ දක්‌නට ලැබුණේත් දැන් මේ යකඩ දැල පසුපසට වී කේන්තියෙන් හිස ඔසවමින් එහි බාධාව මැඩ එය මතට නැගගන්නට තැත් දරනා මිනිසකු මෙන් දෙගුණයක්‌ උසැති මේ යක්‌ෂයා ගේ මුහුණේ වූ සර්පාකාර පරුෂ පෙනුම ම ය. යකඩ දැල මඳක්‌ වාංගු වූ නමුදු පීඩනය හේතුවෙන් නැමී ගියේ නැත. ඉතින්, වලසා බිමට පැන්නේ හීන් ගෙරැවිල්ලක්‌ පිට කරමිනි. ඉන්පසු ඌ සෙමින් පිය නගා ඈතට නික්‌ම ගියේ ය. ඌ බිම ඇද වැටී තිබූ කරමල්ල වරක්‌ දෙවරක්‌ ඒ මේ අත විසි කර දැම්මේ හිම මත ආහාර ටින් කිහිපයක්‌ විසුරුවා දමමිනි. ඉන්පසු ඌ පැමිණියාක්‌ මෙන්ම අතුරුදන්ව ගියේ හැල හොල්මනක්‌ නැති ව ය.

මහත් සේ තැතිගැනුණු මහාචාර්ය මිල්වර්ඩ් එක්‌ ආරක්‌ෂක මුවාවකින් තවත් තැනකට හැල්මේ කෙටිදුර දිවැ යමින් විශ්වවිද්‍යාල ගොඩනැගිල්ල කරා ළඟා වූයේ තෙපැයකට පසුව ය. අන්තිමේ දී, මේ අවුරුදු ගණනාවට පසු ඔහු තවදුරටත් මේ නගරයේ සිටින්නේ තට්‌ට තනිය ම නො වේ. ඔහු කල්පනා කළේ මෙහි තවත් අමුත්තන් පැමිණ ඇති දැයි කියා ය. ඒ රාත්‍රිය ගෙවෙන්නට පෙර ඔහුට පිළිතුරු ලැබුණි. පහන් කළුව වැටෙන්නට ඔන්න මෙන්න කියා තිබිය දී ඔහුට හයිඩ්පාර්ක්‌ දිසාවෙන් පැහැදිලිව ම හඳුනාගත හැකි පරිදි ඇසුණේ වෘකයකු ගේ හැමකි.

සතිය අවසානයට ළඟා වන විට උතුරේ සිටි සතුන් ගමන් කිරීම අරඹා ඇති බව ඔහු තේරුම්ගත්තේ ය. වරෙක ඔහු දුටුවේ පිනි මුවකු දකුණ දිග බලා පලා යන අන්දම ය. වෘක රංචුවක්‌ සද්ද බද්ද නැති ව ඌ ලුහුබැඳ ගිය හ. ඇතැම් විට රාත්‍රී කාලයෙහි දී ඔහු සවන් වැකුණේ මාරාන්තික පොරයක හඬ ය. උතුරු ධ්‍රැවයත් ලන්ඩයත් අතර පැතිර තිබූ සුධාධවල හිම වනාන්තරය තුළ ඒ තරම් වනජීවීන් සංඛ්‍යාවක්‌ දිවි ගැටගසාගන්නට සමත් ව තිබීම ගැන ඔහු විමතියට පත් විය. දැන් යම්කිසි දෙයක්‌ උන් සැවොම බිය කර දකුණු දෙසට පන්නා දමමින් සිටියි. මේ අවබෝධය ඔහු තුළ මතු කළේ තැති ගැනෙනසුලු ප්‍රමෝදයකි. මිනිසාට ආරක්‌ෂාව සපයන කිසියම් දෙයකින් මේ භය නැති සතුන් ඉවතට පලා යා වි යෑයි ඔහු කොහෙත් ම විශ්වාස කළේ නැත.

බලා ඉඳිල්ල නිසා ම ඇති වූ පීඩාව මහාචාර්ය මිල්වර්ඩ් ගේ මනසට බලපෑම් කරමින් තිබුණි. ඔහු සිය ලෝම තදින් පොරවාගෙන සීතල ඉරඑළිය යටට වී පැය ගණන් සිතන්නට වූයේ තමන් ගලවාගන්නට කණ්‌ඩායමක්‌ පැමිණීම ගැන ය. ඒ සඳහා මිනිසුන් කොයි දෙසින් ලන්ඩනයට ළඟා වේ දැයි ඔහු සිතන්නට විය. සමහර විට ගවේෂණ කණ්‌ඩායමක්‌ උතුරු අමෙරිකාවේ සිට ඇට්‌ලාන්ටික්‌ ඔස්‌සේ පැමිණියා විය හැකි ය. එසේ නම් එයට වසර ගණනාවක්‌ ගත වන්නට හැකි ය. ඒත්, ඔවුන් ඒ තරම් ඈත උතුරුකරයේ සිට එන්නේ මොන කෙංගෙඩියකට ද? ඔහු ගේ ප්‍රියතම තර්කය වූයේ අත්ලාන්තික්‌ හිම තට්‌ටුව බර බද්දල් සහිත තදබද ගමනකට තුනී වැඩි බව ය. ඒ හැරත් එය දකුණේ සිට එනවාට වඩා දිග දුරකි.

එක දෙයක්‌ ගැන කෙසේ හෝ ඔහුට සෑහීමකට පත් විය හැකි හේතුවක්‌ දැක්‌වීමට නොහැක්‌කේ ය. ගුවන් මගින් සෝදිසි කිරීමක්‌ සිදු වුණේ නැත්තේ ඇයි ද යන්න ගැන ය. ගුවනින් යැමේ ශිල්ප කලාව මේ තරම් සුළු කාලයක දී මිනිසාට අමතක ව ගියෑයි සිතීම ඉතා ම අසීරු ය.

ඉඳහිට ඔහු පොත් කඳු අතර සරන්නේ එතැන මෙතැන වූ හොඳින් ආදරය කළ පොත් වෙළුම් වෙත කොඳුරමිනි. වසර ගණනකින් හෝ විවෘත කරන්නට තරම් වත් ඔහු නිර්භීත නො වූ පොත් මෙහි තිබේ. ඒවා ඔහුට අතීතය පිළිබඳ හද සසල කරවන මතක අවදි කරවන්නේ ය. ඒත් දැන්, දවස්‌ වඩාත් ප්‍රභාවත් ව, දිරිමත් ව වැඩෙන්නට ගත් විට ඉඳහිට ඒ කාලයේ ඔහු ගේ සිත්ගත් කවි වෙළුමක්‌ තෝරාගන නැවත කියවනු ඇත. ඊළඟට ඔහු උසැති ජනෙල් කවුළුව වෙත ගොස්‌ මහ හඬින් මේ ඉන්ද්‍රජාලික වචන මොර ගසන්නේ හරියට ඒ මගින් ලෝකය සිර කරගෙන වෙළා ඇති මායා දැහැන බිඳී යතැයි සිතන්නාක්‌ මෙනි.

දැන් මෙහි උණුසුම් ය. හරියට ම, මිය ගිය වසන්තයේ අවතාර මේබිම ගොදුරු කර සැරිසරන්නට නැවත හැරී ආ ලෙසකි. මේ මුළු කාලය තුළ දී උෂ්ණත්වය හිමි මිදෙන මට්‌ටමින් ඉහළට නැංවිලා ය. ඒ අතර බොහෝ තැන්වල හිම අතරින් මල් කිනිති හිස ඔසොවලා ය. උතුරේ සිට එන්නේ කුමක්‌ වුවත් එය ඉතා ළං වී තිබේ. දවසකට කිහිප වතාවක්‌ ම අර හිතාගත නොහැකි ඝෝර නාදය නගරය ගුගුරවා ඇදී යන්නේ දහස්‌ ගණනක්‌ පියෑසි මත වූ හිමබිම පතිත කරවමිනි. ඒ සමග අමුතු පොඩි කර දමන්නාක්‌ බඳු අතුරු හඬක්‌ ද වූ අතර මහාචාර්ය මිල්වර්ඩ් එය තේරුම්ගත්තේ අසුබ බාධාවක්‌ ලෙස ය. සමහර වේලාවන්ට එය හරියට ම මහා සේනාවන් දෙකක්‌ අතර ගැටුමකට සවන් දී සිටින්නාක්‌ මෙනි. එබඳු සමහර වේලාවන්ට ඔහු තුළ නැගී එන ත්‍රාසජනක වියරු අදහස්‌ නැවත සිත හැර යන්නේ ම නැති තරම් ය. නිරන්තරයෙන් ම ඔහු මහ රැයේ ගැස්‌සී හනික අවදි වන්නේ තමන් මහා කඳුවැටි මුහුද දෙසට ගමන් ගන්නා හඬ අසන බව සිතමිනි.

වසන්තය කෙමෙන් ගෙවී යද්දී ඈත සටන් පෙරමුණක බඳු ව නැගී ආ හඬ කෙමෙන් කෙමෙන් ළං වන්නට විය. මහාචාර්ය මිල්වර්ඩ් උන්නේ අපේක්‌ෂාව සහ භීතිය අතර එකෙල මෙකෙල වෙමිනි. ඒ නමුත් ඔහුට තවදුරටත් වෘකයන් හෝ වළසුන් හෝ දක්‌නට ලැබුණේ නැත. ඔවුන් සියල්ලෝ ම දකුණ බලා පලාගිය ලෙසකි. ඒ වුවත් ඔහු තමන් ගේ මේ බළකොටුව හැර යැමේ අවදානම ගන්නට කැමැති වුණේ නැත. සෑම උදෑසනක ම ඔහු ඉහළින් ම වූ ජනේලය අසලට ගොස්‌ දුර බලන කණ්‌ණාඩියකින් උතුරුකරය දිසාව හොඳින් පිරික්‌සන නමුත් ඔහු හැම විට ම දුටුවේ හැමිස්‌ටීඩ්වලට ඉහළින් එක ලෙසට ම ඉතිරි පැතිර තිබූ හිරු රශ්මිය හා සටන් වැදෙන මහා හිම තලයයි.

ඔහු ගේ සෝදිසිය මේ කෙටි වසන්තයේ අවසන් දිනය සමග නිමා වූයේ ය. රාත්‍රියේ ඇහෙන මහා ඇඹරුම් ගිගුරුම් හඬ වෙන කවදාටත් වඩා ඉතා ළං වී තිබුණි. එහෙත් එයට නගරයේ සිට ඇති දුර ගැන සිතාගන්නට සුළු ඉඟියක්‌ වත් තවම ලැබුණේ නැත. පටු ජනේලය වෙත නැගී උතුරු දෙසට සිය ප්‍රිස්‌ම දෙනෙතිය යොමු කරනා විට දීත් මේ ගැන කිසිදු පූර්ව අනතුරු සංඥාවක්‌ ඔහු තුළ පහළ වී තිබුණේ නැත.

තර්ජනයට ලක්‌ වූ බළකොටුවක සිට පරීක්‌ෂාවෙන් බලන්නකු හට ඉදිරියට එන සතුරු හමුදාවේ පෙරමුණ ගන්නවුන් ගේ හෙලි තුඩු හිරු රැස්‌ වැදී දිදුළන අයුරු පෙනී යන්නට ඕනෑ ය. ඉතින්, අන්න එලෙස, ඒ මොහොතේ මහාචාර්ය මිල්වර්ඩ් ඇත්ත වටහාගත්තේ ය. වාතය සුපිරිසුදු ය. කඳු ශිඛර සීතල නිල් අහස්‌ ගැබ පසුබිමේ තියුණු ව බැබළෙමින් ය. ඒවායේ තිබූ සියලු ම හිම දිය වී ගොසිනි. නිරුවත් ව ය. නැවත වරක්‌ ඔහු ඒ ගැන උද්දාමයට පත් වුවත් දැන් එයින් කිසිදු ඵලක්‌ නැත.

පසුගිය දිගු රාත්‍රීන් පුරා ඔහුට අමතක ව ගොස්‌ තිබූ නිහඬ සතුරා ඔහු ගේ සියලු අපේක්‌ෂාවන් බිඳ දමා අවසන් ප්‍රහාරයට නැවතත් සීරුවෙනි. ගිලී ගිය කඳු පර්වත මුදුන් අතරින් නැෙගන මාරාන්තික ප්‍රභාවය දුටුමනින් ම, මහාචාර්ය මිල්වර්ඩ් මාස ගණනක සිට ඉදිරියට පැමිණෙමින් තිබූ බව ඔහු අසා තිබූ ඒ ගොරබිරම් හඬ කුමක්‌ දැයි හොඳින් ම වටහාගත්තේ ය. ඒ ඔහු සිත තුළ මැවුණු සිහිනයක වූ විස්‌මිතයකි. කඳුවැටි ඉදිරියට ගමන් කරමින් සිටියි.

උතුරුකරයෙන් පිටතට, ඔවුන් ගේ පෞරාණික උපන් බිමේ සිට වරෙක තමන් සතු ව තිබූ භූමිය නැවත අත්පත් කරගැනීම උදෙසා, හිමකඳු නැවත පැමිණ තිබේ.

නිමි

(ආතර් සී. ක්‌ලාක්‌ ගේ The Forgotten Enemy විද්‍යා ප්‍රබන්ධ කතාවෙහි සිංහල පරිවර්තනයකි. මෙය සුගත් පී. තුලතුංගආරච්චි ගේ පරිවර්තන විද්‍යා ප්‍රබන්ධ කතා එකතුවක්‌ වන 'පිනෝකියෝ ගේ ජංජාලය සහ විශිෂ්ට විද්‍යා ප්‍රබන්ධ කතා' කෘතියෙහි අන්තර්ගත කතාවකි.)
( විදුසර පුවත්පතේ වෙබ් අඩවියෙන් උපුටාගත්තකි)








No comments:

Post a Comment