ක්‍රීඩාව මානව ඉතිහාසයේ සිටම තම විවේකිවේලාව ගත කිරීමට මිනිසා යොදාගත් එක් උපක්‍රමයක් ලෙස හඳුන්වන්නට පුළුවන්. හුදෙක් විනෝදාස්වාදය පමණක් නොව විවිධ සමාජ කුසලතා වර්ධනය කර ගැනීමට , ව්‍යායාමයක් ලෙසද එය යොදාගත හැකියි.
මෙම ලිපියෙන් අපි අනාගතයේ , විශේෂයෙන්ම අභ්‍යවකාශ යුගයේ ක්‍රීඩාවල විය හැකි වෙනස්කම් සාකච්ඡා කරමු.
අතීතයේ සිට ක්‍රීඩා ලෙස හැඳින්වූ බොහොමයක් එදිනෙදා ක්‍රියාකාරකම් වල දිගුවක් වුණා. උදාහරණ ලෙස කඩු සටන්, දුන්නෙන් විදීම, සතුන් යොදාගත් ධාවන තරඟ දැක්විය හැකියි.
විශේෂයෙන්ම මේවා එදිනෙදා මුහුණ දෙන අභියෝග වෙනවා. එබැවින් බොහොවිට එකල එන අභියෝග වැනි දේට අනුරූප ක්‍රීඩා බහුල වේ.අභ්‍යවකාශ ජීවිතය යනු දිනපතාම නව අභියෝග වලට මුහුණදීමට සිදුවන ජීවිතයක්. අභ්‍යවකාශයේ ප්‍රධානතම අභියෝගය ජීවත්වීමයි. එබැවින් විශේෂයෙන්ම survival හෝ combat ,ගණයේ ක්‍රීඩා අනාගතයේ බහුල වේවි.
ඒ වගේම විනෝදාස්වාදය උදෙසාම නිර්මාණය වූ ක්‍රීඩා අද දක්නට ලැබෙනවා මෙන්ම අනාගතයේදිත් දක්නට ලැබේවි.
ඒ ඒ සමාජ මට්ටම්වලට, සංස්කෘතීන්ට ,රටවල් වලට අනන්‍ය වූ විවිධ ක්‍රීඩා දකින්න පුළුවන්. ඒ වගේම ක්‍රීඩා සිදුකරන පරිසරය ලෙසද වර්ගකරන්න පුළුවන්.විද්‍යාව හා තාක්ෂණයේ දියුණුවත් එක්ක අනාගතයේදි මිනිසාට පෘථිවියෙන් එපිට අභ්‍යවකාශය තුළ තම ආධිපත්‍යය පතුරවන්න හැකියාව ලැබේවි. අද අප විද්‍යා ප්‍රබන්ධ වල කියවන ආකාරයේ අභ්‍යවකාශ ජනපද අනාගතයේදි සාමාන්‍ය අංගයක් වෙවි. අනාගත ජනපදවල විවිධ ජාතීන් , ආගම් ,සංස්කෘතීන් වලට අයත් මිනිසුන් අයත් වුවත් ඔවුන් සියළු දෙනාම කාලයත් සමඟ ඔවුන් එකම ජාතියක් බවට පත්වේවි. ඒ අනුව ඔවුන් ඔවුනටම අනන්‍ය වූ සංස්කෘතියක් ගොඩ නඟා ගනීවි.
මෙසේ ඇති කරගනු ලබන නව ක්‍රීඩා සංස්කෘතිය තුළ අද අප දකින ක්‍රීඩා නම් දක්නට ලැබෙනු ඇත්තේ ඉතා අඩුවෙන්.
අද අප දකින ක්‍රිකට් , වොලිබෝල් වැනි ක්‍රීඩා සාමාන්‍ය අයුරින් සිදුකිරීමට හැකියාවක් නම් අභ්‍යවකාශය තුළ නොලැබේවි. ඒ අනුව ඔවුන්ටම අනන්‍ය වූ ක්‍රීඩා අලුතින් ඇතිවේවි.
ඒවගේම විවිධ ග්‍රහලෝකවල ජනාවාස අරඹන මිනිසුන් ඒවාටම අනන්‍ය වූ සංස්කෘතියක් ගොඩ නඟා ගනීවි. ඒ අනුව ග්‍රහලෝකයෙන් ග්‍රහලෝකයට ජනපදයෙන් ජනපදයට ඒවාටම අනන්‍ය වූ ක්‍රීඩා සංකල්ප ඇතිවේවි.
ක්‍රීඩාවට අමතරව තම විනෝදාස්වාදය සදහා ද එලෙසින්ම නව උපක්‍රම යොදා ගනීවි.උදා :- space tourism
අභ්‍යවකාශයේ සිදුකළ ප්‍රථම ක්‍රීඩා ව බැඩ්මින්ටන් ලෙසයි සඳහන් වෙන්නෙ. ඒ වගේම හඳේ ක්‍රීඩාකළ ප්‍රථම ක්‍රීඩාව ගොල්ෆ්
අභ්‍යවකාශයට ක්‍රීඩා අවශ්‍ය ඇයි?
අභ්‍යවකාශ තරණය පහසු කාරණයක් නොවේ. ඒ සඳහා මනා ශාරීරික සෞඛ්‍ය යක් මෙන්ම මානසික මට්ටමද ඉහළ මට්ටමක තබා ගතයුතුයි. එසේ ඇතිවන මානසික පීඩනය සමනය කර ගැනීමට ක්‍රීඩාව ඉවහල් වෙනවාට සැකයක් නෑ.
ඒ වගේම අනාගත අභ්‍යවකාශ ජනාවාස වල ජීවත් වන ජනතාවට එය අලුත් අත්දැකීමක් , අළුත් අභියෝගයක් වේවි. මෙසේ දිනපතා නව අභියෝග වලට මුහුණ දෙමින් අභ්‍යවකාශයේ ජීවත් වීම පෘථිවියේ ජීවත් වීම තරම් පහසු කාරණයක් නොවේ. විශේෂයෙන්ම ශුන්‍ය ගුරුත්වය නිසා විවිධ ශාරීරික ආබාධ වලට නතු වීම වලක්වා ගැනීමට ව්‍යායාම අත්‍යාවශ්‍ය කාරණයක්. ඉතින් ව්‍යයාම වලදී ඇවිදීමේ යන්ත්‍රයක දුවනවට වඩා ක්‍රීඩාවක් කිරීමට පෙළඹවීම වැඩියි. මේ මොහොතේත් ISS හිදී මෙවැනි විවිධ ක්‍රීඩා පිළිබඳ පරීක්ෂණ සිදුවෙනවා.
ඒ කෙසේ වෙතත් විනෝදාස්වාදය උදෙසා ක්‍රිඩා කිරීම මිනිස් සමාජය හා බද්ධව පවතිනවා. එය අභ්‍යවකාශයට පමණක් වෙනස් නොවේවි.
මොනවගේ වෙනස්කම් ඇතිවෙයිද?
රොබෝ තාක්ෂණය දියුණුවත් සමඟ මානවරූපි රොබෝවරු යොදාගෙන සිදුකරන ක්‍රීඩා අනාගතයේදී ජනප්‍රිය අංගයන් වේවි.
උදා-- රොබෝ වරු සහභාගි වන පාපන්දු තරඟ, fighting , races
එම රොබෝවරු දුරස්ථව පාලනය කරමින් සිදුකරන ක්‍රීඩා වර්තමානයේ පරිගණක ක්‍රීඩා වෙනුවට ආදේශ වේවි.
මේ සඳහා VR තාක්ෂණයත් ඉතා ඉහළින්ම දායකවේවි.
නවතම ක්‍රිඩා වලට අමතරව අද පවතින ක්‍රීඩා සාමාන්‍ය ලෙස සිදුකරන්න නොහැකිවේවි.ඒවා එකලට ගැළපෙන පරිදි යාවත්කාලීන විය යුතුයි.
ශුන්‍ය ගුරුත්ව තත්ත්ව වලදී වොලිබෝල්, පාපන්දු , ක්‍රිකට් ක්‍රීඩා ගැන සිතාබලන්න. මේ සඳහා යම් බලාපොරොත්තුවක් හෝ තබා ගත හැක්කේ කෘත්‍රිම ලෙස ගුරුත්වාකර්ෂණය ඇතිකළ හැකි ජනපද වල පමණයි.
නමුත් ජිම්නාස්ටික් වැනි ක්‍රීඩා ශුන්‍ය ගුරුත්වයද යොදාගනිමින් නවතම ආකාරයකට සිදුකරන්නට හැකිවේවි.
විවිධ ග්‍රහලෝකවල පවතින එකිනෙකට වෙනස් භූ විෂමතා විවිධ ක්‍රීඩා වලට පදනම් වේවි.උදාහරණයක් ලෙස අඩු ගුරුත්වයක් සහිත ග්‍රහලෝකවල කදු නැඟීම් ආදිය පහසු වේවි. පෘථිවියේ මෙන් නොව ඉතා උස කදු පහසුවෙන් නැගීමට හැකිවේවි
එමෙන්ම හිම ක්‍රීඩා සඳහා සදා හිමෙන් පිරි ග්‍රහලෝක , ජලක්‍රීඩා සඳහා විවිධාකාර ගංගා ඇළ දොළ පිහිටි ග්‍රහලෝක අනාගතයේදි හමුවේවි.
මෝටර් රථ ධාවන තරඟ / රෝවර් ධාවන තරඟ ( ඩකා මෝටර් සවාරිය , ප්‍රංශ පාපැදි සවාරිය වැනි තරගාවලි ) විවිධ ග්‍රහලෝක වල විවිධ පරිසර පද්ධති යොදාගනිමින් පවත්වන්නට හැකිවේවි.
Hand gliding,Suicidal drops.,Bungee diving
Sky divingවැනි විනෝදාත්මක adventure ගණයේ ක්‍රීඩා වලට නව මුහුණුවරක් ලැබේවි. මෙතෙක් කල් උස කඳු මුදුන්වල ආශ්රිත ව සිදුකල මේවා අනාගතයේදි අභ්‍යවකාශයේ සිට, සිදුකරන්නට හැකිවේවි (Felix Baumgartner 2012 වසරේදී අපරිවර්තී ගෝලයේ සිට Sky diving සිදුකර ඇත) එහිදී වායුගෝල රහිත ග්‍රහලෝක යොදාගැනීමෙන් වායුගෝලය ඝර්ෂණය නිසා ඇතිවන ගිනි ගැනීම් වැනි දේ අවම කරගන්නට හැකිවේවි.
VR තාක්ෂණය දියුණුවෙන් සාම්ප්‍රදායික ක්‍රීඩා ද , නිවසේ සිට ඕනෑම ග්‍රහලෝකයක් අත්දැකීමක් ලබා ගැනීමට ද හැකියාවක් ලැබේවි.
අන්තර් ග්‍රහලෝක අතර අභ්‍යවකාශ යානා තරග, අන්තර් ග්‍රහලෝක ඔලිම්පික් තරඟ ආදි වචන එකල සාමාන්‍ය මාතෘකා වේවි.
කාලයත් සමඟ අපි ආසා කරන Quidditch වැනි ක්‍රීඩා ද සැබෑවේවි.
අභියෝග
ශුන්‍ය ගුරුත්වය හෝ අඩු ගුරුත්වාකර්ෂණ බලය ක්‍රීඩා ව සඳහා ප්‍රධානතම අභියෝගය වේවි. පෘථිවියට වඩා අඩු ගුරුත්වාකර්ෂණ බලයක් ඇති ග්‍රහලෝකයක වොලිබෝල් තරඟයක් ගැන සිතන්න. සාමාන්‍ය පහරකින් පන්දුව කොතරම් ඉහළ නගීවිද?
ක්‍රිකට්, එල්ලේ , බේස්බෝල් වැනි ක්‍රීඩා වලදීද මෙම ගැටළුවම ඇතිවේවි.
ඒ වගේම ආශ්වාසය සඳහා සුදුසු වායුගෝලයක් නොමැති ග්‍රහලෝක වල අභ්‍යවකාශ ඇඳුමින් ක්‍රීඩා කිරීම, ශ්වසන ආධාරක පැලදීම සාම්ප්‍රදායික ක්‍රීඩා වලට තවත් අභියෝගයක් වේවි.
තාක්ෂණයේ දියුණුව ක්‍රීඩා වලට තවත් බලපෑම් ඇතිකළ හැකි කාරණයක්. තරඟ
වංචා ආදිය නව තාක්ෂණයත් සමඟ තවත් සූක්ෂම වේවි.
උදාහරණයකට ක්‍රිකට් තරඟයක් ගැන සිතමු. පිතිකරු පළඳින විශේෂ අක්ෂි කාචයක් මඟින් පන්දුවේ වේගය, දෝලනය , පතිත වන ස්ථානය හඳුනා ගැනීමට හැකිවේවි. එමෙන්ම පන්දු රකින්නන් ස්ථාන ගත කිරීමද ඒ ආකාරයෙන් ම සිදුකරන්නට හැකිවේවි.
තහනම් උත්තේජක භාවිතයත් එය හඳුනා ගැනීම තවත් සංකීර්ණ වේවි.
වෘත්තීයමය ක්‍රීඩකයන් තම සෞඛ්‍ය තත්වය, හැකියාවන් කෘත්‍රිම ව වර්ධනය
කර ගැනීම තවත් එක් ඍණාත්මක පෙළඹවීමක් වේවි.
අනාගතයේදි ක්‍රීඩා ක්ෂේත්රයේ සිඳුවිය හැකි වෙනස්කම් මේ යැයි නිශ්චිතවම කියන්න නොහැකියි. මීට වඩා වෙනස් අපි නොහිතන දේ සිඳුවේවි.
ඉතින් ඔබට හිතන දේත් පහළින් කියාගෙන යමු .....
No comments:
Post a Comment