පරිණාමයේදී මානව පෙනුම කාලෙන් කාලට වෙනස් වෙනවා. මෙය තව ඉදිරියටත් සිද්ධ වේවි. තව අවුරුදු 100000කින් මානවයාගෙ පෙනුම කොයි වගේ වෙයිද?
අනාගතවාදී පර්යේෂකයන් වන Nickolay Lamm හා Dr.Alan kwan විසින් මේ පිළිබඳ යම් උපකල්පනයන් ඉදිරිපත් කරල තියෙනවා.
ඔවුන් පවසන පරිදි අනාගතයේදි මිනිසුන්ගේ කළල වල ගෙනෝමය අපිට අවශ්‍ය ආකාරයට වෙනස් කර ගන්න පුළුවන් වේවි. ඒ අනුව අපිට අවශ්‍ය ආකාරයට අපේ ශරීරය හැඩගස්වා ගන්නට හැකිවේවි.
තවද , විශාල මොළයකට ඉඩ දීමට අපේ හිස් කබල තරමක් විශාල වේවි.
අනාගතයේ දී වෙනත් ග්‍රහලෝක වල ( විශේෂයෙන්ම සූර්යයා ගෙන් ඈත) ජනාවාස ඇති කිරීම හේතුවෙන් එම අවම ආලෝක තත්ත්ව නිසා වැඩි ආලෝකයක් ඇතුළු කර ගැනීමට අපේ ඇස් විශාල වෙවි.
එවැනි ලෝකවල ඕසෝන් ස්ථරයක් නොමැති වීම නිසා ඇතිවන UV වගේ අහිතකර කිරණ වලට මුහුණ දීමට අපේ සමේ වර්ණක ප්‍රමාණය වැඩිවේවි. එමෙන්ම අපේ ඇහිබැම විශාල වේවි. ( මේ වනවිටත් අභ්‍යවකාශගාමීන්ගේ කොස්මික් කිරණ වලට නිරාවරණය වීම නිසා මේ මූලික ලක්ෂණ පෙන්වා තිබෙනවා)
ශරීරයේ ශක්ති අවශ්‍යතාව වැඩි වෙන්න වෙන්න සෛලීය ශ්වසනයට අවශ්‍ය ඔක්සිජන් වැඩිපුර ලබා ගන්නට අපේ නාස් විවර විශාල වේවි.
අපි ගන්නා ආහාර වෙනුවට ආහාර අනුපූරක කෑම වේලට එකතු වේවි. ඒනිසාම මුඛයේ විශාල දත් ක්‍රමයෙන් ක්ෂය වෙලා යාවි.ඒ වගේම මුඛයේ විශාලත්වය ක්‍රමයෙන් අඩු වේවි.
අනාගත මිනිසා අද අපි දකින කෙනාට වඩා සහමුළින්ම වෙනස් ජීවියෙක්....
No comments:
Post a Comment